(රොමේෂ් මධුෂංඛ)
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජනතා පෙරමුණ සමඟ තනිව සාකච්ජා කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තම පක්ෂයට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව දෙමළ ජනතා පෙරමුණේ නායක උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පැවසීය.
උතුරේ දෙමළ දේශපාලන පක්ෂ විසින් උතුරු නැගෙනහිර දේශපාලන ගැටලුව වෙනුවෙන් විසඳුම් ඉල්ලා යෝජනාවලියක් ජනාධිපති අපේක්ෂකයින් වෙත ලබාදීමට පියවර ගෙන ඇති අවස්ථාවක අදාළ සියලු පක්ෂ එක්ව සාකච්ඡාවක් සිදුකරන්නේ නම් පමණක් තම පක්ෂය ද එක්වන බවට එක්සත් ජාතික පක්ෂ නායකයාට දැනුම් දුන් බවද සී.වී.විග්නේශ්වරන් මහතා කීය.
කණ්ඩායමක් වශයෙන් දෙමළ දේශපාලන පක්ෂ පහක් එකාබද්ධව එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් හට කරුණු 13 ක් ඇතුළත් යෝජනාවලියක් සකස් කර ඇති අතර ජනාධිපතිවරණයේ දී සහය දීම සම්බන්ධයෙන් එම කණ්ඩායම සමඟ පමණක් සාකච්ජා කිරිමට තම පක්ෂය බලාපොරොත්තු වන බවද විග්නේශ්වරන් මහතා පැවසීය.
විග්නේශ්වරන් මහතා වැඩිදුරටත් පැවසුවේ දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලැබෙන යෝජනාවලිය වෙනුවෙන් එකඟතාවය ප්‍රකාශ කරන අපේක්ෂකයා වෙනුවෙන් පමණක් දෙමළ ජනතාව මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දය දෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.
යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ මැදිහත්වීම මත සිදුකළ සාකච්ජාවකින් පසුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා, දෙමළ ජනතා පෙරමුණේ නායක සි.වි.විග්නේශ්වරන්, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන්, ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර හා ප්ලෝට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්වරුන් විසින් යාපනය විශ්වවිද්‍යාල සිසුන් ඉදිරිපත් කළ කොන්දේසි 13 කින් යුතු යෝජනාවලිය වෙනුවෙන් සාමුහික කැමැත්ත පළ කරමින් අදාළ යෝජනාවලිය වෙනුවෙන් පසුගියදා අත්සන් කිරීම සිදුකෙරිණි.
COMMENTS
මොකද්ද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ... ඇයි හැමෝම එකතුවෙලා එකට ජීවත් වෙන්න බැරි? අර කෑල්ල මට ඕනෙ... මේක මට ඕනෙ කියකියා ඉන්නවා. දෙමළ අය හැමෝම එහෙමද කල්පනා කරන්නේ..? නැත්නම් මේ අය විතරක්ද?
කලයුත්තේ ප්‍රදාන පක්ෂ දෙකම මෙම යෝජනා ප්‍රතික්ෂේප කිරීමයි.
මෑතකාලයේ ඉතාම අන්තවාදීව කටයුතු කළ මෙයත් එක්ක මොන ගනුදෙනුද?
රනිල්, සුහන්තිරම් දෙන්නා එකතුවෙලා දෙමළ ජනතාව රවට්ටලා ඔවුන්ගේ ඡන්ද ටික මංකොල්ල කාලා සජිත් දිනවන වැඩපිළිවල මේ සැරේ අවුල් වෙන්න වගේ යන්නේ...
රටේ කරුමෙකට මේ එකමුතුකම මහා ජාතියට නැහැනේ...!
රටේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට නම් ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකයන් මෙම යෝජනා ප්‍රතික්ෂේප කළයුතුයි.
හරි මොකද්ද ඉල්ලන්නේ? අපිටත් බලන්න ඉදිරිපත් කලොත් ජනතාව හැටියට ඒවා සාධාරණද කියල බලන්න පුළුවන්
මොහු කියන්නෙත් සටකපටි බැවින් මුවූන්ගේ කිසියම් හෝ තීරණයක් තිබේද... එය මිනිසුන්ගේ සමගියට , දියුණුවට, රටේ දියුණුවට නම් නොවන බව ඉරහද මෙන් විස්වාසය....
රංග මුළු රටම ඔබ සමග. රටේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට නම් ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකයන් මෙම යෝජනා ප්‍රතික්ෂේප කළ යුතුයි.
රට ගැන සිතලා මේ අයව හරි මගට ගෙනයා හැකි නිර්භීත අපේක්ෂකයාට ඡන්දය දෙන්න.
මේක ජාත්‍යන්තර ගුණ්ඩුවක්. මේ අය බලන්නේ ඡන්දයට පසුව පිටරට අය ගෙනැවිත් පොරොන්දු ඉටු කරවු කියන්න...
බොහෝ අදහස් දක්වන බොහෝ අයවලුන් කියන්නේ දෙමල මුස්ලිම් පක්ෂ එක්ක කතා කරන අය දේශ ද්‍රෝහියෝ කියලා. එතකොට ඒ මිනිස්සු ශ්‍රී ලාංකිකයෝ නොවේද? ජනපති තෝරන්න ඕනේ රටේ හැමදෙනාගේම ඡන්දයෙන් මිසක් බොරු බණ දෙසන අයගේ ඡන්දයෙන් විතරක් නොවේ. සජිත් වේවා, ගෝඨා වේවා රට කරන්න යනවා නම් හැමදෙනාගේම ජනපති මිස කට්ටියකගේ නායකයා නොවිය යුතුයි. රට කඩන්න හදන්නේ මෙහෙම කියන අයවලුන්...
හාමු විසින් තමන්ගේ අපේක්ෂකයා පරද්දන්න කරන වැඩ දැක්කහම හිනාත් යනවා. පක්ෂ නායකකමට මෙහෙමත් පෙරේතකමක්....
මේ වගේ භයානක බෙදුම්වාදී හෙවනැලි නිසා තමයි රටට ගෝඨා වැනි ඍජු නායකත්වයක් අවශ්‍ය කරන්නේ. රනිල් බලයේ ඉන්නවා කියන්නේ ඉල්ලන්නත් කලින් දීලා. මේ පාර බේරුනේ මෛත්‍රීපාලත් පැත්තක හිටි නිසා...
ඔය එකෙක්වත් බලයට එන්ඩ හදන්නෙ රටට ආදරේ කට නෙවෙයි. තියෙන බලතන්හාවට. බලය ගන්නකම් කෙරුවෙ ජනතාව ගොනාට අන්දවපු එක. පහුගිය ආණ්ඩුව කාලේ පවුල් පාලනේ කරපු හරියත් අපි නොදන්නවා නෙවෙයි .
යෝජනා මාලාව උතුරේ ඡන්ද වලක්වන්න මහින්දලා එක්ක කරන විග්නේශ්වරන්ගේ ගේමක්. මහින්දලා දන්නවා උතුරේ ඡන්ද ටික වලක්වා ගත්තොත් කෙලින්ම ගොඩ කියල.
දැන් මේ පින්තුරේ කොයි එක්කෙනාද විග්නේශ්වරන් කියන්නේ? දන්නැති හින්දයි අහන්නේ...? ඇඳුම් පැළඳුම් ඔක්කොම එහෙම එකවගේ හින්දා මට ටිකක් පැටලිලා...
මෙයාලට කෑලි කෑලි ඕනෑ නම් ඉන්දියාවෙන් ඉල්ල ගන්න තමයි වෙන්නේ...
මෙහි අදහස් ප්‍රකාශ කර ඇති බොහෝ දෙනෙකු නියම යථාර්තය කුමක්ද කියා නොදැන අදහස් ප්‍රකාශ කර තිබේ.
අනේ අපිටත් ඔබල වගේ නායකයෝ සිටියානම් අපි කොතරම් වාසනාවන්තද ?
ලියනගේ මහත්තයා අපිට කියලා දෙන්නකෝ එහෙනං, හිතේ තියාගෙන ඉන්නෙ නැතුව !
අවාසනාවකට වගේ මේ රටේ ඉන්න මිනිස්සු මොන ජාතියේ වුනත් ඔවුන් ලාංකිකයෝ, හැබයි ඔවුන් දිහා මේ රටේ බහු ජාතිය අද වෙනකන් බැලුවේ දෙමළ හා මුස්ලිම්, මේකේ ප්‍රතිපලයේ වාසි විඳින්නෙ දේශපාලුවෝ, කාලෙන් කාලෙට ආර්ථිකයත් කාගෙන මැරෙන්නේ මිනිස්සු. මේ රටේ ප්‍රතිශතයක් විදිහට බැලුවොත් මිනිස්සු මෝඩයි, නැතිනම් දැන දැන හොරු, මංකොල්ලකාරයෝ, පාර්ලිමේන්තුවට යවලා දුක් විඳීද
මේ අයගේ යෝජනා බල්ලට දාලා කෙලින් වැඩ කරන්න ගෝඨාභය එනවා. මේක එක නීතියක් තියෙන රටක් ඒ වගේම දැන් හරි පිළිවෙලට කරන්න ඕන වෙලාව.
මහා පක්ෂ දෙකේම අපේක්ෂකයෝ දෙන්න ඔය ඉල්ලීම් වලට එකඟ නොවී සිටිය යුතුය , ලංකාවේ සිටින්නේ ද්‍රවිඩ ජාතිකයෝ පමණක් නොවේ , සිංහල , මුස්ලිම් , බර්ගර් ජාතිකයනුත් ලංකාවේ ජිවත් වෙනවා , ආණ්ඩු ක්‍රම ව්‍යාවස්තාවට අනුව රටේ සියලු ප්‍රදේශයකම සියලන්න්ටම එක සමාන අයිතිවාසිකම් තිබෙන්න ඕනේ. ඔය බෙදුම් වාදී මානසිකත්වයෙන් මිදී තම ප්‍රදේශවල ජිවත් වන ජනතාවගේ දියුණුවට කටයුතු කිරීමට ද්‍රවිඩ නායකයන් හිතට ගන්න ඕනේ ? මේක අකමැති ද්‍රවිඩ ජාතිකයන් ඉන්නවනම් තමිල්නාඩුවට ගිහින් පදිංචි වෙන්න.
මේ අයගේ දුවල පුතාල සිංහල දෙමළ කසාද කරගන්න කොට එක හොදි, මේ අහිංසක මිනිසුට ජාතිවාදය වපුරන්නේ , අපේ ප්‍රදාන පක්ෂ 2 ම මේ අයගේ ඉල්ලීම් විසිකරන්න, අහිංසක මිනිසුන්ට සලකන්න ඒ ඇති.
මෙතන අදහස් දක්වලා තියෙන ගොඩක් සහෝදරවරුන් ඔය යෝජනාවලිය කියවලා බලලාද යෝජනා ප්‍රතික්ෂේප කරන්න කියන්නේ ? මෙන්න මෙකයි අපේ ප්‍රශ්නේ තමන් ඉතන, තමන් විසින් මවා ගත්ත දේ විස්තරය හරි අනිත් මිනිසුන්ට ඇහුම්කන් දෙන්නත් කැමති නෑ.
බොහොම රහසිගතව ජාතිවාදය ඉදිරියටම ගෙනගිය විග්නේශ්වරන් කොළඹට වෙලා සෑහෙන කාලයක් එල්ටීටීඊය සමග කටයුතු කළා. ඒ බව වාසුදේව දන්නවා ඇති. ඒ වගේම සිංහලයන් පෙන්නන්න බැරි එකෙක් එක්ක මොන සාකච්ඡාද?
මේ ප්‍රශ්න විසඳන්න නම් ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම පුරවැසියන්ට සමාන ලෙස සැලකිය යුතුයි. එක එක ජනකොටසට වෙනවෙන නීති නොපැනවිය යුතුය. එක එක පළාත්වලටද විශේෂ නීති අවශ්‍ය නැත. යම්කිසි පුද්ගලයෙකුට හෝ ජනකොට්ඨාශයකට ඔහුගේ ජාතිය, ආගම නිසා යම්කිසි අසාධාරණයක් වෙනවා නම් පැමිණිලි කිරීමට කාර්යාලයක් හැම දිස්ත්‍රික්කයකම ආරම්භ කළ යුතුය. ජාතින් භේද කරන්න කටයුතු කරන පුද්ගලයින්ව ඉක්මනින් හිරගෙට යවන්න කටයුතු කළ යුතුය.