වසන්ත චන්ද්‍රපාල
ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ පාලන ගොඩනැගිල්ල අත්පත් කරගෙන විරෝධයක යෙදී සිටි සිසුන් 15දෙනා අක්කරපත්තුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිය.
තාක්ෂණ පීඨයේ සිසුන් සිව් දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම සහ සිසුන් 21 දෙනෙකුගේ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා මෙම සිසුන් පරිපාලන ගොඩැනැගිල්ල තුළ දවස් 11 රැදී සිටි අතර මේ හේතුව නිසා එහි පරිපාලන කටයුතු මුළුමනින්ම අඩාල විය.
අද (25) පෙරවරුවේ විශ්වවිද්‍යාලයේ අනධ්‍යන කාර්යය මණ්ඩලයේ පිරිසක් මෙම සිසුන්ට පහරදීමට සූදානම් වු බව සිසුහු පවසති.
මෙම ස්ථානයේ ගැටුම් සහගත තත්වයක් නිර්මාණය වෙමින් තිබූ අතර පසුව අක්කරපත්තුව පොලිස් නිලධාරීන් අද පෙරවරුවේ විශ්වවිද්‍යාලයට පැමිණ එය සමථයකට පත් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් මේ සියලු දෙනාගේම ශිෂ්‍ය භාවය අහෝසි කල යුතුයි. එය මේ රටේ තරුණ ශිෂ්‍ය පරපුරට කරන කරන විශාල සේවයක්.
මේ අය අග්නිදිග ඉන්න අකමැති නම්, නිරිත දිගට යවන්න බැරිද?
මෝඩ අදහස් දාන්න කලින් සිද්දිය ගැන විපරම් කර බලන්න !!