( +++ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මුල්ලේරියාව, අංගොඩ ප්‍රදේශයේ වගුරුබිම් දෙකක් පාතාල කල්ලියක් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන වකිණීම සඳහා ගොඩකරමින් සිටියදී කැලණිය කොට්ඨාස හා අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් එම ස්ථානය වටලා වගුරුබිම් යළි අත්පත්කරගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ (02) පැවසීය.
පාතාල නායකයකු බවට සැලකෙන අංගොඩ ලොක්කා නමැත්තාගේ ගෝලබාලයන් බව කියන පිරිසක් විසින් මෙම වගුරුබිම් දෙක ගොඩකරමින් සිටින බවට ලැබුණු තොරතුරක් මත බස්නාහිර පළාත උතුරු කොට්ඨාස බාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් හා මෙහෙයවීම යටතේ අංගොඩ ප්‍රදේශයට ගොස් මෙම වැටලීම කර ඇත.
වැටලීම සිදුකරන අවස්ථාව වනවිට අංගොඩ ප්‍රදේශයේ එක් වගුරුබිම් ප්‍රදේශයක් අක්කර 3 1/2ක පමණ ප්‍රමාණයක්ද එම ප්‍රදේශයේ තවත් වගුරුබිමක් අක්කර 3ක පමණ ප්‍රමාණයද ගොඩකර තිබිණි යැයි පොලිසිය කියයි.
වගුරුබිම් දෙක ගොඩකිරීම සඳහා යොදාගත් බව කියන විශාල ප්‍රමාණයේ යන්ත්‍ර දෙකක්ද පොලිස් බාරයට ගෙන තිබේ.
පොලිස් කණ්ඩායම වැටලිම සිදුකරන අවස්ථාවේ එම පාතාල සාමාජිකයන් බව කියන පිරිස එම ස්ථානවල නොසිටි අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ පවත්වාගෙන යන බවද එම නිලධාරියා කීය.
පාතාල ලෝකයේ නායකයකු බව කියන අංගොඩ ලොක්කා නැමැත්තා ඉන්දියාවට පළාගොස් වසර කිපයක සිට එම රටේ වෙසෙන අතර ඔහු එරටේ සිට සිය පාතාල සාමාජිකයන් යොදවා වගුරු බිම් බලහත්කාරයෙන් අත්පත්කරගෙන ඒවා ගොඩකරන බවට තොරතුරු හෙළිවී ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
මෙසේ බලහත්කාරයෙන් අත්පත් කරගෙන ගොඩකරන වගුරුබිම් පාතාල පිරිස් විසින්ම කොටස්කර පාතාල පිරිස් විසින්ම විකිණුන බවටද තොරතුරුද පොලිසියට ලැබී අති බව පැවසේ.
වගුරුබිම් ගොඩකිරීම හේතුවෙන් වර්ෂා කලවලදී වතුර බැසයාම නිසි පරිදි සිදුනොවන බැවින් එම ප්‍රදේශ ගංවතුරට යටවන බව පොලිසියට පෙනීගොස් ඇතැයි කියති.
බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ බස්නාහිර පළාත උතුරු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ විශේෂ උපදෙස් යටතේ කැලණිය කොට්ඨාසය බාර පොලිස් අධිකාරි රොෂාන් ඩයස් සහ කැලණිය සහකාර පොලිස් අධිකාරි චන්දන ලියනගේ යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ලින්ටන් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්‍ෂක සමීර මංජුල කුලසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම් සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අක්කර තුනක් වගේ ඉඩමක් එක දවසෙන් ගොඩ වෙන්නේ නැහැ. දේශපාලන හයියක් නැතිව ඔය වැඩේ කොහොමවත් වෙන්නේ නැහැ.
අංගොඩ ලොක්කව උසස් තනතුරක් දීලා උපදේශකයෙක් වශයෙන් පත් කළොත් නරකද? ඉන්දියාවේ ඉඳලත් මේ තරම් දෙයක් කරන්න පුළුවන් නම් ලංකාවේ පදිංචිවෙලාම ඉන්න අපේ ඇමතිලට බැරිද මේ වගේ කාර්යක්ෂමව වැඩකරන්න? අර පාතාල කණ්ඩායමත් බඳවාගන්න පුළුවන් ඕන නම්, ප්‍රාදේශීය මට්ටමින්.
මොවුන්ගේ නීති විරෝධී කටයුතු අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ. නමුත් මේ අයට අපේ සමහර මැති අැමතිවරුන්ට වඩා වැඩකරවාගැනීමේ හැකියාවක් තිබෙන බව පේනවා. මේ හැකියාවන් රටේ යහපතට යෙදුවනම් කොපමණ හොඳද?
ඔය වගේම තමයි දිවුලපිටියෙත් කරන පරිසර විනාශය අද වෙනකොට පස් කපන්න කඳු 278 ක් බිමටම සමතලා කරලා අද ගම්පහ භූගත ජලය පානිය ජල ප්‍රශ්නය තදින්ම දියුණු රටක නම් ජනතාව මේවට නිසි පියවර අරන් අපේ රටේ ජනතාවට මේවගේ අවබෝධයක් නැතිකම නිසා විනාශ මුඛයට ආපුවහම තමයි දෙස් දොවොල් තියන්නේ. ඕකේ ප්‍රධානම විත්තිකාරයා දන්නා පරිසර වටිනාකමක් නැහැ. ඔය කාරණාව නිසා 45 ක් මරලා තියෙනවා. දැනට කෝ පරීක්ෂණ ? ඔන්න රටේ තත්වය. ගෝඨාභය ආවා කියලා වෙනසක් නම් පෙන්න නැහැ. රටේ සෞභාග්‍යය ඕක තමයි.
අක්කර 3ක් ගොඩ කරනකම් දන්නෙම නැද්ද... සාමාන්‍ය මනුස්සයෙක් පස් තාච්චියක් ගෙනිහින් දැම්මානම් පහුවෙනිදම කූඩුවේ..