IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අංගොඩ ලොක්කාගේ මව - සොයුරිය ඩී.එන්.ඒ සාම්පල දෙති

(ඉන්දිකා  රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මෙරට සංවිධානාත්මක අපරාධ කරුවෙකු ව සිට ඉන්දියාවේ දී මිය ගිය බව කියන අංගොඩ ලොක්කාගේ මරණය නිසැක වශයෙන් ම  තහවුරු කර ගැනීම සඳහා  ඔහුගේ මවගේ සහ සොහොයුරියගේ ඩී .එන්.ඒ සාම්පල ලබා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

ඉන්දියාව විසින් මෙරට ජාත්‍යන්තර පොලිස් ඒකකයට කර තිබූ දැනුම්දීමකට අනුව ඔහුගේ මව සහ සොහොයුරිය රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කර මෙම  සාම්පල් ලබා ගත් බව ද හෙතෙම කීය.

කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයකට අනුව  මෙම සාම්පල ලබා ගැනීම සිදුකර තිබිණි.

මෙම වාර්තා ලැබුණු පසු ඒවා කඩිනමින් ම ඉන්දියාව වෙත යොමු කරන බවත් ඒ අනුව පරීක්ෂණ පවත්වා අංගොඩ ලොක්කා නොමැත්තා නිසැකයෙන්ම මියගිය බවට තහවුරු කරගත හැකි බවද අජිත් රෝහණ මහතා කීය.

කළුතර එතැන මඩළ ප්‍රදේශයේ දී බඳනා  දී බන්ධනාගාර බස් රථයකට  වෙඩි ප්‍රහාරයක් එල්ල කර ප්‍රති විරුද්ධ පාතාල කල්ලි සාමාජිකයෙකු වූ සමයං ඇතුළු පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු අංගොඩ ලොක්කා ඉන්දියාවට පලාගොස් තිබිණි.

වසර කිහිපයක් පුරා ඉන්දියාවේ සැඟව සිටි අංගොඩ ලොක්කා නැමැත්තා එහිදී ඇති වූ හදිසි රෝගයකින් අනතුරුව මිය ගිය බවට එරට මාධ්‍ය වාර්තා කර තිබිණි .



අදහස් (0)

අංගොඩ ලොක්කාගේ මව - සොයුරිය ඩී.එන්.ඒ සාම්පල දෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 531 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site