IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


අක්බාර් නගරයෙන් අත්අඩංගුවට ගත් 17 න් 5 ක් රිමාන්ඩ්

(කවිතා සුබසිංහ) 

එඩේරමුල්ල අක්බාර් නගරය ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 17 දෙනෙකුගෙන් පස් දෙනෙකු 06 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර එක් සැකකරුවෙකු රැඳවුම් නියෝග මත දින 7ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මහර මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (02) නියම කළේය.

මොහොමඩ් අජ්මීර්, අබුබකර් සල්වා, මොහොමඩ් භාෂීර්, තුවාන් පෂ්මාරා සහ අබ්දුල් රෂාක් නැමති මුස්ලිම් ජාතිකයන් පස් දෙනෙකු මෙලෙස රිමාන්ඩ් ගත වූ අතර සලාවුඩීන් හුසේන් යන අය රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියම විය.

ඉකුත් 01 වැනි දා කඩවත පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ගුවන් හමුදාව එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බවත් එහිදී සලාවුඩීන් හුසේන් නැමත්තා භාරයේ තිබී ජංගම දුකරථනයක් සහ ලැප්ටොප් යන්ත්‍රයක් සොයා ගත් බවත් එම උපකරණ පරීක්ෂා කිරීමේ දී ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් යන අයගේ දේශන ඇතුළත් ඡායාරූප සහ විවිධ වැඩටහන් ඇතුළත් වී ඇති බවත් අනාවරණය වූ බව කඩවත පොලිසිය විසින් අධිකරණයේදී සඳහන් කරන ලදී.

එම මෙහෙයුමකදී සැකපිට අත්අඩංගුවට ගත් මොහොමඩ් අජ්මීර් හා ඔහුගේ බිරිඳ වන අබුබකර් සල්වා යන අය භාරයේ තිබී කඩු 4ක් ද, මොහොමඩ් භාෂීර් යන අය භාරයේ තිබී අන්සතු ගමන් බලපත්‍ර 34 ක් ද, තුවාන් පෂ්මාරා යන අය භාරයේ තිබී පිහි 4ක් සහ අබ්දුල් රෂාක් යන අය භාරයේ තිබී පිහියක් ද සොයා ගත් බව කඩවත පොලිසිය අධිකරණයේදී පැවසීය.

සලාවුඩීන් හුසේන් නැමත්තා රැදවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කළ  මහේස්ත්‍රාත්වරයා අධිකරණය වෙත ඉදිරිපත් කළ අනෙක් සැකකරුවන් 11 දෙනා රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියම කළේය.

 

 



අදහස් (0)

අක්බාර් නගරයෙන් අත්අඩංගුවට ගත් 17 න් 5 ක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 164 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 234 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1105 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site