IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගෝඨාභය යුද්ධයට බයේ ඇමෙරිකාවට පළා ගිය බව රවීන්ද්‍ර කියයි

(නිමල කොඩිතුවක්කු)

ජාතික ආරක්ෂාව වෙනුවෙන් බලය ඉල්ලා සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා යුද්ධය පැවති සමයේ මඩකළපුව ආඥාපති ලෙස කටයුතු කරමින් සිටියදී  යුද්ධයට බියෙන් ඇමරිකාවට පලා ගිය බව  කම්කරු අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා පැවැසීය.

ජනතා අප‍්‍රසාදයට ලක්ව 2015 දී බලයෙන් පහ කෙරුණු රාජපක්ෂවරුන් ජාති වාදි, ආගම් වාදී භේද වපුරා  බෝම්බ පුපුරවමින්  යළි බලය ගැනීමේ උත්සාහයක නිරත වී සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ අද (9) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා මෙසේද කීවේය.

   

‘‘පිවිතුරු හෙළ  උරුමයේ නියෝජ්‍ය නායක  මධුමාධව අරවින්ද මහතා ඉල්ලා අසුවූ  බව මාධ්‍ය වාර්තා පළ වුණා. පිවිතුරු හෙළ උරුමයේ පැවති සාකච්ඡාවකදී ඒ අය සහයෝගය දෙන අපේක්ෂකයා ජයග‍්‍රහණය කළාට පස්සේ මේ රටේ අනෙකුත් ආගම්වල ජනතතාවට කරන්න යන අඩත්තේට්ටම් පිළිබඳ ඒ අයගේ පටිගත කළ සාකච්ඡාවක වීඩියෝවක්  පිටව ගොස් ඇති  නිසා මධුමාධව  මහතා ඉල්ලා අස්වී ඇති බව අපිට වාර්තා වුණා.

බැටලූ හම  පෙරවගත්තට මේ අය කොහේ ගිහින් හැංගිලා හිටියත් වෘකයා, වෘකයාම තමයි.  මේ වීඩියෝවෙන් ඒ අයට ලොකු- අවාසියක් වෙයි කියලා හිතලා දැන් බොරුවට අස්වෙලා තියෙනවා. මේ අය 2015 ට පෙර කළෙත් මේ දේවල්මයි.  මේ අය 2020 ජයග‍්‍රහණය කළොත් රටට අබ සරණයි කියලා තමයි අපිට කියන්න වෙන්නේ.

අපේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා  මේ වනවිට මුළු රටටම ආදර්ශයක් දීලා ඉවරයි.  මධ්‍යම සංස්කෘතික අරමුදලින් සජිත් පේ‍්‍රමදාස මහතා විශාල  වැඩකොටසක් කළා. දහම් පාසල්, වෙහෙර විහාර, බෞද්ධ සිද්ධස්ථාන විශාල ප‍්‍රමාණයක් එතුමා ඉදි කළා. බෞද්ධ ශාසනය වෙනුවෙන් අපි ගෙන ගිය මේ වැඩපිළිවෙළ රටට, ජාතියට, ආගමට මෙච්චර ආදරේ රාජපක්ෂලා දින 52 ආණ්ඩුවේදී නැවැත්තුවා.

රටට, ජාතිය, ආගම වෙනුවෙන් කැපවෙන පිරිසිදුම අපේක්ෂකයා තමයි අපේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා. වෙනත් ආගමිකයන්ටත් එතුමා පිළිබඳ සම්පූර්ණ විශ්වාසය තැබිය හැකියි.  මේ වගේ රටට ආදර්ශමත් පුද්ගලයෙක් අපි අද රටේ නායකත්වය වෙනුවෙන්  ඉදිරිපත් කරලා තියෙනවා.

අනික් පැත්තෙන් කියනවා ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ පත් කරගන්නවලූ.  ඔය  කියන පුද්ගලයා අවුරුදු 30ක් තිබුණ යුද්ධයේදී මඩකලපුව බාර ආඥාපති. වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරලා  යුද්ධය දාලා ගිහින් ඇමෙරිකාවේ නතර වුණා.  දැන් කියනවා  ජාතික ආරක්ෂාව වෙනුවෙන් මට රට බාර දෙන්නලූ.

2015ට පෙර පැවති  ඒ තිර නාටකයමයි, ඒ අධ්‍යක්ෂනයමයි, ඒ නලූවමයි මෙවරත් එන්නේ. ඒ නිසා මේ අය  පත් වුනොත් 2015ට පෙර තිබූ තත්වයේ දිගුවක් දැකගන්න ලැබේවි.

යළිත් බෝම්බ බියක් ඇති කර මේ අය වාසි ගන්න හදනවා.  ජාතකි වාදි ආගම් වාදී භේද හදලා බෝම්බ පුපුරලවලා මේ අය අද දේශපාලන වාසි ගන්න හදනවා. ජනතාව මේ ගැන අවදියෙන් සිටිය යුතුයි. ඒ නිසා මේ  තීරණාත්මක අවස්ථාවේදී කරුණාකරලා රට වෙනුවෙන්, තමන්ගේ දරුවන් වෙනුවෙන් හිතලා තීරණයක් ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා’’ යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.



අදහස් (0)

ගෝඨාභය යුද්ධයට බයේ ඇමෙරිකාවට පළා ගිය බව රවීන්ද්‍ර කියයි

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 202 5

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2166 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


සජිත්ගෙන් බන්දුලට විවාදයකට අභියෝගයක්
2023 නොවැම්බර් මස 24 731 0

ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී අභිය


’මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා’
2023 නොවැම්බර් මස 23 1473 22

මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


හිටපු ජනපතිලාට පාර්ලිමේන්තු එන්න දෙන්න එපා
2023 නොවැම්බර් මස 22 3428 14

ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයස


‘අපි ජනතාවගේ මුදල් හොරාකාලා නෑ’
2023 අගෝස්තු මස 24 770 6

රටක මුදල් ආයෝජනය කිරීමක් සම්බන්ධයෙන් මේ දිනවල ප්‍රචාරයක් ගෙන යනු ලබන මුත් තමන් හෝ තම පක්ෂයේ කිසිවෙකුත් මෙරට ජනතාවගේ මුදල් සතයක් හෝ සොරකම් කර හෝ නාස්ති


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1561 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site