IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා

(අංජුල මහික වීරරත්න)

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ගොඩ ගැනීමට අසීරු බව බොහෝ දෙනා පැවසූ බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමේ අභියෝගය බාරගත් තමා වසර දෙකකදී රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ආ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙන යාමට අවශ්‍යව ඇත්තේ සාමුහිකත්වය පමණක් බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තරුණ දේශපාලන නියෝජිතයන් සමඟ නුවරඑළිය ජනාධිපති මන්දිරයේ අද(18)පැවති හමුවේදීය.

නුවරඑළිය, හඟුරන්කෙත, මස්කෙළිය, කොත්මලේ සහ වලපනේ ආසන නියෝජනය කරමින් යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක තරුණ දේශපලන නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කටයුතු ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

 



අදහස් (6)

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා

අපකීර්ති වර්ණකුලසූරිය Wednesday, 24 April 2024 10:25 AM

රනිල් රාජපක්ෂ වගේ යෞවනයේ පොපියන චමත්කාරය විදහා පාන තරුණ නායකයො තමා රටට ඕනෙ කරන්නෙ. කොන්ඩෙ පොඩ්ඩක් සුදු වුණාට තාම කොල්ලා.

:       2       8

Sri Lanken Wednesday, 24 April 2024 01:57 PM

මේ සැලසුම් හැදුවේ 1977 ගණන්වල ඉඳලා... කෝ සැලසුම් ක්‍රියාත්මක වුණාද?

:       2       7

චතුරි Thursday, 25 April 2024 01:29 AM

මේ සෙල්ෆි ගහන හඩ්ඩො ටිකයි හඩ්ඩියන්වයි. උල තියන්න ඕන

:       2       8

pakeer Thursday, 25 April 2024 10:10 PM

ණය අරගනින් තව

:       2       3

රත්නපාල Friday, 26 April 2024 11:38 AM

ඡන්දෙට කලින් හදන්න නැත්නම් හදන්න වෙන්නේ ලබන ආත්මේ තමයි.

:       2       4

fairoos Sunday, 28 April 2024 07:07 PM

සෙල්ෆි ගහන දෙන්නා කවුරු හරි මන්ත්‍රී පුතාලද? ඒ අය තමයි තාමත් කඩේ යන්නේ...

:       1       3

ඔබේ අදහස් එවන්න

දේශපාලන

‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 1500 13

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 2180 13

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 2517 4

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 1927 12

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 279 6

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1221 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 438 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1852 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1663 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site