(ඩික්සන් වසන්ත)
හසලක ගාමිණී කුලරත්න රණවිරුවාගේ 27 වැනි ගුණසමරු උළෙල අද (13) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය සංචාරක සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවණගාරයේ දී පැවැත්විණි.
මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එවන ලද ගුණ සමරු පණිවුඩය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පණිවුඩය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා, ගම්පහ දිසා ලේකම් සුනිල් ජයලත් මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හසලක ගාමිණි විරුවාගේ මව නේද ඉන්නේ?
විරෝධාර විරුවාණනි ඔබගේ නම ලංකා මාතාවගේ හදවතේ රන් අකුරෙන් ලියවි ඇත. ඔබගේ ජිවිත පුජාවෙන් රණවිරුවන් විශාල පිරිසකගේ ජිවිත ආරක්ෂා වුනු බව නොරසකි, මෙම විරෝධාර විරුවාගේ ආදරණිය මෑණියන්දාට චිරාත් කාලයක් ජීවත්වෙන්න වාසනාව ලැබේවා !!!!!!!!!
ඇතෙන්ම ඔබගේ නිවැරදිය ප්‍රශ්නය අපගේ සිත්තුලද පැනනැගුණු අතර ඔබ ඒ පිළිබදව විමසීමේදී මෙසේ සදහන් කිරීමට සිදුවීම ගැන කනගාටුවනෙමු. මෙහි මුලික අරමුණ වී තිබෙන්නේ විරෝධාර රණවිරුවාගේ ගුණසමරුම මගින් " එක් එක් දේශපාලන බුරුවන්ගේ නම්ගම් " සදහන් කිරීමකි. අප රටේ තිබෙන ඕනෑම පක්ෂයකම දේශපාලුවාගේ නියම ප්‍රතිරූපය මෙමගින්ද හොදින් පුරවැසියන් සියල්ලෝටම නැවත වරක් දැකගැනීමට හැකිවිය.
ඔබතුමිය ශ්‍රේෂ්ඨ අම්ම කෙනෙක් . බුදුසරණයි.