IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


හොරොව්පොතානෙන් පැන්න අඳ අලියා මිය යයි

පැතුම් දර්ශන
 
හොරොව්පොතාන වන අලි සංරක්ෂණ මධ්‍යස්ථානය ඇතුලත සිට ආරක්ෂිත වැටෙන් එළියට පැනගත් දෑස් අඳ අලියා දැඩි ලෙස රෝගාතුරව හොරොපොතාන වැලිමුවපොතාන වැව් ඉස්මත්තේ සිටියදී අද(24) දහවල් මිය ගිය බව වනජීවී නිලධාරීහු පැවසූහ.

 
මීට මාසයකට පමණ පෙර මෙම දෑස් අඳ අලියා හොරොව්පොතාන වන අලි සංරක්ෂණ මධ්‍යස්ථානයට ගෙනවිත් දමා තිබුනේ හම්බෙගමුව ප්‍රදේශයෙනි.
 
ඒ අනුව සති දෙකක පමණ කාලයක් වන අලි සංරක්ෂණ මධ්‍යස්ථානය ඇතුළත සිට ඇති මෙම අලියා මීට සති දෙකකට පමණ ඉහත දී  වැටෙන් පැන ගොස් ඇත්තේ වනජීවී නිලධාරීන් ද පුදුමයට පත් කරමින්ය.
 
එතැන් පටන් සතියක පමණ කාලයක් වැලිමුවපොතාන, පරගහඋල්පත යන ගම්මාන වලට කඩා වැදී  භෝගවලට හානි කරමින් සිට ඇති අතර ප්‍රදේශවාසීන්   ඒ බව හොරොව්පොතාන වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට දැනුම් දී ඇත.
 
පසුව හොරොව්පොතාන වනජීවි කාර්යාලයේ නිලධාරීන් ඒ පිළිබඳව අනුරාධපුර සහකාර වනජීවී අධ්‍යක්ෂක වරයා මගින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ද දැනුම්වත් කොට තිබූ අතර ඒ වන විටත් මෙම දැස් අඳ අලියා ආරක්ෂා කිරීමට දිවා රෑ දෙකෙහිම වනජීවි නිලධාරින් රාජකාරියට යෙදවීමට වන සත්ත්ව අඩවි ආරක්ෂක ජයතිලක බණ්ඩාර මහතා කටයුතු කර තිබුණේය.
 
තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගේ උපදෙස් මත ඉකුත් 21 වනදා හොරොව්පොතාන ට පැමිණි වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සහ වනජීවී නිලධාරීන් තීරණය කළේ ජනතාවට හිරිහැරයක් නොවන පරිදි මෙම අලියා  අල්ලා  නැවතත් හොරොව්පොතාන වන අලි සංරක්ෂණ මධ්‍යස්ථානයට මුදා හැරීමටයි.
 
ඒ අනුව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දැනුම්දීමෙන් ඒ සඳහා වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු විශේෂ කණ්ඩායමක් හොරොව්පොතාන වැලිමුවපොතාන වැව් ඉස්මත්තට පැමිණ අලියාට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු කිරීමට සූදානම් වන අතර එහි මූලික පියවරක් ලෙස ඖෂධ මගින් "අඩ නින්ද" තත්ත්වයට පත් කිරීමට කටයුතු කළේය.
 
ඒ වන විටත් අධික ලෙස රෝගාතුරව සිටි මෙම දෑස් අඳ අලියාගේ සිරුරේ  වෙඩි පහරවල් සියයකට වැඩි සංඛ්‍යාවක් තිබුණ අතර ඒ සියලු තුවාල  පැසවා සැරව ගලමින් තිබුණි.
 
කෙසේවෙතත් වෛද්‍යවරයා ඇතුළු නිලධාරීන් අලියාට ලබාදුන් ඖෂධවලින් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණ අතර සිටගෙන සිටි අලියා එකවර බිමට ඇද වැටුණේ සියලු බලාපොරොත්තු සුන් කරමින් ය.
 
එතැන් පටන් දින තුනක් දිවා රෑ දෙකෙහිම වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා, පශු වෛද්‍ය චන්දන ජයසිංහ, හොරොව්පෙතාන වනජීවි කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක ජයතිලක බණ්ඩාර මහතා ඇතුළු අනෙකුත් වනජීවී නිලධාරීන් මෙම  අලියා බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරූ මුත් ඒ සියල්ල අසාර්ථක විය.
 
වෙඩි වැදීමෙන් ශරීරයේ අධික ලෙස සිදුවී ඇති තුවාල උඩු දිවිමත් ශරීරයේ ලේ හිඟ වීමත් හේතුවෙන් මෙම අලි මරණය සිදු වූ බවට  වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා නිගමනය කළේය.
අවුරුදු 50ක් පමණ වන මිය ගිය අලියා ගේ උස අඩි අටක් පමණ වන බව පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා වැඩිදුරටත් කීය.



අදහස් (4)

හොරොව්පොතානෙන් පැන්න අඳ අලියා මිය යයි

UPUL Tuesday, 24 July 2018 02:39 PM

හරිම කණගාටුයි. නිවන්සුව පතමි.

:       0       677

isurandi Wednesday, 25 July 2018 06:24 AM

දුකේ බැහැ සතා වැතිරිලා ඉන්නවා දැක්කම.

:       0       42

aka Wednesday, 25 July 2018 06:57 AM

මේ වෙද්දි ඔය අලි සංරක්ෂණ මධ්‍යස්ථානය අලි කීයක් පැනලා ගිහින්ද? අල්ලන් ගිහින් නුහුරු පැත්තකට දාපු අලි කීයක් ආපහු හිටපු තැනටම යන්න ගිහින් තියනවද? මේ දෙකට උත්තර දන්න වනජීවී එකේ අය මේ අලියා පැනලා ගියහමත් පුදුම උනාද?

:       0       17

ලුම්බිණි Wednesday, 25 July 2018 10:46 AM

අලින් තමන් ඉන්න පරිසරයෙන් යන්න කැමති නැහැ. මිනිසුන් අලින්ගේ තැන අල්ලාගෙන අලින් වෙන තැන්වලට ගිහින් දැම්මම මේක තමයි වෙන දේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 436 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site