(ප්‍රදීප් කුමාර)
යාපනය මහ රෝහලේ පවතින රුධීර හිඟයට පිළියමක් වශයෙන් කොළඹ සිට වැඩම කළ භික්ෂුන් වහන්සේලා සියක් නමක් යාපනය දිස්ත්‍රික්කයේ දමිළ ජනතාව වෙනුවෙන් රුධීරය පරිත්‍යග කිරීම අද යාපනය ශික්ෂණ රෝහලේදී පැවැත්විණි.
මෙම වැඩසටහන මැදගොඩ අභය තිස්ස ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු විය.
කොළඹ සිට බස් රථවලින් යාපනය රෝහලට වැඩම කළ භික්ෂූන් වහන්සේලා මෙසේ ලේ දන් දුන්හ. භික්ෂූන් වහන්සේ පිරිසක් පැමිණ මෙසේ ලේ දන්දීම රුධිර අවශ්‍යතාවයෙන් පෙළෙන රෝගීනට විශාල අස්වැසිල්ලක් බව යාපනය රෝහලේ ප්රකාශයෙක් පැවැසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැදගොඩ අභයතිස්ස හිමියෝ ලේ දන්දීමෙන් පසු මෙසේ කීහ.
“යාපනය රෝහලේ රෝගීන්ට ලේ හිඟයක් නිසා යුද හමුදා සාමාජිකයින් ලේ දන්දෙනවා අප මාධ්‍යයෙන් දැක්කා. භික්ෂූන් වහන්සේලා හැටියට අපත් කල්පනා කරා මේ අහිංසක රෝගීන්ට පිහිට වෙන්න“
“රටක් හැටියට අපි හැමෝම එකයි. උතුරේ සිට රට පුරා සිටින සෑම කෙනෙක් ගැනම අපි සොයා බලනව. ඔවුන්ගේ දුකේදී අපි පෙනී සිටිනවා. සංහිඳියාව කියන්නේ තවත් ජාතියක් පාගාගෙන තවත් ජාතික් ඉදිරියට ඒම නොවේ. මෙයයි සැබෑ සංහිඳියාව. අපි හැමෝම හදවතින් සමීපයි. කෙයි කාගෙත් දුකේදී ඔවුනට පිහිට වීම භීක්ෂූන් වහන්සේ හැටියට අපේ වගකීමක්. මෙහිදී අපි නියොජනය කළේ මුළු සිංහල ජාතිමයි“ යයිද අභයතිස්ස හිමියෝ පැවසූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලේ ඔච්චර හිග වෙන්නේ ඇයි හාමුදුරුවනේ?
හොඳයි.දෙමළ ජනතාවත් අපේම අයනේ... ඒත් ඉතින් මෙහෙම ගිහින් මොකටද දෙන්නේ?
හැම දේකටම ඉදිරිපත් වෙන්නේ හාමුදුරුවරුයි, ත්‍රිවිධ හමුදාවයි විතරයි. ඒත් කරන තරමක් හිරිහැර මේ දෙවර්ගයටම තමයි..
කොයිකාටත් කල්ගිහිල්ලා හරි තේරුම් යාම බොහොම හොඳ දෙයක්...
ලෙයට ලෙය කකියනවා. අප කවුරුත් එකයි....
ඊ ළඟ කැබිනට් අනුමැතිය අනුව සිංහ ලේ, දෙම ලේ, මුස්ලිම් ලේ කියලා වෙන් කරන්නද?
හොඳ දේට හොඳයි කියන්නවත් හැදියාවක් අපේ සමහරක් අයට හැදියාවක් නෑ, මෙහෙම කළාම තමයි සිංහළ, දෙමළ, මුස්ලිම් හා අනෙකුත් සියලුම ශ්‍රී ලාංකිකයන් සියල්ලන්ම එකම රටක එක මවගේ දරුවන් වශයෙන් සහයෝගයෙන් ජීවත්වෙන්න හැකියාව ලැබෙන්නේ, මෙය හැමෝටම හොඳ උතුම් ආදර්ශයක්! තෙරුවන් සරණයි!!
ද්‍රවිඩ ජනය හමුදාවට හෝ හාමුදුරුවන්ට නින්දා නොකරනවා ඇත කරන්නේ දෙසපලකයන් පමණි දත් දොස්තරවරු , නිරුපන කරුවන්න් නපුන්සකයන් ආගමට පරිබව කරනවා මේවා අනුමත කරන්නේ පාරම්පරික දේසපාලනය කරන අය පමණි ඔඋන්ගේ ආගම දේසපාලනය. නිසි පිළිතුරු චන්දයකදී අපෙන්
සාදු සාදු සාදු....!!!
යාපනයට වඩා බොහොම තදට කුල ක්‍රමය තිබුණු, කුල හිනයින් තලා පෙලපු සමාජයකට තමයි බුදු රජාණන් වහන්සේ වෙනස් මගක් පෙන්වා දුන්නේ. ඉතින් අද ඉන්න බුද්ධ පුත්‍රයන් වහන්සේලා කරන්නෙත් ඒකමයි! කුල ක්‍රමය නිසා ලේ නොදී ඉන්න යාපනේ ජනතාවට ඔන්න බුද්ධ පුත්‍රයන් වහන්සේලාගෙන් පාඩමක්.. උතුරු නැගෙනහිර අනතවාදීන්ට බුදු දහමින් උගත හැකි පාඩම් බොහොමයි!
හාමුදුරුවරු ලේ පරිත්‍යාග කලේ, කුල භේදය නිසා උතරේ ජනතාව ලේ පරිත්‍යාග නොකිරීමෙන් රෝහල් වල ලේ හිඟයක් ඇති උන නිසයි . උන්වහන්සේලාට මගේ නමස්කාරය වේවා !
ඉතාමත් ආදර්ශවත් කටයුත්තක්. මේ පිං ඔබ වහන්සේලා මතු නිවනට හේතුවේවා!!!
යාපනයේ උග්‍ර කුල බේදයක් තියෙන බව කවුරුත් දන්නා කරුණක්. ඉතින්, මෙවැනි ක්‍රියා ඉතාමත් හොදයි. නමුත්, යාපනයේ ජාතිවාදය වපුරන පත්තර සහ ටී එන ඒ එක මෙය කොහොම බාර ගනීද කියා ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඔවුන් වපුරන ජාතිවාදය සහ අන්තවාදය උතුරේ සමහරක් ද්‍රවිඩ ජනතාව ප්‍රතික්ෂේප කලත්, බහුතරයක් (නව පරපුර ) ඉන්නේ ටී එන ඒ එකත් එක්ක. ඉතින්, අපට පුලුවන්නම් දකුණේ ජනතාව ම්ලේච්චයන් නොව සහෝදර ජනතාව කියා, මොකා මොනා කීවත් ඔවුනුත් අපට ආදරය කරයි.
අපේ ලංකාවේ මේ ඇති වෙලා තියන ප්‍රශ්න හොඳටම ඇති. දැන්වත් අනුන් පාගාගෙන නැගිටින්නේ නැතුව අපි හැමෝම සමගියෙන් සාමයෙන් එකා වගේ නැගිටිමු. යාපනේ අපේම සහෝදරයිනි දැන්වත් වර්ග වාදය නවත්වා සිංහල, දමිල, මුස්ලිම්, ක්‍රිස්තියානි අපි හැමෝම එකට එකතු වී මේ ප්‍රශ්න වලට මුහුණ දෙමු. ස්වාමින් වහන්ස, ඔබ වහන්සේලා මේ කල සද් ක්‍රියාව අපි මහත් සේ අගය කොට සලකනවා. ඔබ වහන්සේලාටත් වීරෝදාර රණවිරුවන්ටත් මුළු මහත් ශ්‍රී ලංකා වාසී අප සැමගේ ප්‍රණාමය... !!! තෙරුවන් සරණයි.
හාමුදුරුවෝ 100 ක් යාපනේ යන්න ඕනෑද ලේ දෙන්න. ඕක කොළඹ දී ලේ දීල ඒවා එකතු කරලා යවන ක්‍රමයක් හදන්න කටයුතු කලොත් හොඳ දෙයක් ... ඒකත් සෝභන වැඩ වශයෙන් කිරීමයි දුක. මාස 4 කට වරක් ඔය දේ කරන්න පුලුවන් නේ. ඒක ඒ හාමුදුරුවන් වහන්සේලාගේ සෞඛ්‍යයටත් ඉතා හොඳයි. ඔය දේ මහ රෝහලේ කළ හැකියි නේද? පිට රටින් ලේ ගෙනෙන එක පවා අඩු කල හැකි ඉතා හොඳ ක්‍රියාවක්....