(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල කණ්ඩලම වැවේ දර්ශනය සංචාරක හෝටලයකට පෙනීම සඳහා මහවැලි අධිකාරියේ කණ්ඩලම කාර්යාලයේ නිලධාරීන් එක්ව වැව ඉස්මත්තේ ඇති ඉතා වටිනා ගස් කොළන් කිසිදු ඉවක් බවක් නොමැතිව කපා දමා විනාශ කර ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.
මෙසේ වැව් ඉස්මත්තේ ඇති ගස්වල ඉහළ කොටස් එක පෙළකට කපා දමන බවට ලැබුණු තොරතුරක් මත කණ්ඩලම වැවේ සොරොව්ව ආසන්නයට ගිය විට පුද්ගලයන් කිහිපදෙනෙකු ගස් කපමින් සිටින අයුරු දැක ගැනීමට හැකියාව ලැබිණි.
ගස් කපමින් සිටි පිරිස වැව ආසන්නයේම පිහිටි සංචාරක හෝටලයකින් යෙදවූ කම්කරුවන් පිරිසක් බවට තොරතුරුද අනාවරණය විය.
කණ්ඩලම වැව ආසන්නයේ සිටි කාන්තාවක ගෙන් මේ පිළිබඳව විමසීමේදී ඇය කියා සිටියේ මහවැලි අධිකාරියේ නිළධාරියෙකු සමඟ පැමිණ පිරිසක් වැව් ඉස්මත්ත ගස් වල ඉහළ කොටස් කපා දැමූ බවය.
එක පෙළකට පිහිටි කුඹුක් , අන්දර , කරද , ගොඩ කිරිල්ල , ආදි වැව් තාවුල්ලේ පිහිටි ගස් රැසක් ක ඉහළ කොටස් කපා දමා වැව් තාවුල්ල මතම දමා තිබේ.
මහවැලි අධිකාරියට අයත් මෙම ප්‍රදේශය කණ්ඩලම වැව බාර ඉංජිනේරු සහකාර ධම්මික බණ්ඩාර හේරත් මහතා හමුවීම සඳහා කාර්යාලයට ගිය ද ඔහු නොසිටි අතර සේවකයකු කියා සිටියේ ඉංජිනේරුවරයා හදිසි ගමනක් ගිය බවය.
පසුව ජංගම දුරකතනය ඔස්සේ ඔහුව සම්බන්ධ කරගත් විට ඔහු කියා සිටියේ විශාල පිරිසක් කණ්ඩලම වැවේ දිය නෑම සඳහා පැමිණෙන බවත් එම ජනතාවගේ හිස මතට ගස් කඩා වැටීමේ අවදානමක් පවතින නිසා ගස් වල කොටස් ඉවත් කළ බවයි.එමෙන්ම අලුතින් කුඹුක් පැළ සිටුවන බවද කිවේය .






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති දෝනිගේ අලුත් හොටෙල් එකක්ද?
මේ මොන ඉන්ජිනේරුවන්ද? මොන විශ්ව විද්‍යාලයෙන්ද උපාධි ගත්තේ? වහාම වැඩ තහනම් කළ යුතුයි.
අපි බලමු මේකට ඇක්ෂන් එකක් ගනීවිද කියලා...
එ් නිසා තමයි හෝටලය හදනකාලෙදී විරෝධතා ඇතිවුණේ... ඒ කාලේ කිව්වනේ පරිසරය රකිනවා කියලා ඒ කියපු ඈයො දැන් මැරිලා... ඉන්න අය රටත්, පරිසරයත් මරනවා. (සල්ලි දෙයියන්ගේ මල්ලිනේ)
කොතනත් වරදක් සිදුවන විට අදාල නිලධාරීන් කාර්යාලවල නෑ. එයාලට ගමන් යන්නද පඩි ගෙවන්නේ? සොයාබලන්න රාජකාරි ගමනක්ද, අතිශයින්ම පුද්ගලික ගමනක්ද ගියේ කියා... ඔහුත් බොරුකළොත් ගස්කපන්නන්ට ස්බභාව ධර්මයෙන් ලැබෙන දඬුවම ඔහුටත් අනිවාර්යයි.
මේ ගස් මහවැලි අධිකාරිය යටතේ පවතින ප්‍රදේශයක පවතින ඒවාද? කප්පාදු කිරීමට නිසි අවසරය ගෙන තිබෙනවාද? අදාළ අවසරලත් ප්‍රමාණයට පමණක් කප්පාදු කර තිබේද? මෙන්න මේවායි හොයන්න ඕනේ. එහෙම නැතුව කාන්තාවක් මෙහෙම කිව්වා, සේවකයෙක් අරහෙම කිව්වා. ඒ කම්කරුවො මෙයා දාපු අය කියලා වාර්තා වුනා. එව්වයින් ඇත්ත අනාවරණය වෙන්නේ නෑ.
රාජපක්ෂ සමාගමෙන් හබරලිය සමාගමට ගිය රට
කුමන හෝ හේතුවකට ගස් කැපුවයි කියමුකෝ..කරනදේ පිළිවෙලකට කරපියව්කෝ..ගස් වල අතු සී සී කඩ දමලා..සමහරක් ගස් වල එල්ලෙනවා...අදෝමැයි !!!
ඉස්මතු වෙලා පෙනෙන්න හදන හැටි........................