සමන් විජය බංඩාර
අරණායක සැලව පිල්ලෑව ප්‍රදේශයේ නිවසක ඇතුලත වැටි සිටි සුදු පැහැති ලේන පැටියෙකු හමුවී ඇති අතර මෙ වන විට එම ලේන පැටියා එම නිවැසියන් විසින් සුරතලයට ඇති කරනු ලබයි.
සැලව පිල්ලෑවේ පදිංචි පි.ඒ. නවරත්න මැණිකේ මහත්මියගේ නිවසේ සුරතලයට ඇති දැඩි වන ලේන පැටියා සම්බන්ධයෙන් එතුමිය මෙසේ අදහස් දැක්වූවාය.
‘මේ ලේන පැටියාට අපි නම තියලා තියෙන්නේ ‘සුදූ‘ කියලා. මෙ සතා දැන් මාසයකට විතර කලින් තමයි ගෙදර බිම වැටිලා හිටියේ. අපේ ගෙදර බල්ලෝ පූසෝ ඇති කරන්නෙත් නැති නිසා ලේනුන්ට කෑම දාන නිසාත් ගෙදර වහලේ සහ නිවස ඇතුලේ මේස ලාච්චුවක ලේන කුඩු බැදලා තියෙනවා. මම හිතන්නේ ඒ කුඩුවක පැටියෙක් බිම වැටිලා ඉන්න ඇති කියලා. ඊට පස්සේ මෙ පැටියා දවස් ගාණක් යනකම් බැලූවා ඒයාගේ අම්මා එයිද කියලා ආවේ නැති නිසා දැන් අපේ ගෙදර මෙ පැටියා ඇති දැඩි වෙනවා. තාම කෑම වර්ග මොනවාවත් කන්නේ නැහැ. කිරි තමයි බොන්නේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙත් ලේන් පැටියෙක් ඉන්නවා කන්න දෙන්නේ මොනවද දන්නේ නැහැ..