(අකිල බද්දෙවිතාන / ඡායාරූප - ඉෂාන් සංජීව)
සයිටම් විරෝධී ජන පවුර සංවිධානය කරන උද්ඝෝෂණය හා සමුළුව අද(25) දහවල් ආරම්භ විය.
මේ වනවිට සරසවි සිසුන් විශාල පිරිසක් කොළඹ ජාතික රෝහල අසල සිට ලිප්ටන් වටරවුමට පැමිණ උද්ඝෝෂණයේ නිරත වන අතර තවත් සුළු මොහොතකින් කොළඹ විහාර මහාදේවී එළිමහන් රංග පීඨයේ දී සයිටම් විරෝධී මහ සමුළුව ආරම්භ වීමට නියමිතය.
මේ අතර සරසවි සිසුන් ලිප්ටන් වටරවුම අසල ආරම්භ කළ සත්‍යග්‍රහයට පොලිසිය පහරදීම හෙළා දකිමින් එහි රැස්වී විරෝධය පළ කරන සිසුන් සමග එකතුවීමට වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ද පැමිණියේය.










(ඡායාරූප-ඉෂාන් සංජීව)
COMMENTS
වෛද්‍යවරුන්ට අපගේ සුභපැතුම්
ලංකාවේ මෙච්චර කුහකයන් සංඛ්‍යාවක් ඉන්නවාද? පුළුවන් නම් මුළු ලෝකයේම පුද්ගලික අධ්‍යාපනය නවත්වන්න. මතක තියාගන්න නොමිලේ උසස් අධ්‍යාපනය ලැබෙන්නේ පුද්ගලික අංශයේ බදු ගෙවන මිනිස්සු නිසා. ඔය දොස්තර සිසුන්ගේ පුද්ගලික බුදලෙන් නෙවෙයි.
හොද ආරම්භයක්, ඉදිරියටම යමු, ජයග්‍රහනයෙන්ම අවසන් කරමු,
මේ ගිනි අව්වේ ටයි පටියක් පැළඳගෙන යන්නේ එයාල අපේක්ෂා කරන සමාජ තත්වය කෙතරම් ද කියල පෙනෙනවා. සයිටම් එකෙන් දුප්පත් හෝ මධ්‍යම පන්තියේ දරුවන්ට කිසි අසාධාරනයක් වෙන්නේ නැහැ. පොද්ගලික රෝහල් වලට මෙයාල විරුද්ධ නොවී දෙපැත්තේම රැකියාව කරන්න ඕනි. ජනතාව මේක තේරුම් නොගැනීමයි ප්රශ්නය.
ඔබලගේ සටනට ජයවේවා සියලු බාධා දුරුවී සයිටම් පරාද කිරීමේ සටන නියත ලෙසම ජය ලබනවාමයි... මෙම වෑයම අහිංසක දුගී රෝගී ජනතාව සහ අහිංසක දෙමාපියන්ගේ අනාගත වෛද්‍ය සිසුන් උදෙසා බව සියලු ලංකාවාසී ජනතාව තේරුම් ගනිත්වා. බොරුවට ආණ්ඩුව පෙරලන්ට කියමින් ප්රශ්නය දික් නොගස්සා බලධාරයිනි මෙය විසදන්න. අපිට රජය පෙරලීමේ කිසිම උවමනාවක් නැත.
එක පොස්ටරේක තිබුනා 'සයිටෙම් වෙදුන්ගෙන් ප්‍රවේසම් වෙන්න' කියල. මේ අවුරුද්දටම රෝගීන් කීදෙනෙක් මැරුණද ඔය බැනර් අල්ලාගෙන ඉන්න අයගේ නොදැනුවත්කම සහ නොසැලකිල්ලෙන්.
ඔය කෑගහන දොස්තරලට සය්ටම් තිබුනත් එකය් නැතත් එකය් දොස්තරලට තියෙන්නේ රාජිත ඇමති එක්ක ප්‍රශ්නයක්. JVP එකට ඕක තේරෙන්නැද්ද? JVP එකටත් කාලය අනුව පක්ෂය ඉදිරියට යන්න තේරෙන්නේ නැහැ . දොස්තරලා එක්ක එකතුවෙලා දුප්පත් අපිව අමාරුවේ දානවා , මම හිතාගන හිටියේ ලබන පාර JVP එකට චන්දෙ දෙන්න .මේවා දකින කොට දැන් ලංකාවේ චන්දෙ දෙන්න පක්ෂයක් නැහැ .අබ සරනය් .
මුල ඉදලම ඔය උන්දලා පාරවල් වහල අමාත්‍යංශවලට පැනල මිනිස්සුන්ට කරදර කරන්නේ නැතුව දැන් ඉන්නවා වගේ උයනක පැත්තකට වෙලා ඔය ටික කියාගත්ත නම් තෙල් ගාන්න කන්න වෙන්නේ නෑ නේ. ඔය වගේ නිකන් තියෙන උයනක ඕනේ එකක් කරගත්තාවේ. අපේ මොකෝ. නොතේරෙන පොඩි ළමයිට සෙල්ලම් බත් උයන්න තමයි තමයි ඔය වගේ උයන් තියෙන්නේ.
දැන් ඔය අවුරුද්ද ක් ම පන්ති වර්ජනය කරපු සිසුන් ට තව අවුරුද්ද ක් ඉන්න වෙනවා නේද එයා ලා ගේත් clinical මදි වෙනවා නේ .
බුද්දික සහ one srilankan ඔබ දෙපලට කියන්න තියෙන්නේ අයි 2011 දී ය විරෝධ තාවය කිව්වේ නැත්තේ අැයි ඒ කාලේ කිව්වනම් ඔලුව මාතර කඳ යාපනේ සහ සුදු වැන්. ඒ ළමයින්ගේ කාලේ(2011-2017 ) ඉවර වෙනකොට ඔහොම කරන එක අසාධාරණයි නේද?
අයියෝ, මේකද ජන පවුර ? මේකත් හරියට අර ට්‍රම්ප්ගෙ දේශසීමා තාප්පෙ වගේ..
Saitam දොස්තරලගෙන් කෙසේ වෙතත් ඔය ඉන්න දොස්තරලා හින්දනම් ඕන තරම් ලෙඩ්ඩු මැරෙනවා. සමහරවිට කිසිම ලෙඩක් නැතිව ටෙස්ට් එකකට ආපු අය ප්‍රතිකාර වරද්දල නොසැලකිල්ලෙන් ක්‍රියාකරලා මරනවා. මේ ළඟදිත් තිබුනේ angiogram එකක දෝෂයක් නිසා හොඳට හිටපු මිනිස්සු දෙන්නෙක් මැරිලා. ඒ Saitam දොස්තරලා හින්දද?
මම පුද්ගලිකව ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල පටන් ගන්නවට කැමති. මෙතන තියෙන්නේ ලබා දෙන අධ්‍යාපනයේ ප්රමිතියයි. ඉන්දියාවේ මේවගේ කිසිම ප්‍රමිතියක් නැති පුද්ගලික වෛද්‍ය විද්‍යාල පටන් අරගෙන අද වෙලා තියෙන විනාසය. සයිටම් එක ඔය කියන තරම් ප්‍රමිතියක් තියෙනවනම් ඇයි රාජිත අමතිතුමල සිංගප්පුරු යන්නේ, යන්න පුළුවන්නේ සයිටම් එකෙන් බෙහෙත් ගන්න. දේශපල්න්ඝයෝ කරන්නේ අනිත් කකුළුවන්ට කෙලින් යන්න කියල එයාල පුරුදු විදිහටම යන එක. ප්‍රමිතියක් නැති වෛද්‍යවරු බිහි උනොත් මේ වර්ජනේ කරන දොස්තරලටවත්, අමත්යන්සේට පැනපු වෛද්‍ය ශිස්යෝන්ටවත් ප්‍රස්නයක් වෙන්නේ නෑ. මොකද එයාල දන්නවා ලෙඩකට බෙහෙතක් දුන්නොත් ඇයි එක දෙන්නේ කියල. එකේ ලොකුම ප්‍රස්නේ වෙන්නේ දුප්පත් අසරණ මිනිස්සුන්ටම තම. සයිටම් කියන ආයතනයේ ප්‍රමිතිය ගැන ගැමුණු විජේරත්න මහත්තයම කිවනේ ප්‍රසන තියෙනවා කියල.
මේ ගොල්ලන්ට ඕනෙ තවත් මරණයක් දකින්න... ආණ්ඩුව ඒවාට අහුනොවී තවම ළමයින් නාවනවා විතරයි..
මේක තවත් මරාලයක් වගෙයි. ගොයියෝ... නේද?
සයිටම් අහෝසි කරනු යන පාඨයෙන් කියැවෙන්නේ කුහකකම පමණයි. ප්‍රමිතිය කියන එක හදන්න ඕනෑ. එත් මේ රැස්වෙලා ඉන්න අන්තවාදී කොටස කියන විදියට නෙමෙයි. පුළුවන්නම් දෙන්න පොදු විභාගයක් සහ ප්‍රායෝගික පරීක්ෂණයක් සියලු සිසුන්ට. එතකොට බලන්න පුළුවන් කාගේ ප්‍රමිතියද හොඳ කියලා. යමක ප්‍රමාණය මනින්න ඕනි මේ අයගේ බයිලා වලින් නෙමෙයි. නියම පරීක්ෂණයකින්. පරීක්ෂණයෙන් පස්සේ දෙන්නකෝ දොස්තරලට ලයිසන් එක. අනිවාර්යයෙන් සයිටම් සිසුන් වැඩිපුර පාස් වෙනවා. පොලිසියේ මහත්තුරු එකතුවෙලා මේ අයගේ අනන්‍යතාවය බැලුවොත් මෙතන කීදෙනෙක් දොස්තර සිසුන් හෝ වෙනත් කැම්පස් සිසුන් කීයක් ඉන්නවද කියල බැලිය හැකියි. මේ අයගේ ළමයි විතරද ඉගනගන්න ඕනේ?
ප්‍රමිතියේ ප්‍රශ්නයක් තියනවා නම් එක නිවැරදි කරන්න ඕන. එහෙම නැතුව සයිටම් එක අහෝසි කලොත් ප්රශ්නය විසඳෙනවද? මට හිතෙන්නේ සයිටම් දොස්තරලා නෙමෙයි මෙයාලා ගාවටයි බෙහෙත් ගන්න යන්න නරක. මොකද කකුල රිදෙනවා කියල ගියොත් කකුල කපල දාවි.
private practice කරන්න එපා කියල උද්ගෝෂණය කරන්න
දැන්වත් ඔය ප්‍රමිතියක් නැති හොර උපාධි කඩේ වහන්න. මේ උපාධි කඩේ ඉන්න ළමයි ටික රජයේ වෛද්‍ය පිඨවල අනුයුක්ත කරන්න. උපාධි කඩයක් දාන්න ඕනනම් නියම ප්‍රමිතියට දාන්න,එවිට කවුරුත් එරෙහි වෙන්නේද නැත ලංකාවේ හොදම දක්ෂ ළමයි වෛද්‍ය පිඨවල ඉන්නේ,අවුරුද්දකට වැඩි කාලයක් සිසුන් මහපාරේ මේ විනාශ කරන්නේ රටේ අනාගතයයි.