(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඉදිරි මැතිවරණ පිළිබද සාකච්ඡා විපක්ෂ නායක කාර්යාලයේදී අද (27) පැවැත්විණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර,ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ද, පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බැසිල් රාජපක්ෂ සහ මහාචාර්ය ජී. එල් පීරිස් යන මහත්වරුද සාකච්ඡාවට එක් වුහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවේ සභාපති කියන්නේ කවුද කියන එක අපටනම් තවම හරියට තේරෙන්නේ නැහැ. ඔක්තෝම්බර් දින 52 ආණ්ඩුව පිහිටපු වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු පිරිසක් හනිකට පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් අවස්ථාවේ ඡායාරුප සහ වීඩියෝ දර්ශන මාධ්‍ය මඟින් අපි දැක්කා. ඒවෙලාවේ මහින්ද මහත්තයා තමා අනිත් අයට සාමාජිකපත් දෙමින් සභාපති වශයෙන් කටයුතු කලේ. අර අහිංසක මහාචාර්ය තුමා පැත්ත පලාතකවත් හිටියේ නැහැ. ඊට පස්සේ ගෝඨාභය මහත්තයාගේ නම ජනාධිපති අපේක්ෂකයා ලෙස හඳුන්වාදුන් වෙලාවේ පැවතුන මහා රැලියේදීත් මහින්ද මහත්තයා නැවතත් පොහොට්ටුවේ සභාපති තනතුරට පත්කරගන්නා අන්දම අපි දැක්කා. ඊට පස්සේ ආයෙත් "පක්ෂයේ සභාපති මහාචාර්ය තුමා" කියල කියන්න පටන් අරගෙන. අද පැවැත්වුන ශ්‍රීලනිප සහ පොහොට්ටු සාකච්චාවෙන් පස්සේ මහාචාර්ය තුමා පැත්තකට වෙලා ඉන්දැද්දී මාධ්‍යයට අදහස් දක්වන්නේ බැසිල් මහත්තයා. එයා කියනවා ඉදිරියේදී "පක්ෂ දෙකේ සභාපති වරුන් දෙදෙනා"අතරේ සාකච්චාවක් තියන්න තීන්දු කල බව. ඒකියන්නේ "මහින්ද මහත්තයයි ජනාධිපති තුමයි අතරේද නැත්නම් මහාචාර්ය තුමයි ජනාධිපති තුමයි" අතරේද? එක පවුලක් රජකරවන්න යන එකෙන් වෙලා තියෙන්නේ මහා ජංජාලයක්. මහාචාර්ය තුමා පව්.
පොහොට්ටු, මල්පොකුරු අර ධාන මේ ධාන යා..// එකම හිවලුන් රගපාන නාටක ගොන් පොර යා..// ප්‍රේක්ෂකන් බැලුවත් ඔලුවල නැහැ වෙනසක් නේ..// එබැවින් පතමු දෙවි පිහිටක් වෙනසක් දැකුමට නේ..//
ලංකාවේ දේශපාලන වැඩ වලට ඇමෙරිකානුවෙක් වන බැසිල් රාජපක්ෂ මහතා තමයි ප්‍රධානත්වය ගන්නේ
බළලා මැටියෙන් හරි කමක් නැහැ මීයෝ අල්ලනවානම්