දකුණු අප්‍රිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සංචාරය කරමින් විස්සයි-20 තරගාවලි ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරිහූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූහ.
පැමිණ සිටි පිරිස වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමූ ජනාධිපති සිරිසේන මහතා ක්‍රිකට් ක්‍රීඩකයින් සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
මේ අවස්ථාවට ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, ආසියානු ක්‍රිකට් සභාවේ සභාපති ෂාරියාර් ඛාන්, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති අමාත්‍ය නස්මුල් හසන් සහ එහි විධායක නිලධාරී නිසාම් උද්දින් චෞද්රි යන මහත්වරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝද සහභාගී වී සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද සරල ජනපතිගේ වැඩ. අරලියගහ මන්දිරේ පොදු රාජ්‍ය මණ්ඩල නායකයන් වෙනුවෙන් නවීකරණය කරපු එක මහ ලොකුවට විවේචනය කරපු මෙයා කොහොමද මේ මන්දිරේට කරලා තියෙන සුපිරි වියදම්.
දහම්, ඔයා පින්තුරෙන් කොහොමද ඔච්චර විස්තර කියන්නෙ? ඔයා මේකෙ ඇතුල මීට පෙර දෑකලා තියෙනවද?
ඔය ප්‍රවෘත්තිය දාන්න ඕන මෙහෙමයි. රටේ ජනතාවගේ බදු මුදලින් ජනාධිපතිතුමා ක්‍රිකට් කණ්ඩායමට භෝජන සංග්‍රහයක් දුන්න. ඒ අතර දවසට බිස්කට් 3ක් කාල ජීවත්වන මිනිස්සුත් ඉන්නවා.
සනාට සහ කළුට අත් දෙක තියාගෙන ඉන්න විදිය හරිම ආදරනියයි... !!!
ඔව් දැන් මෙයාට අඩු මෙටික තමා. මිනිස්සුන්ට එදා වේල පිරිමහ ගන්න නැතුව නොකා නොබී ඉන්න වෙලාවේ.
දැන් එතකොට විස්සයි විස්ස විතරද ක්‍රිකට් වල තියන්න එතකොට ටෙස්ට්, එක්දින මැච් අනාගෙන පැරදුනේ ලංකාව නෙවි වෙන්න ඇති. සොරි අනේ නිකමට් ලියුන ටීම් එක හෝදගෙන පරදිනෝ පත්තර ටීවී චැනල් වලට පේන්න දිනන ඒවා විතරයි .ලංකාව ඔච්චර ලොකු ටීම් එකක් නෙවි. මේ අවුරුද්ද මැච් 6 දිනන ඒ වගේ 4 ගුණයක් පරදි ඔය සංග්‍රහය ධවල මන්දිරයේ තියන්න තිබ්බ
තමන්ගේ අතින් වියදම් කරලා දීල වගේ. අපරාදේ බොරු ෂෝ වලට වියදම් කරන ජනතාවගේ සල්ලි. ඔය සල්ලි ටික අර වහල කඩ වැටිලා ළමයි තුවාල වූනා වගේ ඉස්කෝලෙකට දුන්න නම් කොච්චර වටිනවද.
බංගලාදේශ අයටත් පරදින අපේ කණ්ඩායමට මෙන්න රජ මගුල්
ඔය කලු සහ සනා බෝයිස් වගේ අද ඕපන් කරන්න සඳුන් වීරක්කොඩියි නිරෝෂන් දික්වැල්ලයි දිගටම දැම්ම නම් සාර්ථක ප්‍රතිපල ලැබෙන්න ඉඩ තියෙනවා. හැමතිස්සෙම අත්හදා බලන්න එපා එක් දින තරග වලට.
ක්‍රිකට් ..... ආ ...... එහෙම ක්‍රීඩාවක් තාමත් ලංකාවේ තියෙනවද ..?
මාරාන්තික උණ වසංගත 3 කින් රටම ගිලගනිද්දී සහ රටේ බොහෝ මිනිසුන් හරිහැටි ආහාර වේලක් නොකන කාලයක රටේ ජනාධිපති තම ප්‍රතිරූපය නැග්විම සඳහා ක්‍රිකට් ක්‍රීඩකයින් සමග භෝජන සංග්‍රහ මහ ඉහලින් පැවැත්වීම කිසිසේත් අනුමත කල නොහැක