( දියතලාව - ඩී.කේ.රත්න )
බණ්ඩාරවෙල ප‍්‍රදේශයට මේ දිනවලදී ඇද හැලෙන වර්ෂාවත් සමඟ මේ වන විට බණ්ඩාරවෙල කිරිදි ඇල්ල නැවතත් සක‍්‍රීය වී තිබේ.
වර්ෂාව අඩු කාලවලදී බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ ඇති සුන්දර දිය ඇලි හි ජලය ඉතාමත්ම අඩුවන අතර වර්ෂාව ආරම්භවීමත් සමඟ ඉතාමත්ම සුන්දරවේ.
කිරිදි ඇල්ල බණ්ඩාරවෙල නගරයට කිලෝමීටරයක් පමණ දුරින් බණ්ඩාරවෙල කොළඹ ප‍්‍රධාන මාර්ගය අසලම බණ්ඩාරවෙල ඇල්ලතොට ප‍්‍රදේශයේ පිහිටි බණ්ඩාරවෙල ඇල්ලතොට ඔය ගලා ආසන්නයේ පිහිටා ඇත.
අඩි සියයක පමණ උසකින් යුත් මෙම සුන්දර කිරිදි ඇල්ල නැවතත් සක‍්‍රීය වීම නිසා දෙස් විදෙස් සංචාරකයින්ට මෙම ඇල්ලේ සුන්දරත්වය දැක බලා ගැනීමේ හැකියාව මේ වන විට ලැබී තිබෙන අතර බදුල්ල කොළඹ මාර්ගයේ බණ්ඩාරවෙල පසුකර යන සියලූ දෙනාටම මෙම සුන්දර කිරිදි ඇල්ල නැරඹීමේ අවස්ථාව හිමිව තිබේ.




2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැස්සෙන් බණ්ඩාරවෙල කිරිදි ඇල්ලත් සක්‍රීය වෙයි