(නිමල කොඩිතුවක්කු)
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වැනි උපන් දින සාදය විශේෂ අවශ්‍යතා ඇති පිරිසක් සමඟ කොළඹ අරලියගහ මන්දිරයේදි අද(24) පස්වරුවේ සමරනු ලැබීය.
සිය උපන් දිනය වෙනුවෙන් එම පිරිස සමග කේක් ගෙඩියක්ද කැපූ අගමැතිවරයා ඔවුන් සමග සිය උපන්දිනයේ සතුට බෙදා ගත්තේය.
එහිදී එම පිරිස වෙත කෘතිම පාද සහ ත්‍යාග පිරිනැමූ අගමැතිවරයා ඔවුන්ට ආහාර පාන වලින්ද සංග්‍රහ කළේය. මීට අමතරව එහි සිටි දරුවන් සඳහා බැංකු ගිණුම් ප්‍රදානය කිරිමද අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.
මෙම අවස්ථාවට වැඩම කළ සේදවත්ත පුරාණ විහාරාධිපති අබන්පොල ඥාණාලෝක හිමි, ගංගොඩවිල පුෂ්පාරාමාධිපති කහටපිටියේ පඤ්ඤාසාර හිමි ඇතුලූ මහා සංඝරත්නය රනිල් වික්‍රමසිංහ මහතාට ෙසත් පතා පිරිත් නූල් බැඳ ආශිර්වාද කළහ. මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
මෙම අවස්ථාවට අගමැතිවරයාගේ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අගමැති කාර්‍ය මණ්ඩල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක, ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, ආශු මාරසිංහ යන මහත්වරු ඇතුලූ පිරිසක් ද එක්ව සිටියහ.
(ඡායාරූප- ජයමාල් චන්ද්‍රසිරි)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිතුමනි, දීර්ඝායුෂ ඔබතුමාට...
හොඳ ක්‍රියාවක්...
අගමැතිතුමනි, ඔබට සුභ උපන් දිනයක්!
ඡන්දෙ කිට්ටු නිසා වෙන්න ඇති. නැතිනම් වෙනදට කේක් කපන්න රටවල් වලට යනවනේ.
ආබාදිත අයවලුන් තමන් ලගට ගෙන්නලා මහජන මුදලින් ප්ලාස්ටික් කකුලක් දීලා පත්තරේ දාගන්න තරම් අපේ නායකයෝ පහත් තැනට වැටිලා. ලජ්ජා වෙන්න කකුලක් නැති කෙනෙකුට ගමේ ග්‍රාමසේවක හරහා එය ඉටු කරගන්නට බැරි තැනට රටක් පත්ව තිබීම ගැන. තමන් හරි හම්බ කල මුදලින් පුද්ගලික පරිත්‍යාගයක් ලෙස දුප්පත් කෙනෙකු ලගට ගිහින් යමක් දීලා සතුටින් උපන් දිනය සමරන්න බැරි තරම් මානසික තත්වයකයි අපේ නායකයෝ ඉන්නේ. ලැජ්ජයි.
රටේ ජනතාවගේ ඡන්දෙන් පත්වෙලා, රජයේ මුදලින් ජීවත්වන, දේශපාලනය එකම රස්සාව කරගනිපු අය ජනතාවට හදවතින්ම ලැදි මේවා වැනි වැඩ හැම දිනයම කලයුතුයි... එසේ නොකළ artificial love සෝබනයට නම් ඡන්දෙ ලඟ එනකොට කරන්න එපා... මෙයා නම් බොහෝ කලකට පසු දැකුම්කලු දසුනක්... අර පතෝල මැස්සා පොහොට්ටුවෙන් හැලිලා අායෙත් මේ පැත්තට වැනෙනවා වගේ පෙනෙන්නේ... ජනාධිපතිවරණයට ගාව ගන්න නම් එපා හත් දෙයියනේ..
70වෙනි ගැටය නිසා ගැටහැත්ත වුනේ.. 70වෙනි දිනය නිසා පින්කමකට සිත් ඇදුනේ... අපහසු අයට උදව්වනම් හොඳ වැඩනේ... සැමදා මෙවන් වැඩවලටත් සිත් යොමුනේ..
ගැලපෙන එකතුවක්...!
රටේ සාමාන්‍ය මිනිස්සු අවුරුදු 55න් විශ්‍රාම යවනවා දැන් බොලට වයසයි වැඩ බෑ කියල. රට හැමදාම ආපස්සට.
ඔබතුමාට සුභ උපන් දිනයක්