(දීපාල් ද සිල්වා)
අගමැතිට එරෙහි විශ්වාසභංගය පරාජය කරන ලෙස ඉල්ලමින් ශ්රි ලංකා දේශාහිමානි පෙරමුණේ සාමාජිකයින් පිරිසක් හික්කඩුව සීනිගම දෙවොල් දේවාලයේදි අද (04) උදෑසන දේව කන්නලව්වක් කර පා ගමනින් පාර්ලිමේන්තුවට යාමට පිටත් වුහ.
බදාදා (04) පාර්ලිමේන්තුව ඉදිරිපිට දි දෝෂාභියෝගය පරාජය කරන ලෙස ඉල්ලමින් විරෝධතාවක නිරතවන බවද එහි සභාපති දකුණු පළාත් සභා හිටපු මන්ත්රි පුෂ්පකුමාර ද සොයිසා මහතා සඳහන් කළේය.

COMMENTS
මෙවැනි පුවත් ලංකාදීපේ ප්රධාන පුවත් විදිහට දාන්නේ ඇයි?
මාර බලපෑමක් කරයි
මේවා තමයි නියම ගොන් පාර්ට්. දැක්කම බඩදගලනවා.
මෙවැනි හරක්.....................
බැරි වෙලාවත් දෙවියන්ට මේ ඉල්ලීම ඉෂ්ඨ කරන්න බැරි උනොත් දෙවියන් පිලිබඳ විශ්වාසයත් භංග වෙනවා.
විස්වාස භංගයට මේ ඉන්න පිරිස ගානටම ඡන්ද අවොත් මොකක් වෙයිද ???
මෙවැනි ක්රියාවන්ගෙන් අදහස්වන්නේ රටේ ආර්ථිකය විනාශකළ අයගේ ක්රියා කලාපය අනුමත කිරීමේ උත්සාහය නොවේද ? අවංකව පක්ෂ පාට ගැන නොසිතා තම සිතට එකගව මෙදෙස බලන්න.
රට තිබෙන තැන ගැන පුදුම වෙන්න දෙයක් නෑ... පාලිතයන් භක්තියෙන් අන්ධ වෙලා..... පාලකයන් බලයෙන් අන්ධවෙලා... රටේ අනාගතය අදුරුවෙලා .....
සමහර මිනිස්සුන්ට විනාස කරන්න වටිනා කාලය කොච්චර තියෙනවද? අනේ මන්ද..රට කොහොමද ගොඩ ගන්නෙ මේ වගේ බොරු දේවල් විශ්වාස කරන මිනිස්සුන්ගෙන්. විශ්වාසභංගය පරද්දන්න ඕනෙනම්, අගමැතිට කියන්න හරියට වැඩ කරන්න කියලා. එයාගේ ඔලුවෙ පොල් ගෙඩි දෙක තුනක් ගැහුවනම්, මොලේ පෑදෙයි..................
ඕකට දේව පුජාවල් තියල හරියන්නේ නැහැ . කරන්න තියන්නේ සුදු කොලයක් අරගෙන එකේ ලියන්න ඕනේ විශ්වාසභංගය පැරදේවා කියලා. ඊටපස්සේ ඒ සුදු කොලේ ලියුමක් වගේ නවන්න පාන් රාතලක් අරගෙන එකේ ඇතුලටම ඔබන්න . විවාදය දවසට ඒ පාන් රාත්තල පාර්ලිමේන්තුවට අරගෙන ගිහින් තියන්න. වැඩේ ගොඩ යනවා සත්තයි.
මේ දෙයියෝන්ටත් කරන්න පුළුවන් දෙයක් නැත, වැඩිම ගානක් දේශපාලුවන්ට මුදල් දී ඔවුන්ගේ ඡන්දය ලබාගත හැක.
මෙවැනි වැඩ සදහා ජාතික කොඩිය භාවිත කිරීම දැඩි දඩුවම් ලැබිය හැකි වරදකි. ඇයි පොලිසියෙන් මේවට ක්රියා මාර්ගයක් ගන්නේ නැත්තේ?
දේශාභිමානය ?????????????
මගේ පවූලේ මීට වැඩිය ගානක් ඉන්නවා,
මෙහෙමත් මිනිස්සු
අපෝ ඔය වට්ටියේ සයිස් එක මදි. අපි ඔයිට වැඩ ලොකු පලතුරු වට්ටියක් තිබ්බේ දිනවලා දෙන්න කියලා. ඒක නිසා දෙයියෝ අපි දිහා බලන්නේ.
වට්ටියේ තියෙන පලතුරු ටික කට්ටියට ඇතිවෙයි.
ඔය පලතුරු වට්ටිය කාල බෙරේ වැවෙන් නාලා ගෙදරගිහින් ගහක් කොලක් හිටෙව්වනම් රටට සෙතක් . නැතිනම් කට්ටියම එකතුවෙලා මුහුදු වෙරළේ තියෙන කුණු ටිකවත් අහුලලා දැම්මනම් හොදයි .
මෙවන් ජනතාවක් සිටිනතාක් කල් පාලකයන් තව තවත් ජනතා දේපල විනාශ කරනු ඇත. රට තව තවත් අගාධයට යවනු ඇත.
සීනිගම දේවාලේ කන්නලෞ කලාට හොරු බේරන්න බැහැ . දෙවියෝ තවත් කෝප වෙනවා. මේ අසාධාරණ ඉල්ලීම කරන මිනිස්සුන්වත් දේව ශාපයට ලක්වෙනවා එකාන්තෛ .
රාජිතගේ ගෝලයෝ ටික. අපි මුන්ව හොඳට දන්නවා. මුන්ට කොහෙද දේශාභිමානයක් ?