IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


වැලි ජාවාරම්කරුවෝ මී ඔයත් කා දමති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස්ථාන ගනනාවකට මැදිව  පිහිටා ඇති මී ඔය නදියේ වැලි ජාවාරම හේතුවෙන් දැවැන්ත පරිසර හානියක් සිදුව ඇති බව ජනතාව චෝදනා නගති.

නවගත්තේගම පොලිස් වසමේ සිට ආණමඩුව, කරුවලගස්වැව, වනාතවිල්ලුව,  පුත්තලම පොලිස් කොට්ඨාස දක්වා මී ඔය ගලා යන අතර වනාතවිල්ලුව ප්‍රදේශීය ලේකම් වසම හා පුත්තලම අතර මනතිව් ආසන්නයේදි පුත්තලම කලපුවට මීඔය වැටිම සිදුවෙයි.

අතිතයේ සුන්දර පරිසර පද්ධතියකට හිමිකම් පෑ මී ඔය අද වන විට වැලි ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතුවි විනාශ වි තිබේ.

මී ඔය තුළ වැලි කැණිම් සදහා අවසර ඇති බලපත්‍ර ලාභින් ගණන 26 දෙනෙකු වුවත් නවගත්තේගම සිට පුත්තලම දක්වා 500 වැඩි ස්ථාන වල නිති විරෝධි ආකාරයට මී ඔය පරිසර තුළ පරිසර පද්ධතිය වනසා දමමින් සිදු කර ඇති හානියට නීතිය ක්‍රියාත්මක කරන අංශ වගකිව යුතු බව ජනතාව චෝදනා කරයි.

එසේම මී ඔයේ නිති විරෝධි වැලි හැරිම නිසා ඔය තුළ තිබු කුඹුක් ගස් දහස් ගනනක් ඉදිරි වැටිමේන් පසුව  දැව ජාවාරම් කරුවන් විසින් විසින් එම ගස් කපා ගැනිමේ ජාවාරමද ක්‍රියාත්මක වන බවද කියති.

මේ වන විට මී ඔය තුළ සිදුවන වැලි ජාවාරම නිසා අඩි 300 ආසන්න ප්‍රමාණයක් ඉවුරු ඛාදනය සිදුව ඇති ආකාරය ද දැක ගත හැකිය.

ඉදිරියේදි වර්ෂාව  ලැබුන හොත් මී ඔයේ වැලි කැණිමට නොහැකි විම නිසා වැලි ජාවාරම් කරුවන් කලින්ම සුදානම් ව සිටින ආකාරය දැක ගත හැක්කේ සාක්කිද සමගය .මේ  වන විට ආණමඩුව පොලිස් වසමට අයත් මී ඔයට ආසන්න ප්‍රදේශ ගණනාවක නිවෙස් ඉදිරි පිට ඉඩම්වල  වැලි කියුබ් 500  කට ආසන්න ප්‍රමාණයක් ද  එසේම පුත්තලම පොලිස් වසමට අයත් මී ඔය ආසන්නයේ වැලි කියුබ් සිය ගණනක්ද කරුවලගස්වැව පොලිස් වසමට ආසන්නයේ ගොඩ දමන වැලි කියුබ් විශාල ප්‍රමාණයක්ද  ගොඩ ගසා ඇති බව කල සංචාරයේදී දැක ගත හැකි විණි.

භු විද්‍යා  සමික්ෂණ හා පතල් කැණීම් කාර්යංශයේ වයඹ පළාත් ප්‍රාදේශීය කැණිම් ඉංජීනේරු ධම්මික ප්‍රසාද් මහතාගෙන් කළ විමසිමේදි පවසා සිටියේ වයඹ පළාතේ ප්‍රාදේශීය ලේකම්  බල ප්‍රදේශ 46 ක කේෂත්‍ර පරික්ෂණයට අපිට සිටින්නේ නිළධාරින් තුන් දෙනකු බවත් ඒ නිසාම මී ඔය තුළ කේෂත්‍ර පරික්ෂණ නිති පතා සිදු කිරීම අපහසු බවත්ය. ‘‘මේ වන විට මී ඔයට කැණිම් සදහා බලපත්‍ර ලබා දි තිබේන්නේ 26 දෙනෙකු සදහා පමනයී. හැබැයී 90 වකට ආසන්න පිරිසක් ඉල්ලුම් කර තිබුනා .එයට බලපත්‍ර ලබා දිමක් සිදු වුනේ නැහැ.අපි බැදිලා ඉන්නේ බලපත්‍ර ලබා දුන්න පිරිස පිළිබදව සොයා බලන්න පමණයි .මොකද අපි මේ නිසා මග හැරිමක් කරන්නේ නැහැ නමුත් වෙනත් පිරිස් හා කන්ඩායම් කරන හානියට අපේ නිළධාරින් ප්‍රමානවත් නැති නිසා පොලිස් විශේෂ කාර්ය බළකායත් යොදවා තිබේනවා . අපි අපිට හැකි උපරිම ලෙස ක්‍රියාත්මක වි තිබෙනවා . සති දෙකකට පෙරත් ආණමඩුව පැත්තේන මී ඔයට කේෂත්‍ර පරික්ෂණයට නිළධාරින් ගියා‘‘ යැයි ද ඔහු පැවසිය .

 පුත්තලම නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතා මෙසේ පැවසීය.

“  මේ පිළිබදව අපි නිතිය ක්‍රියාත්මක කර තිබේනවා වයඹ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමාත් කණ්ඩායම් කිපයක් එවා තිබෙනවා .මමත් තවත් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා .පසුගිය දවසක වැලි ගොඩ දාන්න යොදා ගන්නා පාරු කිහිපයකුත් අත් අඩංගුවට ගත්තා .ඒ වාගේමයි එක් බලපත්‍රයක් අරගත්ත අය තවත් තැන් වල කරනවා එයට අමතරව මී ඔයට සම්බන්ධ ආයතන රැසක් තිබුනාට සොයා නොබලන බවයි අපිට තොරතුරු තිබෙන්නේ‘‘ 



අදහස් (0)

වැලි ජාවාරම්කරුවෝ මී ඔයත් කා දමති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1104 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1127 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site