(නිමල කොඩිතුවක්කු / ඡායාරූප - ඉෂාන් සංජීව)
ශ‍්‍රි ලංකා වෛද්‍ය සභාවේ ක‍්‍රියා කළාපයට විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඇතුලූ සංගම් කිහිපයක් එක්ව වෛද්‍ය සභාව ඉදිරිපිට ඒකාබද්ධ උද්ඝෝෂණයක නිරත විය.
පස්වරු 1.00ට පමණ ආරම්භ වූ මෙම උද්ඝෝෂණය පැයකට අධික කාලයක් පැවති අතර විරෝධතාකරුවෝ එහිදී ශි‍්‍ර ලංකා වෛද්‍ය සභාව වෙත සංදේශයක්ද භාර දුන්හ.
විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුලූ පිරිසක්ද මේ සදහා එක්ව සිටි අතර විරෝධතාව අතරතුරදී මිනීපෙට්ටියක ආකෘතියකටද ගිනි තබනු ලැබීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අපේ කරුමේ මේ හදන්නේ නිදහස් අධ්‍යාපනේ මළගමේ අවසානය..................
දෙවැනි ඡායාරූපයේ සිටින දුව මෙසේ අසයි: " අම්මේ මොනවද මේ අයියලා අක්කලා කරන්නේ?" අම්මා : "ඉක්මනට යන් ළමයෝ. ඕවා බල බල හිටියොත් ටියුෂන් පන්තියට පරක්කු වෙනවා" කියයි.
දුවත් මවත් යනවිට පාසැල ඇරිලා.. කෑගසනවා වැඩිහිටියන් පෙළ ගැසිලා.. ඇහුවා අම්මේ ඇයි මේ අය පෙළ ගැසිලා.. කිව්වා අම්මා රට දියුණුයි කියලා...
දැන් අර සමහර පුද්ගලික රෝහල් වලදී රෝගීන්ගේ ජිවිත වෛද්‍යවරුන්ගේ වරදින් නැති වුණු අවස්ථා තියෙනවනේ. එතකොට ඒවා රෝහින්ගේ ජීවිත අනතුරේ හෙලීමක් නෙවෙයිද? ඒවාට විරුද්ධව උත්ඝෝෂණ නැද්ද?