(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
කතරගම දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන ඇසළ උත්සවය සඳහා මේ දිනවල දිවයිනේ නන් දෙසින් හින්දු බැතිමතුන් පාද යාත්‍රා මගින් සහභාගී වීම සිදු කරනු ලබයි.
මස්කෙළිය ප්‍රදේශයේ තේවතුවල වතු කම්කරුවන් ඇතුළු විශාල පිරිසක් අද (1) මස්කෙළිය ශ්‍රී ෂන්මුගනාද ස්වාමි හින්දු කෝවිලේ විශේෂ දේව පූජාවකින් පසුව ප.ව. 3.00 ට පමණ කතරගම දේවාලය බලා ගමන් කරන පාද යාත්‍රාව ආරම්භ කෙරිණි.
මෙම හින්දු බැතිමතුන් පිරිස ශ්‍රී ෂන්මුගනාදන් හින්දු කෝවිලෙන් ගමන් ආරම්භ කර මස්කෙළිය ශ්‍රී සුමනාරාම විහාරස්ථානයට ගොස් විහාරාධිපති තපෝවනයේ සුසීත හිමියන්ගේ ආශීර්වාදය ලබාගැනීම විශේෂ සිද්ධියකි.
පසුව මෙම පිරිස මස්කෙළිය නගරයේ විදී සංචාරය කර කුඩා මස්කෙළිය, නෝර්වුඩ්, දික්ඔය නගරයේ පිහිටි අම්මාන් හින්දු කෝවිල බලා ගමන් කර අද රාත්‍රීය එහි ගත කරන බව සංවිධායකයෝ පවසති.
මෙම පා ගමන ජූලි (13) වැනි දා කතරගම පූජා භූමිය වෙත පා ගමනින් ළඟා වීමට නියමිතය.




2025 දෙසැම්බර් මස 04
507
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
474
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වතුකම්කරුවෝ කතරගමට පාද යාත්‍රා කරති
vidya Sunday, 01 July 2018 06:21 PM
මෙවන් අහිංසක මිනිසුන්ගේ සිතුම් පැතුම් ඉටුවේවා.
Thilina Sunday, 01 July 2018 07:11 PM
"අව්‍යාජ සහජීවනයේ නොනවතින මෙහෙවර" ට සොම්නසින් සුභාශිංසන!!!.
abaran Monday, 02 July 2018 11:25 AM
මේ අයට ඉතින් හැමදාම දෙයියන්ගේම පිහිට තමා....