(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදුණු විදේශීය සංචාරකයන් රට තුළදී ලබා ගත් භාණ්ඩ මත අය කළ බදු මුදල් ආපසු ගෙවීමේ කවුන්ටරය අද (11) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතින් විවෘත කෙරිණි.
මෙම නව ගෙවීම් කවුන්ටරය දවසේ පැය 24 පුරා වසරේ දින 365 ම විදේශීය සංචාරකයන් සදහා විවෘතව පවතින බවත් මෙය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යන්නකි.
මෙම අවස්ථාවේදී රැස්ව සිටි පිරිස ඇමතූ මංගල සමරවීර මහතා මෙසේ කීය.
මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවට වැඩිපුර විදේශීය සංචාරකයන් ගෙන්වා ගැනීම සදහා ආරම්භ කරන ලද වැඩසටහනක්. මේ මගින් මෙම සංචාරකයන් ශ්‍රී ලංකාව තුළදී මිලදී ගත් භාණ්ඩ සඳහා ඔවුන්ගෙන් අය කළ 15% ක එකතු කළ අගය මත බද්දෙන් ( වැට් ) 80% ක් මෙම කවුන්ටරයෙන් එම සංචාරකයන් සදහා ආපසු ගෙවනනු ලබනවා. ඉතිරි 20% පරිපාලන කටයුතු සදහා රදවා තබා ගන්නවා.
මේ සඳහා මෙම විදේශීය සංචාරකයන් ඔවුන් මිලදී ගත් ආයතන වෙතින් ලබාගත් බිල් පත්‍ර මෙම කවුන්ටරය වෙත ඉදිරිපත් කළ යුතු වෙනවා. ලෝකයේ සෑම දියුණු රටකම මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා . ඒ මගින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනවා.
මෙම කවුන්ටරය මගින් සේවා සැපයීමේ දී එක් සංචාරකයකු සඳහා විනාඩි 5 ක් වැනි සුළු කාලයක් පමණක් වැය කරන ලෙසද මේ සඳහා ඉතාමත් සරල ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන ලෙස ද දේශීය ආදායම් නිලධාරීන් හට අමාත්‍ය මංගල සමරවීර මහතා පෞද්ගලිකවම උපදෙස් ද දුන්නේය .
මෙම උත්සව අවස්ථාව සඳහා මුදල් සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක, මහා භාණ්ඩාගාරයේ ලේකම් ආර්.එස්.එච්.සමරතුංග ඇතුළු මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන් තොටුපොළ උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කවුන්ටරයට ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නැති පාටයි. ඒ නිසා ප්‍රමාදවීම් සිදු විය හැක.
හරි මෝඩ වැඩක්. අනිත් රටවල් මෙහෙම කරන්නේ නැහැ...........
ලෝකේ දියුණු රටවල් නෙමේ නේපාල වගේ රටවල් වලත් ඕක තියෙනවා අපේ උන්ට මහලොකු දේවල් උනාට, අපේ ගුවන් තොටුපොල දැක්කහම කොහොමත් සංචාරකයන්ට එතැනින්ම එපා වෙනවා කිසිම පිළිවෙලක් නැති විනයක් නැති තැනක්...
අපිත් යමු රට. දැන් වෙන මොනව කරන්නද? මෙහෙ බඩුමිල එක්ක. එ්ක නිසා අපිටත් වෙන්නේ රට යන්න.
විදේශිකයන්ට පුළුවන් තරම් සහන ලංකාවේ මිනිස්සුන්ට පුළුවන් තරම් බදු. මෙහෙම ආණ්ඩුවක්. සමහර විට ලක්ෂ 62 ට නම් ගොඩක් සතුටු ඇති. ඒ ගොල්ලො බදු ගෙව්වත් විදේශිකයන්ට සහන දෙනවට.
ඒකටත් සමහර දේවල් පාලනය කරන්නේ මැති ඇමැතිවරු... කවදා මේ රටවල් හැදෙයිද මන්දා? මෙහෙමත් කාලකණ්ණි රටවල්..
මැද පෙරදිග දුක් විඳින මිනිස්සු මොනවා හරි ගෙනාවොත් තමයි.....මෙහෙම වෙන්නේ
පිට රටක් අහලවත් නැති ලිං ගෙම්බන් අහනවා ලෝකේ කොහෙද එහෙම රටක් තියෙන්නේ කියල, පොඩ්ඩක් ඉගෙන ගෙන එන්න ඒ කට්ටිය සිංගප්පුරුව කියල රටක් ගැන පොඩ්ඩක්, ඇත්තටම මේක සාධාරණ හොද තීරණයක්,
ස්විඩනයේත් මෙම ක්‍රමය තියනවා. මෙහෙවෙන්නේ මිලට ගත් බුඩුව බහලු කවරය වැසූ පරිදි අලවා තිබියයුතුය. වැට් බද්ද පෙන්වන බිල් පතද එහි අලවා තිබියයුතු වේ. හැබැයි ලංකාවේ සිදුවන අක්ක්‍රමිකතා අනුව. අනුව මේ විදියට සිදුවේදැයි සැකසහිතයි. ඇඳුනුම් කමට හෝ වෙනත් සම්බන්දකම්වලට බිල්පත් පමණක් ඉදිරිපත් කොට මුදල ලබාගෙන පිටවෙන්න පුළුවන්.
අනේ හොඳයි. ලංකාවේ හින්ගන්නා ගන්න සබන් කැටෙනුත් බදු ගහල, පුළුවන් තරම් විදේශිකයාට සහන දෙන්න. ඉල්ලීම් දුන්නේ නැත්නම් ඒ මිනිස්සු රටට එන්නේ නැති වෙයි නේද? රටට ඩොලර් අතිරික්තයක් තියෙන නිසා ගෙවන මුදලත් ඩොලර් වලින්ම දෙන්න. අවංක දේශීය ආදායම් මහත්වරු හොරබිල් දමල එහෙම සල්ලි ගන්නේ නැතිවෙයි. මගේ රටට බුදුසරණයි.