(නිශාන්ත කුමාර)
මීට දින කීපයකට පෙර ජල මට්ටම බෙහෙවින් පහත වැටී තිබූ මහියංගණ ලොග්ගල්ලා ඔය ජලාශය හිටි හැටියේම ඇඳහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟම පිරි වාන් දැමීමට පියවර ගෙන ඇත.
ලොග්ගල්ලා ඔය ජලාශයේ සිට ජලාශ හා කෙත්බිම් කරා ජලය රැගෙන යන වියානා ඇල මාර්ගයද පිරී ඉතිරී ගොස් තිබේ.
මහවැලි ගඟේ හා ලොග්ගල්ලා ඔයේ ජලයෙන් පෝෂණය ලබන ලොග්ගල්ලා ඔය ජලාශය මගින් මාපාකඩ, නාගදීප, දියබානාවැව, ආදී ජලාශවලට මෙන්ම ප්රදේශයේ කුඹූරු අක්කර දහස් ගණනක් වෙත ද දියවර සැපයෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවැරදි නම ලොග්ගල් ඔය විය යුතුයි...
දේවෝ වස්සතු කාලේන රාජා භවතු ධම්මිකෝ !!!
එක දවසක් වැස්සම ජලාශ උතුරනවා. එ්ත් සතියක් පෑව්වොත් ගොවිතැන් වලට වතුර නැහැ. පුදුම වැඩක් මේක. කාලකන්නි වාරිමාර්ග කළමනාකරණය. ඕවායේ රොන්මඩ අරන් දාලා, ලෑස්තිවෙලා ඉන්න. වහිනකොට නිකන් බොරුවට විකාර කියන්නේ නැතුව. නිකන් තියෙන වතුර ටික ජල විදුලියට දීලා... අන්තිමට වතුර නැහැ. සූර්ය, සුළං බලාගාර හදන්න.