හර්ෂණ තුෂාර සිල්වා
මාසිකව සංවිධානය කෙරෙන ලංකාදීප සදහම් චාරිකා වැඩසටහන යටතේ මෙවර යුගාසන කාව්‍ය ධර්ම දේශනාව තන්තිරිමලේ විහාරස්ථානයේ පිහිටි අෂ්ඨඵල බෝධීන් වහන්සේ ඉදිරිපිට දී අද (27) පස්වරුවේ ආරම්භ විය.
කොළඹ, සේදවත්ත නවලෝක විහාරාධිපති කිවිපති පන්නල ඥානාලෝක හිමියන් විසින් එහිදි ධර්ම දේශනයක් පවත්වනු ලැබිණි.
නන් දෙසින් ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයට පැමිණ පෙහෙවස් සමාදන් වූ උවසු උවැසියෝ විශාල පිරිසක් ධර්ම ශ්‍රවණය සඳහා සහභාගී වූහ.
ඡායාරූප - ශාන්ත රත්නායක






ඓතිහාසික තන්තිරිමලේ විහාර පරිශ්‍රය විදුලි බුබුළු 40,000 කට අධික සංඛ්‍යාවකින් ඒකාලෝක වූ අයුරු.
ඡායාරූප - ශාන්ත රත්නායක



තන්තිරිමලේ විමලඥාන ධර්ම විද්‍යාලයේ සිසුවියන්ගේ සහභාගීත්වයෙන් පැවැති බැති ගී ප්‍රසංගය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැතිපෙම් උතුරායන සුන්දර සාන්ත පරිසරයක්!