(ප්‍රසන්න පත්මසිරි)
බිබිල නිල්ගල ඖෂධීය රක්ෂිත වනය මැදින් ගලා යන රඹකැන් ඔයේ සිදුකරන අනවසර වැලි ජාවාරම නිසා වනයේ ගස් වැල් විනාශ වී යෑමේ අවදානමක් තිබෙන බව රතුගල ආදිවාසි නායක සුදාවන්නිල ඇත්තෝ කියති.
පසුගිය වසර කිහිපයේ දී රතුගල ගම්මානය මැදින් ගලා යන ඔයේ වැලි කැනීමට බලපත්‍ර කිහිපයක් රජයෙන් ලබාදී තිබුණත් ජාවාරම් කරුවන් රක්ෂිතයේ වැලි කැනීමෙන් වනයට දැඩි හානි සිදුව තිබේ.
අනවසරින් වැලි කැනීම නිසා අඩි 8-10 ක් ගැඹුරු වී තිබෙන ඔයට දෙපස තිබෙන කුඹුක්,ගම්මලු,බුරුත වැනි වටිනා ගස් පෙරැළී ඇති බවත් ඔය ගැඹුරුවීමෙන් වනයේ තිබු ජල උල්පත් සියල්ල සිදී ගොස් වනාන්තරයම වියළී තිබෙන බවද ආදිවාසි නායක සුදා වන්නිල ඇත්තෝ කියයි.




COMMENTS
අනේ කොච්චර ලස්සන පරිසරයක්ද මේ අපේම අය විනාශ කරන්නේ........ස්ථිරවම කොහෙවත් යන දේශපාලුවෙක් මේ විනාශය පසුපස ඇති.
මේවා ගැන ඇත්තටම ලියලම ඇතිවෙලා. පරිසරයට, තුරුලතාවලට, වනේ වනසතුන්ට ආදරය කරන නායකයෙක් රටට ඉන්න ඕනේ මේවා නවත්තන්න නම්... නීති ඕනෑතරම් තියෙනවා. හැබැයි දේශපාලන බලපෑම් නිසා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සරල වැඩක් කරන්න තියෙන්නේ. ඉතා සංවේදී ගහකොළ තියෙන පරිසරවල වැලි ගොඩ දාන බලපත්‍ර නොදී ඉන්න ඕනේ. මේක කරන්න කොන්දක් නැහැ...