(රොමේෂ් මධුෂංඛ)
නොවැම්බර් 27 වැනිදාට යෙදෙන මහවිරු දිනයට සමගාමීව නම් කර තිබෙන ‘මහවිරු සතිය‘ වෙනුවෙන් යාපනය සරසවියේ ඇතුළු උතුරු පළාතේ ස්ථාන කිහිපයක සැමරුම් පැවැත්විණි.
යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට ඊයේ (21) රාත්‍රියේ ප්‍රතිමාවක් සකස් කර විදුලි පහනක් දල්වා මහවිරු සතිය ආරම්භ කිරීමට එහි සිසුන් පිරිසක් විසින් පියවර ගෙන තිබුණි.
මේ අතර වන්නි විලාන්කුලම් ප්‍රදේශයේදී මහවිරු සොහොනක් අසල පහන් දැල්වීමට මිය ගිය මහවිරුවන්ගේ ඥාතීහු කටයුතු කළහ.
1982 වසරේ නොවැම්බර් 27 වැනිදා කොටි සංවිධානයේ ප්‍රථම සාමාජිකයා වූ කර්නල් එස්.ශංකර් නැමත්තා මිය යාම මූලික කර ගෙන මහ විරු දිනය නම් කර තිබේ.






COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.