(රොමේෂ් මධුෂංඛ)
නොවැම්බර් 27 වැනිදාට යෙදෙන මහවිරු දිනයට සමගාමීව නම් කර තිබෙන ‘මහවිරු සතිය‘ වෙනුවෙන් යාපනය සරසවියේ ඇතුළු උතුරු පළාතේ ස්ථාන කිහිපයක සැමරුම් පැවැත්විණි.
යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට ඊයේ (21) රාත්‍රියේ ප්‍රතිමාවක් සකස් කර විදුලි පහනක් දල්වා මහවිරු සතිය ආරම්භ කිරීමට එහි සිසුන් පිරිසක් විසින් පියවර ගෙන තිබුණි.
මේ අතර වන්නි විලාන්කුලම් ප්‍රදේශයේදී මහවිරු සොහොනක් අසල පහන් දැල්වීමට මිය ගිය මහවිරුවන්ගේ ඥාතීහු කටයුතු කළහ.
1982 වසරේ නොවැම්බර් 27 වැනිදා කොටි සංවිධානයේ ප්‍රථම සාමාජිකයා වූ කර්නල් එස්.ශංකර් නැමත්තා මිය යාම මූලික කර ගෙන මහ විරු දිනය නම් කර තිබේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයෙන් වෙන් කරන ලද මුදල් වලින් නිදහස් අධ්‍යාපනය ලබමින්, විශ්ව විද්‍යාල සිසුන් රටේ මහා භීෂණයක් ඇතිකළ ත්‍රස්තවාදීන් සමරන තෙක් මේ පාලකයන් කට බලියන් ඉන්නේ බයටද? නැත්නම් නිවට කමටද? එසේ නැත්නම් මෙයට ඉඩදීම 'සංහිඳියාව' යැයි පාලකයන් වරදවා වටහාගෙනද?
කොටි සංවිධානය යනු ජාතිවාදී සංවිධානයකි. එය කවුරුත් දනිති. නමුත් උතුරේ කොටි හිතවාදීන් කොටි සැමරීමට දින වෙන් කරගෙන් උත්සව සවිධානය කිරීමද ජාතිවාදී වැඩපිළිවෙලකි. නමුත් දකුණේ මෙවැන්නක් කළා නම් එය ජාතිවාදී වීමට ඉඩ තිබුණි. උතුරට පමණක් මෙය ජාතිවාදී නොවී වීර සමරුමක් සේ ආණ්ඩුව දකින්නේ කෙසේද?
ඇයි මෙතන කර්නල් ශංකර් කියලා හඳුන්වා දෙන්නේ? ඔවුන් ත්‍රස්තවාදීන්. කිසිසේත්ම පිළිගත් හමුදාවට තියන නිලතල වලින් ත්‍රස්තවාදීන්ව හඳුන්වා දෙන්න සුදුසු නැහැ. දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු ඇතුළු ඔවුන් අපේ හමුදාවට කියන්නේ සිංහල හමුදාව කියලා. ඔවුන් කොහොමටත් ශ්‍රී ලංකා හමුදාව කියලා කියන්නෙම නැහැ....
ජේවීපී එකට ඉල් මහ විරුවෝ සමරන්න පුලුවන්නම්... අැයි මෙයාලට බැරි? දෙගොල්ලොම වෙනසක් නෑ. දෙගොල්ලොම කලේ රට විනාශ කරපු එකයි.
ගම්පොල කටිනෙට ගල් ගහනකොට කට බලියන් හිටපු මුස්ලිම් ඇමතිලා ටිකත් , කොටි සමරන වෙලාවේ කට බලියන් ඉන්න ටී එන් ඒ අයියල ටිකත් හරිම සංහිඳියා කාරයෝ.
මේ රුවන්ල වගේ මෙලෝ රහක් නැති උදවිය නිසා තමි රටට මෙහෙම වෙලා තියෙන්නේ.
අපරාදේ කියන්න බෑ අපි අයයි එයාලගේ දෙමව්පියනුයි උද්ඝෝෂණ උපවාස කලේ SAITAM වහන්න. ඒ කියන්නේ තමන්ගේම කෙනෙක්ට වල කපන්න.