රොමේෂ් මධුෂංඛ
ජුලි 5 වැනි දාට යෙදී ඇතැයි සැළකෙන කළු කොටි දිනය වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් ද ඊයේ (5) රාත්‍රීයේ කළු කොටි දිනය සමරා පහන් දැල්වීමට පියවර ගෙන තිබිණි.
යාපනය විශ්ව විද්‍යාලයේ යුද්ධයෙන් මියගිය වැසියන් වෙනුවෙන් ඉදිකර ඇති ස්මාර්කය අසලදී සිසුන් පිරිසක් විසින් රහසිගතව රාත්‍රීයේ සරසවියේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවේදී මෙම කළු කොටි දින සැමරුම සමරා ඇති බවට යාපනය පොලීසිය පවසයි.
1987 වසරේ ජුලි 5 වැනි දා යාපනය නෙල්ලියඩි ප්‍රදේශයේ දී පිහිටි යුද හමුදා කඳවුරක් වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේදී මිය ගිය කැප්ටන් මිල්ලර් නොහොත් වල්ලිපුරම් වසන්තන්ගේ මියයාම වෙනුවෙන් එම වසරේ සිට යුද්ධය අවසන් වන තුරු සෑම වසරකම සිහිකිරීමේ උත්සව පවත්වනු ලැබීය.
කළු කොටි දිනය ගැන වැඩි විස්තර නැරඹීමට පිවිසෙන්න



COMMENTS
අනේ ඔය ළමයි ටිකක් එහෙම කළා කියලා මක් වෙනවද හිටන්. අපි අපිනේ.
දකුණේ ඇතැමුන් විජේවීර සමරනවා නං උතුරේ අයට මේ අයව සමරන්න ඇති බාධාව මොකක්ද? දෙගොල්ලොම එක වගේ වැඩනේ කරේ.
නියමයි....පලු ගෙවල් වල කාට වලන් බිදින්න බැරිද ??
නියපොත්තෙන් කඩන එක බයි පාස් කරන තරමට බලං ඉන්න හොඳ නැහැ. 1981 දී පළමුවරට කොටින් විසින් එක් හමුදා සාමාජිකයකු මරා දාපු මොහොතේ, කොටි සාමාජිකයෝ 9 දෙනක් පමණයිලු හිටියේ. ඒ මොහොතේ ඉහළ හමුදා නිලධාරියකු යෝජනා කළාලු එ් 9 දෙනාම නැත්තටම නැතිකරන්න. එවකට හිටපු බලධාරීන් අසමත්ව, අවසර නොදීම නිසා, 2009 වෙනකං කොතරම් විනාශයට රටක් හැටියට අපිට මුහුණ දෙන්න සිද්ධ වුනා.
කෝ අපේ රටේ ආණ්ඩුව. නිදිද? ත්‍රස්තවාදය සමරන්න තහනම් නැද්ද?
මේ සමරලා තියෙන්නේ කලු කොටි දිනේ.., කලු කොටි කියන්නේ මරාගෙන මැරිලා බෝම්බවලින් අහිංසක මිනිස්සු මරපු අය.., අපේ රටේ දැන් ආණ්ඩුවක් නැහැනේ..
ඔයාලගේ කොමෙන්ට්ස් වලට ලයික් සහ ඩිස්ලයික්.., ඒ බැටන් එක ඕනෑතරම් ගන්න. එක්කෙනෙක්ට ගොඩක් දාන්න පුළුවන්...
සජීව, ජේ.වී.පී එකයි, එල්.ටී.ටී. එකයි වැඩ අතින් සමාන කළාට ඒ දෙකේ අරමුණු අතින් ගත්තම සම්පූර්ණ වෙනස් සංවිධාන දෙකක් කියලා හැමෝම දන්නවා.. ජේ.වී.පී එක කියන්නේ ත්‍රස්ත සංවිධානයක් නෙවෙයි. නමුත් එල්.ටී.ටී.ය කියන්නේ තහනම් ත්‍රස්ත සංවිධානයක්.. ඒ වගේ තහනම් ත්‍රස්ත සංවිධානයක් සැමරීම නීතියෙන් තහනම් දෙයක් ...
දකුණේ ළමයි විජේවීර සමරුවට විශ්වවිද්‍යාලයෙන් පිට වුණාට පස්සේ, සැමරුම් ගැන පැත්ත හැරිලා බලන්නේ නැහැ.
යම් සිදුවීමක සිදුවීම කුමද්ද? එ සම්බන්ධව අතීත සිදුවීම කුමක්ද? ඉදිරි දිශානතිය කුමක්ද? යන්න හරියට කියවා ගන්න බැරි වැඩි ජන පිරිසක් ඇති රටකට දෙයියන්ගේම පිහිටයි.
ඔය සජීව කියන්නේ අර සියඹලාණ්ඩුවේ ජේවීපී.. සජීවද?
දැන් ඉන්නේ ත්‍රස්තවාදය නැවත ඉල්ලන ආණ්ඩුවක්... ඔහොම යමුකෝ..
කොටි සංවිධානය යනු රට බෙදා ඊලාම් රාජ්‍යය සාදා පසුව අකුනේ සිංහල මිනිසුන් සමුල ඝාතනයක් කරා ගෙනගොස් මුළු ලංකාවම අල්ලගන්න සැලසුම් කරපු ඉතා භයානක අරමුණක සිටි ම්ලේච්ච ත්‍රස්ත සංවිධානයක් බව ඔය මුලින් අදහස් දක්වපු දෙන්නට තේරිලා නැහැ.
ලංකාවේ යාපනේ දමිළ කට්ටියට ඕනේ ඊළාම්, සිංහල අපි ඔලුවෙන් හිටගෙන පුනරුත්ථාපනය කළත්, ඒ ගොල්ලෝ සටන එහෙම්ම කරගෙන යනවා. සිංහල අපි අකමැති වුනාට... දෙමළ මිනිස්සු කියලා කී දෙනෙක් මරාගෙන මැරුණද? වරද සිංහල අපේද? දෙමළ ඒ ගොල්ලන්ගේද? එ්කට උත්තරය හොයා ගන්නකම්... විසඳුමක් නොමැත..
අායෙත් නම් යුද්ධයක් එපා.
එහෙම කරලා හරි හිත්වල තියෙන පීඩනය සමනය වෙනවා නම් හොඳයි.
බහුතර දෙමළ ජනයා සාමයට කැමතිය. එහෙත් දෙමළ ජනතාව ලෙහෙසියෙන්ම රැවටිය හැක. ඒ බැව් කොටි කියන කියන ලෙස පෙළගැසීමෙන් පෙනී යයි. ගෝත්රවාදය යනු මිනිසා ශිෂ්ඨ වීමටත් පෙර සිට ජානගත වූ ලක්ෂණයකි. එය ලෙහෙසියෙන් ඉවත් කළ නොහැක. එසේ ඉවත් විය යුත්තේ ධ්‍යානගත සහ සිත හික්ම වූ අයට පමණි. අපේ අවාසනාවට අපේ රටේ එවැනි ගති වැඩිපුරම පිහිටා ඇත්තේ සංඝ සමාජයටය. මෙම ප්‍රශ්නයට සාධාරණ ව්‍යවස්ථාමය විසඳුමක් දී ඇතිනම් මෙවැනි ක්‍රියාවන් හෙලාදැකීමට දෙමළ ජනයා පෙළඹෙනු ඇත. අවාසනාවට මා ඉහත කී කොටස දෙමළ ජනතාවට සාධාරණ විසඳුමක් දීමට ඉඳුරා විරුද්ධය. සිංහල ඡන්ද බලා නායකයෝද වැඩේ කල් මරති. මෙය විදේශ අත පෙවීම්වලට ඉඩලැබීමට හේතුවකි. පෙර රජය පැවතියත් මෙවැනි ක්‍රියා මෙහි කියන ආකාරයට ලෙයින්,යකඩින් විසඳිය නොහැක. එවැන්නක් කළොත් සිදුවන දෙය හොඳින් වටහාගත යුතුය. මේ 80 හෝ 90 දශකය නොවේ.
මෙතන සැමරුමට වැඩිය අති භයානකම දේ තමයි මේ හදවත් තුලින් වෛරය ඉස්මතුවීම.
අපේ රටට ඕනෑ කොන්ද කෙලින් තියාගෙන නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් රජයක්... එන්.ජී.ඕ. නඩේ කියන විදියට සහ විදේශ තානාපතිවරු පාලනය කරන රජයක් නොවේ.