(කාංචන කුමාර ආරියදාස)
රංගිරි දඹුලු රජමහා විහාරස්ථ ඖෂධ උයන තුළ මහා සංඝරත්නය ඖෂධ පැළ වර්ග සියයක් සිටුවීමේ වැඩසටහනක් අද (13) උදේ සිදුකෙරිණි.
රංගිරි දඹුලු රජමහ විහාර හා ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැවේ රාහුල නාහිමියන්ගේ 58 වන ජන්ම දිනය නිමිතිකරගෙන මෙම උත්සවය උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සහ දායක සභාව විසින් සංවිධානය කර තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'රංගිරි දඹුලු රජමහ විහාර හා ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර' - අවසර, නොදන්නා කමටයි අහන්නේ. දේවාල බාරව ඉන්නෙත් හමුදුරුවරුද?
වවනවා වගේම හාමුදුරුවනේ ඕව ආරක්ෂා කරගන්නත් ඕන , ගොඩක් වෙලාවට වතුර නැතුව ඕව මැරිලා යනවා .
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවක් ඈත, ආරක්ශා කරන වනයක්, ගසක් නෑත. සිටවන පෑලයක්ද නෑත. මෙවන් කලියුගයක මෙසේ පෑලයක් සිටුවීම පිලිබදව ඔබට පින්
කාලෙකට පස්සේ හාමුදුරුවන් කරපු හොද වැඩක්
මට මෑතකදී ආයුර්වේදමහතෙක් කිව්වා සමහර ඖෂද ගස් වර්ග සොයාගැනීම බොහොම අමාරැයි කියල එකට හේතුව අනවසරව ගස් කැපීමත් වනාන්තර එලිකිරීමත් නිසා කියා, ඒ නිසා මෙවැනි උතුම් ක්‍රියාවන් අපි අගය කල යුතුයි. මෙවැනි ක්‍රියාවන් රටේ නොයෙකුත් කලාප වලට ගැලපෙන ඖෂද ගස් පැළ කරනවා නම් අපේ පාරම්පරික සිංහල ආයුර්වේද වෙදකම නොකඩවා ඉදිරියට ගෙනයාමට හැකිවෙනවා නේද?
සමාජයට වෛරය වපුරනවට වඩා, එකපාරම ගස් සිටවීමෙන් ඵලදාව ඉක්මන් කරගන්න පුළුවන්. දේශපාලකයෝ වතුර සපයයි ගස් ටික සරුවට වැවෙන්නම...
හොඳ සත් ක්‍රියාවක්... මෙවන් ක්‍රියාවන් රටේ සෑම තැනකම සිදුවන්නේ නම් කොයි තරම් හොඳද?
විෂ්ණු දේවාල හිමියන් දෙවියන් වෙනුවෙන් ගස් හිටවන එක වටිනවා. ගස් ලොකු වුණාම, ගස් ටික කපලා දේවාලේ ප්‍රයෝජනයට ගන්න පුළුවන්.
අගනා වැඩක්. රටේ සියලුම පළාත්වල මෙවැනි ව්‍යාපෘති ආරම්භ කරනවනම් කොච්චර වටිනවද.?