ඩයනා උදයංගනී
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් සංවිධානය කළ ‘සූර්යාභිෂේකය‘ මහා නගරයේ මහා අවුරුදු උත්සවය අති උත්කර්ෂවත් අයුරින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා පිටියේදී අද (08) පෙරවරුවේ ආරම්භ විය.
හෙළ සිරිත් විරිත්වලට මුල්තැන දී ආරම්භ වූ මෙම අවුරුදු උත්සවය සාම්ප්‍රදායික අවුරුදු ජන ක්‍රීඩා, මෙන්ම තවත් තරග රැසකින් සමන්විත විය. දිවයිනේ නන් දෙසින් පැමිණි සිංහල, දෙමළ මුස්ලිම් සියළු ජන කොටස් විශාල සංඛ්‍යාවක් මෙම අවුරුදු උළෙල සඳහා සහභාගී වී සිටීම ද විශේෂත්වයකි.
අමාත්‍ය චම්පික රණවක මහතාගේ සංක්ලපයකට අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය ඇතිව මෙම අවුරුදු උත්සවය සංවිධානය කර තිබිණි.
මෙයට සමගාමීව වෙළඳ සල්පිලක් ද දවස පුරා පැවැත්වෙන අතර සන්ධ්‍යාවේදී මියැසි ප්‍රසංගය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සංස්කෘතික සංදර්ශනය කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ටොරින්ටන් චතුරස්‍ර පරිශ්‍රය, සහ ආකේඩ් පරිශ්‍රය ආශ්‍රිතව සංවිධානය කර තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරිබත් කකා ඉඳලා හරියනවද? රට ගොඩ ගන්න වුවමනාවක් නැහැ වගේ...
ටයි මහත්වරු අවස්ථාවට ඔබින විදිහට ඇඳුම් ඇන්දා නම් වඩාත් වටිනවා.
මේ රටට ඉන්න තවත් පිළිකාවක්.. ඊයේ රෑ මහ සංගීතයට සෙනඟ 27යි .. අයියෝ සල්ලි !!!
ගොඩක් අමාත්‍යාංශ වලින් කරන්නෙ මේ වගේ පුහු වැඩ තමයි. ආණ්ඩුවෙ සල්ලි වලින් අවුරුදු උත්සව තියන්නෙ ගෝලයන්ට ගසා ගෙන කන්න දෙන්න තමයි.
රට ගිනි අරන් පාලකයෝ කිරි බත් කනවා. නියමයි මේ ආඩි හත් දෙනා සමග අලි බබා සහ හොරු හතලිහ. හරි හමන් එක පාලකයෙක් නැති එකේ වරද. කැබිනට් කචල් මණ්ඩලේ ඉන්න සේරම හිතන් ඉන්නේ උන් සේරම පාලකයෝ කියලා. මේ අයව පත් කරපු අය දැන් උද බලාගෙන බකන් නිලාගෙන ඉන්නවා.
රටම ස්වයන්පොෂිත කරලා කියල හිතාන වෙන්න ඇති අවුරුදු සමරන්නේ.
බොරු දේවල් ?
මේ සැරෙත් අවුරුදු අපිව කනවා...... මේ ගොල්ලන්ට රජ මගුල්.
කිසිම අදායමක් නැති අපට එදාවේල කන්න සල්ලි හොයන්නේ බොහෝ අමාරුවෙන්, එහෙව් එකේ මොන අව්රුදුද? එදාට අල වෙළෙන්දත් නිවාඩු අපි බඩගින්නේ...
රටේ මිනිස්සුන්ගේ ආදායමේ හැටියට හොඳට කාල, ඇඳල ඉන්ට තිබුනා නම් හැමදාම අවුරුදු තමා....
මේවා තම අපේ රටේ නායකයන්ට තියෙන අනිත් වැඩ, හොරකම් කරන එකයි. කල්ලි නඩත්තුවයි හැරුණාම... මේ වගේ විකාර කාරයින් ටිකක්... අනිත් එක මේ වගේ දෙපිට කාට්ටුවෙක් මේකට ගෙනැල්ලා, ලබන අවුරුද්දත් නැතිවෙයි.
එක එක දේවල්වලට සල්ලි ගෙවගෙවා පාලකයින් කිරිබත් කනවා. අපේ රටේ තව දුෂ්කර ගම්මාන කොච්චර තියෙනවාද යන්න පාරක් නැත.. බොන්න වතුර නැත. ඉන්න ගෙයක් දොරක් හදාගන්න සල්ලි නැත. හරි හමන් ආදායමක් නැති මිනිස්සු කොච්චර ඉන්නවද? ගොවියාට පොහොර නැත. ළමයින්ට පාඩම් කරන්න ලිඝ්ට් නැත. එහෙව් රටේ පාලකයින්ට සුර සැප අයියෝ රටේ සල්ලි?
ඉතිහාසයේ පත්වුණ අසාර්ථකම ජනාධිපති. බොරු වැඩ කර කර කාලේ කනවා
රටම ගිනි ගනිද්දී මෛත්‍රිපාල කිරිබත්කෑවා වගේ...
මහ නගරේ ට්‍රැෆික් එකේ රටට වැඩ කරන්න තියෙන කාලය, විදේශ විනිමය දීලා ගෙනෙන තෙල් දීලා දියවෙලා යනවා. කිසිම සැලැස්මක් නැතිව ගොඩනැගිලි ඉදි වෙනවා. හොරු, මිනීමරුවෝ රජ කරනවා. නැති බැරි කෙනා බදු ටික ගේවල තුන් වේල කන්නේ කොහොමද කියලා කල්පන කරනවා. අනික් අය කොහොම වුනත් කමක් නෑ.. ඔබතුමාලා වෙලාවට සැමරුම් ටික සමරලා, තොරණ් බැඳලා, සැප වාහන එහෙම අරගෙන ජීවත් වෙන අය තමයි වටින්නේ...