(චමිල් රුපසිංහ)
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් රාත්‍රී 6.16ට වයඹ දිශාභිමුඛව ගමන් කිරීම ඇරඹුනි.
පෙරහැර දළදා වීදිය, ඩී.එස් සේනානායක වීදිය, ඔස්සේ පන්සලපාරේ ඉහළට පැමිණ දේවවීදිය, කොළඹ විදීය, යටිනුවර වීදිය ඔස්සේ ගමන්ගෙන රජවීදියෙන් ඉහළටවිත් ගෙවැදීමට නියමිතය.
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහරේ සදාතුක කරඩුව වැඩම කරන ලද්දේ ඉන්දි රාජා හස්තියා මතිනි. දෑලේ ඇතුන් ලෙස බුරුම රාජා සහ මියන්රාජා ඇත්තු ගමන් කළහ.
මෙවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය සඳහා අලි ඇතුන් 80 ට අධික සංඛ්‍යාවක් සහභාගි වන බවත් දේශිය සංස්කෘතිය විදහාපාන නර්තනයන්ගෙන් සමන්විත බවත් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවැසීය.
අදින් ඇරඹුණු කුඹල් පෙරහර අගෝස්තු මස 20 දින දක්වා වීදී සංචාරය කිරීමෙන් අනතුරුව රන්දෝලි පෙරහර අගෝස්තු මස 21 සිට 25 දක්වා පුරාදින පහක් වීදී සංචාරය කිරීමට නියමිතය.
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර හෙට (17) ශ්‍රී දළදා මාලිගාව අභියසින් රාත්‍රී 7.07 ට දකුණු දිශාභිමුඛව පෙරහැර පිටත්ව දළදා වීදිය,ඩී.එස් සේනානායක වීදිය, ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් ගෙවදීමට නියමිතය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මෙම වසරේ ඇසළ මහා මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු මස (25) රාත්‍රී වීදි සංචාරය කර (26) දින පැවැත්වෙන දහවල් පෙරහැර විදි සංචාරය කිරීමෙන් මෙවර ඇසළ මංගල්‍යයේ අවසානය සනිටුහන් වන බවද දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.








2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මහනුවර කුඹල් පෙරහර ඇරඹේ