රොමේෂ් මධුසංඛ
නොවැම්බර් 27 වනදාට යෙදෙන මහවිරු දින සැමරුම වෙනුවෙන් උතුරේ මහවිරු සොහොන් ආශ්රිතව තරුණ තරුණියන් විවිධ සැරසිළි සිදුකරමින් මහවිරු දිනය සැමරීමට සූදානම් වන අයුරු දැකගැනීමට හැකි විය.
මේ අතර මුලතිව් විශ්වමඩු තෙරාවිල් මහවිරු සුසාන භූමියද හෙට දිනයේදී සිදු කෙරෙන මහවිරු සැමරුමට සැරසිලි සිදු කරන අතර තේරාවිල් පිවිසුම් දොරටුවේ නිර්මාණය කොට ඇති තොරණ විශේෂ විය. එයට හේතුව වී ඇත්තේ තොරණ යොදා ඇත්තේ ජාතික මහවිරු දිනය යනුවෙන් මෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිතා කරණ ලද ජාතික පුෂ්පය වූ නියගලා මලය යොදාගනිමිනි.
උතුරු පළාත් ප්රධාන මහවිරු සැමරුම් වැඩසටහන කිලිනොච්චිය කනගපුරම් මහවිරු සොහොන කේන්ද්රකර ගනිමින් පැවැත්වීමට නියමිත අතර ඊට අමතරව යාපනය, මුලතිව් හා මන්නාරම දිස්ත්රික්කයන්හි පිහිටි මහවිරු සොහොන් ආශ්රිතවද සැමරුම් වැඩසටහන් පැවැත්වීමට නියමිතව ඇත.
යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීම වෙනුවෙන් කිසිවෙකුගෙන් අවසරය ලබා ගැනීම අවශ්ය නොවන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී ශිවඥානම් ශ්රීධරන් මහතා මීට පෙර මාධ්යටද ප්රකාශ කොට ඇත.



COMMENTS
එල්ටීටීඊ කියන්නේ දෙමළ ජනතාව නොවෙයි. එල්ටීටීඊ කියන්නේ ජාත්‍යන්තර හා ජාතික මට්ටමෙන් තහනම් කර ඇති ම්ලේච්ඡ ත්‍රස්තවාදී සංවිධානයක්... සිංහල මිනිස්සුන්ට වඩා එල්ටීටීඊ එකෙන් දුක් වින්දේ, වැනසුනේ දෙමළ ජනතාවයි. ඉතින් මේ සමරන්න හදන්නේ දෙමළ ජනයාගේ වීරයන් නොවෙයි, දෙමළ ජනයාගේත් මුළු රටේත් සතුරෝ රැලක්. මේ විදිහට ජර්මනියේ හිට්ලර් හා නාසීන් වත් සමරන්න අවසර තිබිය යුතුයි. නමුත් මේ වනතෙක් හිට්ලර් ඇතුළු නාසීන් ජර්මනියේත්, ලෝකයේත් සතුරන් සේ සලකනවා. කොටින්ම හිට්ලර් නමවත් පාවිච්චි කරන්න තහනම්. ඉතින් ඇයි ලංකාවේ රජයට කොන්දක් නැත්තේ මේ ටික තේරුම් ගෙන මේවා නතර කරන්න?
මොකුත් කියන්න බැහැ... සහජීවනේට බාධා වෙනවා. අනිත් එක අපිට රටක් නැති වුණත් හොඳ දේශපාලන අම්බරුවෝ ටිකක් ඉන්නවනේ. රට නැතිව ගියත් ඒ අය රට පාලනය කරන එකනම් අත අරින එකක් නැහැ.
අපේ සිංහල අම්බරුවෝ ටික දෙනෙකුත් අර අප්‍රේල් මාසයේ සමරන මහසැමරුමත් තහනම් කල යුතුයි.
එල්ටීටීඊ ම්ලේච්ඡ ත්‍රස්තවාදී සංවිධානය විසින් මරාදමන ලද අහිංසක නිරායුධ සිවිල් වැසියන් සමරන්නේ කවුද? කවද්ද?
අප වෙනුවෙන් ජීවිත පූජා කල රණවිරුවන් මේවා බලාගෙන කඳුළු සලනවා නියතයි. කෙලෙහි ගුණයක් නොදත් බහුතරයක් ජීවත් වෙන රටක එක අතකින් මේවා අරුමයක් නොවෙයි.
කණගාටුයි,!!! කොළඹ එක්තරා නාලිකාවක් මේකට ප්‍රමුඛත්වය දෙනවා.
ඔබට සතුටුද දැන්? කොහොමත් ලංකාවේ අපිට ඉස්සරහට තමිල්නාඩු ආණ්ඩුවක් දකින්න පුළුවන් වෙයි. එකනේ දැන්ම තියා අපේ දරුවන්ට දෙමල ඉගෙන ගන්න කියල බලකරලා තියෙන්නේ.