(උපුල් තම්මිට)
බකමූණා ජනවහරේ හැඳින්වෙන්නේ දිවා කාලයේ ඇස් නොපෙනීම හේතුවෙන් නිද්‍රාවෙන් ගතකරන බවත් රාත්‍රීය එළඹීමත් සමඟ දඩයම් සොයා පියාඹා යන බවත්ය.
නමුත් ඒ න්‍යාය පුස්සක් කරමින් දිවිගෙවන බකමූණෙකු මහවිලච්චිය වනජීවී අඩවි කාර්යාලයේදී දැකගැනීමට හැකිවිය.
මීට මාසයකට පමණ පෙර තලාව ප්‍රදේශයේදී තුවාල වී සිටි මෙම බකමූණා තලාව වනජීවී නිලධාරීන් විසින් අනුරාධපුර පණ්ඩුලගම පිහිටි වනජීවී පශුවෛද්‍ය කාර්යාලයේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා වෙත භාර දීමෙන් අනතුරුව සති දෙකක පමණ කාලයක් ප්‍රථිකාර ලබා දීමෙන් පසුව නැවත වනයට මුදාහැරීම සඳහා මහවිලච්චිය වනජීවී කාර්යාලයට භාර දී තිබේ.
එහි වනසත්ව අඩවි ආරක්ෂක ජයවීර මහතාගේ අධීක්ෂණය මත සුවය ලබා සිටි බකමූණා නිදහසේ ජීවත්වීමට අවශ්‍ය සියලු පහසුකම් සපයා තිබියදීත් වනාන්තරය ප්‍රතික්ෂේප කරමින් නිරන්තරවම වනජීවී අඩවි කාර්යාලය ආසන්නයේම රැඳී සිටිමින් වනජීවී නිලධාරීන්ගේ සත්කාර ලබමින් ජීවත් වීමට පුරුදුව සිටී. දිවා කාලයේදී සාමන්‍ය පක්ෂීන් මෙන් ඇහැරී සිටින බවත් ඇදිරි වැටෙත්ම නිදාවැටෙන බවත් ඒ මහතා පවසයි.
කුසගින්න ඇතිවූ විට වනජීවී නිලධාරීන් අසලට පැමිණිමට පුරුදුව සිටින මෙම බකමූණා වනජීවී නිලධාරීන් ලබාදෙන මත්සයෙකු හැරෙන්නට වෙනත් කිසිඳු දෙයක් ආහාරයට නොගන්නා බව පවසන වනජීවී අඩවි ආරක්ෂක ජයවීර මහතා තම කාර්යාලයට අනුයුක්තව සේවය කරන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නියාමක එම්.බී.විජිත මහතාට දැඩි ලැදිකමක් දක්වන බව සඳහන් කර සිටියේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි ලස්සන පින්තූර ටිකට... සත්තුත් තමන්ට වඩා හිතකර පරිසරයට අනුවර්තනය වෙනවා.
හරිම අපූරු සුන්දර පුවතක්.. මේ සතාගේ මූණ දැක්කම ආදරේ බෑ.. වනාන්තරයේ හුරුපුරුදු වුණත් මේ කරුණාවන්ත හිත් ඇති සුන්දර මිනිසුන් දමා වනයට යාමට මේ සතාට දැඩි අකැමැත්තක් ඇති.. සතා සිවුපාවා වුණත්, ආදරය කරුණාවට මොන තරම් කැමතිදැයි මෙයින්ම හොඳ හැටි ඔප්පු වෙනවා. මේ සුන්දර මිනිසුන් මේ සතාට දැක්වූ කරුණාව නිසා මේ සතාට ඔවුන්ව දාලා යන්නට සිතක් නැහැ. ඇත්තටම වනජීවී එකට, සිවිල් ආරක්ෂක බලකායට මෙවැනි සුන්දර හිතැති මිනිසුන් සිටිනවා නම් එය මොනතරම් භාග්‍යයක්ද? නැවතත් මා මේ කියන්නේ මේ සතාගේ දුකට පිහිට වූ ඔබතුමන්ලාට අනේක වාරයක් ස්තුතියි. මේ සතා හොඳින් රැකබලා ගන්නවාට නැවතත් ස්තූතියි. වනසතුන්ට පුඩු අටවන, වෙඩි තබන, හක්ක පටස් තියන මෙවන් රටක මේ වැනි සත්පුරුෂයන් දැකීම ඉමහත් වාසනාවක්..
අනේ, බකමූනු යාලුවේ, 3වෙනි, පින්තූරයේ, ඔයා ඉන්න විදිහ බලනකොට මට මේ අදහස හිතට නැඟුනා. මයුර සංදේශය, තිසර සංදේශය, පරෙවි සංදේශය සැළලිහිණි සංදේශය, කෝකිල සංදේශය, ගිරා සංදේශය, නීල කොබෝ සංදේශය, කහකුරුලු සංදේශය, සැවුල් සංදේශය මෙකී නොකී සංදේශ වලින් පනිවිඩ හුවමාරැ කරගත්තේ, නවීන පහසුකම් නොමැති අතීතයේ. ඒත් අද කාලයේ, මෙතරම් අති නවීන පහසුකම් වලින් පිරුන ලොවක සමහරු, ගොලුවන් බිහිරන් සේ ඉන්නේ ඇයිදැයි මට නොතෙරේ.. කොරෝනා මාරයා ඉදිරියේ වික්ශිප්ත වී සිටින අපගේ අනිත්‍ය ජීවිතය ගැන කුමන ගැරන්ටියක්ද..?
තවත් අනාථයෙක්... අපි සාමාන්‍යයෙන් පක්ෂීන් වර්ගීකරණය කරද්දී බකමුනන් එකතු කරන්නේ නිශාචර පක්ෂීන් අයිති කුලකයටයි. හැබැයි... මේ විශේෂ කේස් එකක්. මට පෙනෙන හැටියට මේ හාදයා ටිකක් ඇට්ටර එකෙක්. කැලෑවේදී කාත් එක්කහරි ගෝරියක් දාගෙන මදි නොකියන්න කාලා කැලෑවෙන් එලියට පැන්න, පන බේරාගන්න. ඒක තමයි කැලෑවේ නිතිය. ශක්තිවන්තයා ජය ගන්නවා. වනජීවී මහත්තුරුන්ට අහුවෙලා බෙහෙත් දාලා.
සතුන් තමන්ට ආදරේ කරන කෙනෙක්ට ආදරෙයි.
මේකාව උකුස්සෙක් වගේ පේන්නේ මට විතරද?
මෙය විශ්මය දනවන, එහෙත් කලාතුරකින් සිදුවිය හැකි සත්‍ය පුවතක්.. සාමාන්‍යයෙන් බකමුණා නිශාචර අයෙක්.. එසේ වුවත්, මේ සතාට සිදුවූ තුවාල සුවකොට සාත්තු කිරීම නිසා එම සතා මේ කරුණාවන්ත සිත් ගැන පැහැදෙන්න ඇති යැයි සිතන්නට පුළුවන්.. ඒත් පුදුමය කියන්නේ කැලයට ඇතහැරියා වුණත් ආපහු මිනිස් වාසයට පැමිණියේ ඔවුන් දැක්වූ කරුණාව නිසා නොවෙයිද? මේ සුන්දර සතුන් මෙසේ ආදරයෙන් රැකබලා ගන්නා අය බොහෝ විරලයි. එසේ කළ මේ සොඳුරු සංවේදී සිත් ඇත්තන්ට අපගේ ස්තූතිය..
ඔය රූපවල ඉන්නේ උකුස්සෙක්.. බකමූණෙක් නොවෙයි...
බොහෝරටවල බස්සන් ගෙදර හුරතලයට ඇති කරනවා. අපේ මිනිස්සු මෝඩ විශ්වාස නිසා මේ අලංකාර අහිංසක සතුන් කොන් කරනවා.
මේ බකමූනු යහලුවා, 3වෙනි ෆොටෝ එකේ ඉන්න හැටි බලන්නකෝ... හරිම හොර පාටයි. මොකක්දෝ හිතේ තියාගෙන ඉන්නවා වාගෙයි. ඒ අපිට පේන හැටිද මන්දා... අපේ සමහර අයත් එහෙමනේ... හිත ඇතුලේම තියාගෙන ඉන්නවා.