(මැදිරිගිරිය-චාපා මධුභාෂිණී)
“ වැවක් සමග ගමක් ” ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කවුඩුල්ල මිරිස්හේන ගම සංවර්ධනය සදහා අළුතින් ඉදි කිරීමට නියමිත ප්‍රජා ශාලාවට මුල් ගල තැබීම සහ ධීවර ආම්පන් බෙදාදීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සව සභාවට ආ පුංචි දැරියක එකවරම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැක ජනාධිපතිවරයා දෙසට දිව ගියේය.
මැදිරිගිරියප්‍රදේශයේ පදිංචි දනුල්‍යා නම් කුඩා දැරිය තම දෙමව්පියන් සමග මෙම උත්සවයට පැමිණ සිටියාය. ඇය ජනාධිපතිතුමා දැකීමෙන් පසු ” මෛත්‍රී සියා “ යයි කියමින් ජනාධිපතිවරයා දෙසට දිවගෙන යාමට සැරසුනත් ජනාධිපති ආරක්ෂකයෝ ඇයගේ ගමන් මග ඇහිරූහ.
සිද්ධිය දුටු ජනාධිපති සිරිසේන මහතා වහාම ඔහුගේ ආරක්ෂක අංශයට පැවසුවේ ඇයට පැමිණීමට ඉඩ දෙන ලෙසයි. ඇය ජනාධිපතිවරයා වෙත දිවවිත් උකුලමත වාඩි වී සුරතල් වුවාය. පසුව ජනාධිපතිවරයා අසළට පැමිණි ඇය උත්සවය අවසන් වනතුරම ජනාධිපතිවරයා සමග සිටියාය.
දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහනට සමගාමීව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සංකල්පයකට මෙම වැඩසටහන් පැවැත්වූ අතර එහිදී මිරිදිය ධීවරයින් සඳහා බෝට්ටු ද බෙදා දුන්නේය. උතුරු මැදි ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර, අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු පිරිසක සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩේ නම් සෙට් කරපු එකක්.... වෙන්න ඇති...
ප්‍රවේශමෙන් චුටි දුවේ, ඔයාගේ සීයා දැන් රටම විකුණලා, හන්බන්තොට වික්කා, මත්තල විකුනන ඔන්න මෙන්න, කොළඹ වරායත් විකුනනවා, කටුනායක 18 කණුවේ තිබුණු අධික ලාභ ලබපු එයාර්පොර්ට් එකේ පෙට්‍රල් ෂෙඩ් එකත් ගිය සතියේ වික්කා. එක නිසා ඔය චුටි බබත් බලාගෙන
අනුකරනවලට නොරැවටෙන්න කියල අප ජිවත්වන පරිසරයේත් දැන්වීම් අලවල තිබුන. ඊයේ .
ඒ රඟපෑමට සිරිසේන මහත්තයට පනමදී. තව පුහුණු වෙන්න වෙනවා
මේ ඇවිල්ලා "සදහම්" ගේ ජීවවිද්‍යාත්මක කොපියක්ද...?
මහින්ද මහත්තයා ඉස්සර ළමයි වඩා ගන්නවා උදේට හවසට කිරිපිට මිල වැඩි කරනවා..ඒ වගේ මෛත්‍රීතුමා මොනවා වැඩිකරයිද අපි දන්නේ නෑ..ඒත් මම කවදාවත් දැකලා නෑ ඔබාමා,ට්‍රම්ප්,තෙරේසා, ඇන්ජෙලා තියා මෝදි වත් දරුවෝ වඩාගෙන දඟලනවා. විධායක ජනාධිපති කියන තනතුර ඇතුලේ “විධායක“ කියන වචනාර්ථයේත් “ජන අධිපති“ කියන වචනයේත් වචනාර්ථයන් තේරුම් අරගෙන රාජතාන්ත්‍රික විදිහට රටපාලනය කරන විනයවත් සහ යථාවාදී තථාකාරී නායකයෙක් බිහිනොවන්නට මේ රට කවදාහරි වැනසිලා යන්නෙත් “ශාපලත් දිවයින“ යන විරුදාවලියෙන්මයි.
චානක ඔයාට අර මහරජු ළමයි ලඟට ගන්නකොට මොනවද හිතුනේ
කොපි කල හැක.නමුත් සමකල නොහැක. සැමදා සැමවිටම සැවොම රැවටිය නොහැක .
ඕවට මිනිස්සු රැවටුන කාලෙ ඉවරයි .
රටේ ජනදිපති කෙනෙකුට ඇති කොමල නිදහස් සැනසිල්ලක තරම.
චානක ඔබ දන්න දෙයක් නෑ. එයාර්පෝට් එකේ කටුනායක 18 කණුවේ තිබුණු අධික පෙට්‍රල් ෂෙඩ් එක කොහෙද වික්කේ? එකේ පොම්පකරුවන් මාරු කලා. දැන් අබාන්ස් එකේ පොම්පකරුවන් වැඩකරන්නේ. අපේ පොම්පකරුවකුට මාසයකට රුපියල් 80000.00 පමණ පඩි ගෙවන්න ඕනේ. ඒ අයගේ නිවාඩු අතිකාල හා වෙනත් දීමනා සමග බලනවිට පෙට්‍රල් ෂෙඩ් පාඩුයි. එමනිසා පොම්පකරුවන් ගුවන්තොටුපලේ වෙනත් අංශ වෙත මාරුකර ඒ සඳහා අබාන්ස් ආයතනයෙන් පොම්පකරුවන් පමණක් ලබාගෙන ගුවන්තොටුපලේ කළමනාකාරිත්වය යටතේ පෙරපරිදි පාලනය වෙනවා. මෙම කමෙන්ට් වල වැඩිහරියක් බොරුනේ තියෙන්නේ...
පෙරුම්බුදුර් හිදී රජිව්ට වුණු දේ මතක් වුණා .. රොබෝ යුගයක් නිර්මාණය වී තිබෙන නිසා පරෙස්සම් වීම සුදුසුයි ...
රටේ මිනිස්සුන්ට වැලේ වැල් නැහැ, මේ අය ඉන්න relax එක බලන්නකෝ. මේවා තනිකරම සංදර්ශන.
ළමයාගේ මුහුණ දැක්කම කියන්න පුළුවනි හොදට අන්දලා මේකප් දාලා, සීයා කියන්න කියලත් උගන්නල, සෙට් කරලම කරපු වැඩක් බව.
ජේසුතුමන් වෙත කුඩා ළමයින් ආපුවාම වැඩිහිටියෝ එයාලාව එලෙවුව. නමුත් ජේසුතුමා ළමයින්ව ලඟට කැඳවාලා සුරතල් කළා. ළමයින්ට හෙට කියන්න බෑ අද අවැසි දේ එයාලාට අද දෙන්න ඕනෑ.. ජනාධිපතිතුමා කර තිබෙන්නේ උතුම් ක්‍රියාවක්. රුසියානු ජනාධිපති පුටිනුත් මෙවැනි ලෙස දරුවන් සුරතල් කර තිබෙනවා.
මේවා පෙර සූදානම් කරපු විශේෂාංග කියලා නොතේරෙන්න අපිත් ඔය බබාලා වගේ කියලද හිතන්නේ?
දන්න විදිහටනම් ඔය ඉන්නේ ජනාධිපතිතුමාගේ මිණිබිරිය, මේ මිණිබිරියගේ උපන්දිනේ දවසේ ගත්ත ඡායාරූප කළින් නිකුත්කරලා තිබුණා. මේ දරුවා තමාගේම සීයාත් සමග හුරතල් වෙන්නේ නැතිව කාත් එක්ක හුරතල් වෙන්නද ? කරුණු හරිහැටි නොදැන පුවත් මවමින් ජනාධිපතිතුමාව අපහසුතාවයට පත්කිරීම ගැන කණගාටුවක් ඇත්තේ.