(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ එඬේරගල වංගුව ආසන්නයේ දී අද(20) අලුයම 2 මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් තුළට කඩා වැදීමෙන් නිවසට හා මෝටර් රියට බරපතල හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.
මෝටර් රථය හබරණ දෙසින් පැමිණ ප්‍රධාන වංගුව හරවනවාත් සමඟම මීටර් 70ක් පමණ ප්‍රධාන මාර්ගයේ සිට දුරකින් පිහිටි නිවසේ බිත්තිය කඩා ගෙන නිවස තුලට කඩා වැදුණු බව නිවැසියෝ පවසති.
මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ මෝටර් රථය පැදවූ දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක කළමනාකරුවෙක් බව පරීක්ෂණ පවත්වන සීගිරිය පොලිසිය කියයි. අනතුරින් බැංකු කළමනාකරු සුළු තුවාල ලබා තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දරුවෙකු නිවසේ කාමර දෙකක නිදාගෙන සිට ඇති අතර ඔවුන්ට අනතුරින් හානියක් වී නැත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිත්ති බැඳලා තියෙන පෙදරේරුවා තමයි වැරදිකරු, සවි ශක්තිය මදි
පොඩි ළමයා බේරුනා දෙවි පිහිටෙන්
මේ වංගුව බහුලව මාරක අනතුරු සිදුවෙන ස්ථානයක්, එමෙන්ම පරිස්සම් විය යුතුම ස්ථානයක්, ඒ කොහොම වුවත් කාර් එකනම් පැයට කිලෝමිටර120 ක විතර වේගයකින්වත් එන්න ඇති මෙවැනි විනාශයක් වෙන්න
මෙතන ගෙයක් හැදුව එකයි වැරදි. ගෙවල් හිමියාට වහාම දඬුවම් දෙනු
රියදුරු බැංකු කළමණාකරුවෙකු නොවුනා නම් මේ අනතුර නොවෙන්නත් ඉඩ තිබුනා.
වංගු වල ගෙවල් හදන එක නවත්වන්න නීතිය ගෙන එන්න.