මුදිතා දයානන්ද
මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දීමේ බක්මහ දිව්රුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්රයේදී අද (03) උත්සවාකාරයෙන් සිදුකෙරිණ.
ආගමික වතාවත් වලින් පසුව මතින් නිදහස් රටක් ස්ථාපිත කිරිමට තමන්ගේ උපරිම දායකත්වය ලබාදෙන බවට වූ බක්මහ දිව්රුම ප්‍රකාශයට පත් කරමින් සියලු දෙනා එහිදී ප්‍රතිඥා දෙනු ලැබිණ.
මත්ද්‍රව්‍ය උවදුර අද නගරය පමණක් නොව ගමද වෙලාගත් මහත් ව්‍යවසනයක්ව පැතිර යමින් පවතින අතර එය තුරන් කිරීමට නම් පවුල් සංස්ථාවේ සිට සමාජ සංස්ථාව දක්වා පුළුල් ආකල්පීය වෙනසක් සිදුකළ යුතුව ඇත.
මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් මෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය, හිටපු විපක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන්, අමාත්‍යවරුන් වන ජෝන සෙනෙවිරත්න, සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමත්‍ය නිරෝෂන් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාලද සිල්වා, මහින්ද සමරසිංහ, විජත් විජයමුනි සොයිසා ඇතුළු මැති ඇමැතිවරු ප්රමුඛ දේශපාලනඥයින් රැසක්ද එක්ව සිටියහ.
ඊට අමතරව පොලිස්පති පූජිත් ජයසුන්දර, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, රවින්ද්‍ර විජේගුණරත්න ඇතුළු පොලිසියේ හා ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් පිරිසක් ද, බන්ධනාගාර නිලධාරින්, රාජ්‍ය නිලධාරීන්, සහ පාසල් සිසු සිසුවියන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වුහ.












(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)





(බක්මහ දිවුරුම පාර්ලිමේන්තුවේදී - ඡායාරූප - ලහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකුවට දිවුරුම් දුන්නට , පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාව මත්ද්‍රව්‍ය පරීක්ෂණයට ඉදිරිපත් කරන්න කිසිම උවමනාවක් මෙතුමන්ලට තිබුනේ නැහැ , මේකත් අනිවාර්යයෙන්ම මේ ගොල්ල දුන්න කඩවුන පොරොන්දුවක් වෙනවා , මට දුක මේ බොරු උත්සව වලට වියදම් වෙන මහජන මුදල් කන්දරාව ගැන
බොරුවට රටේ සල්ලි වියදම් කරලා උත්සව තියල ජනතාව රවට්ටනවා. ඔයිට වැඩිය හොඳ නැද්ද මින් පසු රටේ සල්ලි හොරකම් කරන්නේ නැහැ, මහා බැංකුව මංකොල්ල කන්නේ නැහැ, ජනතාවට බොරු කියන්නේ නැහැ, රටෙන් හොරකම් කරපු සියලු ධනය නැවත ජනතාවට ලබා දෙනවා කියල දිවිරුම් දුන්න නම්.
මතින් තොර රට්ටක් ගොඩනැගීමේ නියමුවන මහින්ද රාජපක්ෂ නැත්තේ ඇයි??? මේ ආණ්ඩුව පුළුවන්තරම් කුඩු විකුණලා හම්ම්බකරන් ඇති උනාම දැන් නවත්තන්න ඔය අම්මතිවරු තමයි ප්‍රතිඥා දියයුතු. ඔවන්ගේ ගෝලයෝ නේ. ඒ උනාට රටකට ගියකළ තරුණ මහලු 30% ක් රටේ කුඩුකාරයෝ. කුඩු එන මාර්ග වැසීම රජයේ වගකීම.
මෛත්‍රී මහත්තයා ආපහු ටික ටික මෙයාලට ලං වෙනවා වගේ. අර කට්ටිය වෙන ජනාධිපති අපේක්ෂකයෙක් තෝරාගෙනලුනේ. ලජ්ජා නැතිකම ජනාධිපති කමටත් වඩා ලොකුද මන්දා.
අපි ඉස්සර දෙකේ පන්තියේදීත් මේවගේ වැඩ කරනවා. හරිම ජොලි එදාට අපට.
හිට්ලර් වගේ සැලියුට් එකක්. මොකද්ද මේකෙන් ඇතිවෙන වෙනස?
ජනතාවගේ මුදල් වියදම් කරමින් ජනතාවම ගොනාට අන්දවන හැටි.
මේවා දකිනකොට හිනා යනවා වගේ තේරෙනවා. රටට ජෝකර්ලා වෙන අපේ නායකයෝ. බක් මහේ දිවුරුම කෙසේ වෙතත් බක් මහේ අකුණු ගහනකොට මහා බැංකුව සුද්ද කරපු කට්ටිය හැංගිලා හිටියනම් හොදයි වගේ. මේවා දැකල ඡන්දෙ දීපු කාලේ දැන් ඉවරයි හරිය.
රට, ජාතිය රකිනවා කියලා පාර්ලිමේන්තුවට පත්වෙන කොට දිවුරුම් දීලා, රට, ජාතිය වනසන, ඊට විරුද්ධව ජාත්‍යන්තරයට කේලම් කියන, රටේ සල්ලි, සම්පත් හොරකම් කරන සෙට් එකම, මත්ද්‍රව්‍ය නැතිකරන්න දිවුරුම් දීම හරීම විහිලුවක්. මේ අයට දිවුරුම් දෙනවා කියන එක කජු කනවා වගේ වැඩක්. බොරුව මේ අයගේ පළමුවන අංගය. ඒකනේ හිටපු කෙනා ආවෙත් නැත්තේ.. එයා ඊට අන්තයි කියලා පොර දන්නවා. එයා පටන් ගත්ත මතට තිත වැඩසටහන මතකනේ.. ඒක පිටින් හෙලිකොප්ටර්වල ගිහින් ජාවාරම්කාරයන් බදා ගත්තේ.. මතකද? මේ වගේ ගොන් වැඩවලින් මත නවත්තන්න පුලුවන් නම්, මොන තරම් දේවල් කරන්න පුලුවන්ද? මොවුන් හිතයටින් දන්නවා මත් ජාවාරම්කාරයො කීදෙනෙක්ට උදව් කරලා බේරලා තියෙනවද කියලා. ඔය දිවුරපු කොලේ දැන් නිදහස් චතුරස්‍රය පුරා විසි කරලා ඇති..
කෝ විපක්ෂය? මහින්ද හිටියා නම් හොඳ නැත්ද?
මේවගේ දේවල් කරලා සල්ලි වියදම් කරන්න එපා. අල්ලපු කුඩු කාරයෝ ටික එල්ලන්න.
මේ රටේ ජනතාව තුල සාමයක් සමාදානයක් නැති උනාට, පාලකයින් තුල තිබෙන ඒ උතුම් ගුණාංග තිබීම ගැන මා හට ඇත්තේ අසීමිත සතුටක්. අර පහුගිය ටිකේ දෙපැත්තට බෙදිලා මෙතන අවලාද කියා ගත්තු මෝඩ අයියලා ටික කෝ අනේ?
රට කාලා දැම්මට දැන් එකට එකතුවෙලා මිනුස්සුන්ගේ සල්ලි වියදම් කරලා බොරුසෝභන උත්සව තියලා යකා නටලා යනවා . මේ වියදම මිනුසුන්ගේ දුප්පත් කම නැතිකරන්න වියදම් කරන්න පුළුවන්
පස්සෙ නොකිව්වයි කියන්නෙපා…...අපි ඕවට නෑ, ඔන්න.
දිවුරුම් දිදී එන්න. ඔක්කොම හරියයි. හැමදාම මේ රට පාලනය කරන්නේ මේ වගේ සභාපතිලද? දකිද්දිත් නින්ද යනවා.
මේවා බොරු විකාර... ඔය පින්තූරේ ඉන්න මිනිස්සු මින්පස්සේ, වයින්, විස්කි, ශැම්පේන් වැනි මත්පැන් පානය කරන්නේ නැද්ද? කරුණාකර අපිව රැවටුවට කමක් නැහැ.. උත්සවවලට බොරුවට සල්ලි නාස්ති කරන්න එපා...
පිස්සෝ සෙට් එකක්. ජනතාව අන්දනවා තවත්...
මුන්ගේ වැඩේ බොරු කිය කියා මිනිස්සු රවට්ටන එක. දිවුරලා පොරොන්දුවෙලා හරියට කරන සැට් එක.
හායි හිට්ලර් ! ඉස්සරහින් හිට්ලර් විතරයි අඩු.
දැන්නම් ඕන කරන්නේ මේ 225 න් පිට කෙනෙක්මයි.
හේල් හිට්ලර්...
මේ දිවුරුමේ තමන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙන බවට දිවුරුම් දීමක් නැහැ නේ. මතින් තොර සමාජයක් බිහි කළ හැක්කේ තමන් අවංකවම එයින් ඉවත්වීමෙන්..
රනිල් ආපහු අගමැති උනොත් මන් එක පැයක් ඉන්නේ නෑ කීවලු. අනේ මන්ද කවුද එහෙම කීවලු.
මුන්ගේ බොරු වැඩ, හොර වැඩ, ඔය හිට්ලර් පාර්ට් දාන අයගෙන් වැඩි හරියක් කුඩු මුදලාලිලා.