(ගයාන් සූරියආරච්චි)
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යුත් හා විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව වාර්ෂිකව පවත්වනු ලබන අවසන් වසර සිසුන්ගේ පර්යේෂණ හා ව්‍යාපෘති එළිදැක්වීමේ සම්මන්ත‍්‍රණය හතරවැනි වරටත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හීදී පැවැත්විණි.
පේරාදෙණිය සරසවියේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතාගේ උපදෙස් පරිදි විද්‍යුත් හා විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තු ප‍්‍රධානී මහාචාර්ය ජනක ඒකනායක මහතා විසින් මෙය සංවිධානය කර තිබිණි.
ඉලෙක්ටි‍්‍රක් ත‍්‍රිරෝද රථ, මිනිස් මොළයේ සංඥා මගින් ක‍්‍රියාකරන රොබෝ අතක්, මවකගේ ගර්භාෂයේ වැඩෙන දරුවාගේ හෘදස්පන්දය වෙන්කර ගැනීමේ වෙද නළාවක්, පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයක් ප‍්‍රධාන විදුලි පද්ධතියට එකතු ගැනීමට උපකාරීවන කාර්යක්ෂම බලශක්ති පද්ධතියක්, බලශක්ති පද්ධතියේ සංඛ්‍යාත නොගැලපීමක් පවතීනම් ට‍්‍රාන්ස්ෆෝමරය දක්වන ප‍්‍රතිචාර හඳුනාගැනීමේ පද්ධතියක්, මුහුදුබඩ ප‍්‍රදේශ ආශ‍්‍රිත අධි බල විදුලි රැහැන්වල විදුලි පුළිඟු ඇතිවී සිදුවන විදුලි විසංධිවීම් කල්තියා හඳුනාගැනීමේ උපකරණයක්, දිය යටින් ගමන් කරන රොබෝ යානයක්, පසේ තෙතමනය හඳුනාගෙන ජලය සැපැයීමේ පද්ධතියක් ඇතුළු නව නිර්මාණ හා ව්‍යාපෘති රැසක් එදින එළිදැක්විණි.
මෙම අවස්ථාවට මහාචාර්ය දිසාල උඩුවාවල, මහාචාර්ය මංජුල ප‍්‍රනාන්දු, ආචාර්ය ලිලන්ත සමරනායක, ආචාර්ය ජනක විජයකුලසූරිය ඇතුළු මහත්ම මහත්මීන් රැසක් සහභාගිවූහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නිර්මාණ තිඹිරි ගෙය මිය ඇදෙන දරු උපත් නම් නොවේවා.!!!
සුභ පැතුම් සහෝදරවරුනි.. ඒ වගේම ජය වේවා... ඔබගේ හැකියාවන්ගෙන් රටට ඵලදායී ලෙස යොදාගැනීමට හැකිවේවායි ප්‍රර්ථනා කරමි.
අනේ ඉතින් ඕකට හොද විද්වතෙකුගේ ප්‍රධානත්වයෙන් කරන්න බැරි වුණාද?
රටේ ජනතාවගේ බදු මුදලින් ඉගෙනගෙන, ඔවුන්ගේ දක්ෂතා ප්‍රගුණ කරගනිමින්, මේ රටේ අනාගතය වෙනුවෙන්, වගකීමෙන් යුතුව තමන්ගේ කාර්යය ඉටුකරන මෙවැනි දක්ෂතා දක්වන සිසුන්ට අප හදවතින්ම සුබ පතන අතර, මොවුන් හා සම දක්ෂතා සහිත තවත් පිරිසක්, මන්මුලාවුවන් ලෙස මහපාරවල් වල සිටියි. ඔවුන්ගේ අනාගතය මෙන්ම, රටේ අනාගතයත් අඳුරට හෙලීමට දායකවීම, අප රටේ පවතින විශාල ඛේදවාචකයක්. පුහු මානයෙන් යුතුව, අඥාන කමින් උද්දච්ඡව නොමග ගොස් ඇති මේ සිසු පිරිස, තම සහෝදර සිසුන්ගේ මෙවැනි උසස් නිර්මාණ දැක, ඔවුන්ව ආදර්ශයට රැගෙන රටට වැඩදායි පිරිසක් බවට පරිවර්තනය වේවා යයි අපි ප්‍රාර්ථනා කරමු!!
විකුම් රංගනට මේ ළමයි එක්ක කථාකරන්න අවස්ථාවක් ලැබුනනම් කොච්චර හොදද කියලා හිතෙනවා