( චමිල් රූපසිංහ)
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණය කරන ලද රන් වියන දළදා වහන්සේ වෙත පූජා කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ජනපති අරමුදලේ රුපියල් ලක්ෂ 450 ක මුදලක් මෙම ප්‍රතිසංස්කරණය සදහා වැය කර ඇත.
හිටපු ජනපති ආර්.ප්‍රේමදාස මහතා විසින් 1987 වසරේදී මෙම රන්වියන දළදා වහන්සේට පූජෝපහාරයක් ලෙස පූජාකර ඇති අතර මීට පෙර රන් වියන 2002 වසරේදී ප්‍රතිසංස්කරණය කර ඇත.
මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙම රන් වියනේ රන්පත් දුර්වර්ණවී ගැලවී යාමේ තත්ත්වයක් මතුවීම නිසා මෙයට මාස අටකට පමණ ඉහතදී එය ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇත.
මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ අවවාද හා අනුශාසනා පරිදි රන් වියන ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩකටයුතු සිදු කළ අතර එය දළදා වහන්සේට පූජා කිරීමේ අවස්ථාවට දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල,අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල,ගාමීණි ජයවික්‍රම පෙරේරා,විජයදාස රාජපක්ෂ,මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, පළාත් සභා ඇමැතිවරුන් වන එදිරිවීර වීරවර්ධන. තිළිණ බණ්ඩාර තෙන්නකෝන්,මහනුවර පුරපති කේසර සේනානයක යන මහත්වරුද සහභාගි වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්... නමුත් පස්සෙ කාලෙක මුදල් අවභාවිතා වුණා කියලා කවුරුත් FCID එකට කැඳවන එකක් නැහැ නේද?
කෝ බලන්න මගේ නම හරියටම ලියලා, කොටලා තියනවද කියලා.? මහජනමුදලින් ඕනදෙයක් වුනාට කමක් නැහැ... නම් ගම් පිළිවෙලට තියෙන්න ඕනෑ හරියැ...
රවීන්ද්‍ර එක තමා කලින් එක්කෙනා හිටිය නම් රන් වියන මහින්ද රාජපක්ෂ රන් වියන කියල නම් කරන්නත් තිබ්බා
ජනපති අරමුදලේ රුපියල් ලක්ෂ 450 ක මුදලක් දෙනවට වඩා දළදා මාලිගාවට ලැබෙන අදායමින් (මිනිසුන් පුජ කරන රන් ආභරණ ඇතුළුව) මේක කරගත්ත නම් පින් වැඩි නැද්ද කියල මම හිතුවේ.
බුදු හාමුදුරුවන් කවදාවත් රන් වියන් පෑතුවේ නෑ. මේ සල්ලිවලින් අසරණ මිනිස්සුන්ට සැලකුවා නම් කොච්චර හොඳද? කොච්චර ළමයි ඉන්නවද ලෙඩ වෙලා සල්ලි නැතුව බෙහෙත් කරන්න. විකාර වෑඩ. දේශපාලකයන්ගේ නම් ගම් දාගන්න කරන වෑඩ. මමත් බුද්දාගමේ නමුත් මේවානම් අනුමත කරන්නේ නෑ.
පෙර රජ කාලෙත් ඔහොම හිතුවනම්..අපිට අද රුවන්මාලි දාගැබ .... ජේතවනාරාමය ...වගේ පූජනිය වස්තූන් දකින්න නැහැ... මොකද රන්කහවනු බරගාණක් වියදම් කරලනේ හදල තියෙන්නේ....
ජයසේකර, පෙර රජ කාලේ මේ වගේ හොරු හිටියනම්, උල තියලා. ඒ වගේම මේ කාලේ වගේ රජ කාලේ ලෝකෙටම ණය වෙලා හිටියේ නෑහෑ. පෙට්ටි පුරෝලා පූජා කරපු රත්තරන් දළදා මාලිගාවේ තියෙනවලු.. ඒවා වලින් මේක කරන්න බැරිද? ඒ වගේම ඒවට මොනවද වෙන්නේ? ලැබෙන ආදායම්වලට මොකද වෙන්නේ? නිකන් බොරු තර්ක කරන්න එපා.
ජයසේකර ඉතිහාසේම ජීවත් වෙන්න. අපේ ලොකු පන්සල් වලට ලැබෙන සල්ලි අසරණ මිනුස්සුන්ගේ යහපතට යෙදුව්වානම් අන්‍ය ආගම් කරණය අරක මේක ගැන කතා කරන්න වෙන්නේ නෑ
මේ රන් වියන නිසා තමයි මාළිගාවට කොටි බෝම්බ ගහපු වෙලාවේ දලදාවහන්සේට හානි නොවුනේ. රන් වියනයි හානි වුනේ.