කතෝලික ජනතාව බහුතරයක් වෙසෙන කල්පිටිය අර්ධද්වීපයේ පිහිටි දළුව ශ්‍රී සුමනාරාමයේ සෑම වසරකම නත්තලට ගවලෙනක් ඉදිවේ.
මෙවර නත්තල සමරමින් දළුව වෙසෙන කතෝලික හා බෞද්ධ දරුවන් පන්සලේ සාමනේර හිමිවරුන් ද එක්ව තැනූ ගවලෙනයි මේ. කල්පිටිය අර්ධද්වීපයේ ඇති එකම චෛත්‍යය පිහිටියේ ද දළුව ශ්‍රී සුමනාරාමයේය.

(ඡායාරූපය - විනීතා එම්.ගමගේ)



(ඡායාරූප - පද්මා කුමාරි කංකානම්ගේ)
COMMENTS
කොහොමත් එක ආගමික කණ්ඩායමක් ඇරෙන්න අන් සියලු ආගම අදහන්නහට එකට සමගියෙන් ජිවත් වෙන්න පුළුවන්.
මා සිතනා ලෙස බුදුරජාණන් වහන්සේටත් ජේසු තුමන්ටත් මොහම්මඩ් නබි තුමාටත් එකට ඉන්න පුළුවන් නම් ඔවුන්ගේ අනුගාමිකයින්ට බැරි ඇයි , සියලුම ආගමිකයින් අන්‍ය ආගම් ගැනත් ඉගෙන ගනගන්නවා නම් සමගියෙන් ඉන්න පුළුවන් වෙයි.
අපි බලමුකො ඔය පන්සලේ වෙසක් එකත් ඔය විදියට සමරන්න ඉඩ ලැබෙයිද කියල?
නුවන්, මට හිතෙන විධියට ඔබ බුදුන් වහන්සේ, යේසුස් වහන්සේ හෝ නබී නායක පිලිබඳ කිසිම දැනුමක් නැතුවයි මේ අදහස් ලියා තිබෙන්නේ. අපි ත්‍රිකෝණයක් ගෙන බුදුන් වහන්සේ එහි මුදුනින් තබා ත්‍රිකෝණයේ පාදයේ දෙකොන යේසුස් වහන්සේ හා නබී නායක තියන්න බැලුවත් එය කරන්න බැහැ. බැරි ඇයි කියා මා ලවා කියවා ගන්නවාට වඩා ඔබගේ මනැස විවෘත කර බලන්න. නැතිනම් බුද්ධිමත් මිතුරෙකුගෙන් ඒ ගැන විමසා බලන්න.
අදහස් දැක්කාම හිනා යනවා. සමහරක් බුද්ධාගම දන්නෙත් නැහැ, ක්‍රිස්තියානි ආගම දන්නෙත් නැහැ ඉස්ලාම් ගැන දන්නෙත් නැති හැඩයි. විශේෂයෙන් ඉස්ලාම් ආගමේ මූලධර්ම, බුද්ධාගමට ලංකරන්නවත් බැරිය. බුද්ධාගම් කාරයෝ සතුන් මැරීම පිටුදකිනවිට ඇතැම් මුස්ලිම්වරු සෑම හන්දියක් ගානෙම මස් කඩ ඉල්ලයි. හාමුදුරුවරුන්ගේ මේ මනස්ගාත වැඩ නිසා බුද්ධාගමේ ඉගැන්වීම් බෞද්ධයාටම ප්‍රහේලිකාවක් වෙනවා.