(චතුර එස් .කොඩිකාර)
පළාත් පාළන මැතිවරණය පිලිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය හමුවක් අද (11) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ දී පැවැත්විණි.
එම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගණවර්ධන ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස්.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ , උදය ගමිමන්පිල ,ඩලස් අලහප්පෙරැම, ගාමිණී ලොකුගේ, යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිවරයා පොරොන්දු වූ අන්දමට අවුරුදු තුනක් යනතුරු අල්ලනවා කියමින් සිටි හොරු කණ්ඩායමට නිදැල්ලේ කටයුතු කරන්නට ඉඩහැර බකන් නිලාගෙන සිටිමින් කයිවාරුවෙන් පමණක් රට පාලනය කිරීමට යාමේ අනිසි විපාකයකට මුහුණ දෙමින් සිටියි. ඉදිරි දින කිහිපය තුල ඔහුට තවදුරටත් මේ රටේ ජීවත්වෙනවාද නැත්නම් වෙන කොහේ හරි යනවාද කියා සිතන්නට වෙන ජාතියේ තීරණ තීන්දු ගැනීමට සිදුවෙනු ඇත. දැනට රටතුල සිංහල බහුතරයකගෙන් ගිලිහි ගොස් අැත. ඔහු පිළිබඳ තිබු පිළිගැනීම, බලාපොරොත්තුව සහ ප්‍රසාදය නැවත අංශු මාත්‍රයක් හෝ ගොඩනංවා ගැනීමට නම් ඔහු දැන්වත් ඍජු තීන්දු ගැන පොරොන්දු වූ ආකාරයට මහබැංකු සිද්ධියට අදාළ අයට පමණක් නොව වැරදි කල සියලුදෙනාහටම නීත්‍යානුකූල දඬුවම් ලබාදීම සඳහා කඩිනම් පියවරක් ගත යුතුව ඇත. නැත්නම් වෙන්නේ පණබේරාගැනීමට වෙන කොහේහරි යන්නට සිද්ධ වෙන තැනට කටයුතු යෙදීම වන්නට බැරි නැත.
එහෙනං අද ප්‍රවෘත්ති බලන එකෙන් වැඩක් වෙන්නේ නෑ. කන්දොස් කිරියාව අහගෙන ඉන්නවා මිසක්.
දැන්වත් හිරේ ඉන්න රට වෙනුවෙන් වන්දි ගෙවන අපේ රණ විරුවෝ නිදහස් කරන්න බල කරන්න.
ජී.එල්.පීරිස් මහත්මය පොහොට්ටුවෙ සභාපති වීම ගැන තිබ්බ ප්‍රශ්නය කට්ටියට විසඳී ඇතැයි සිතමි....
මේ අය හිතන් ඉන්නෙ ජය සමග ඇදුම්වල තියෙන මඩ, කුණු පෑල්ලම් ඔක්කොම නැතිවෙලා ගිහින් කියලා.
රටක අරාජිකත්වයක් දැක සිනාසෙන කපටි මුහුණු. මේක මහා ලොකු කැළඹීමක් නොව රටක සාමාන්‍ය සිද්ධියක්. හැබැයි හොරු, මිනීමරුවෝ තුච්ච සතුටක් ලබනවා මෙය ඔවුන්ගේ ජයග්‍රණයක් බවට. මේක තනිකරම රටේ බහුතරයකට කරපු නින්දිත අපහාසයක්. ගුවන්තොටුපල වහලා දඬුවම් දීලා තිබුනානම් අද අපට සැනසීමක්. මොකද ජනාධිපතිවරණයත් සමග පැන ගිය කෙනෙක් තමයි මේ ජයග්‍රහණයේ නියමුවා.
මටත් 22222222වි කියලා හැඳුනුම්පතක් හදාගන්න බැරිවෙන එකක් නැහැ දැන්නම්...
සිංහලයාගේ ඉවසීමේ සීමාව ඉතා ආසන්නයටම ඇවිත් තියෙන්නේ කියල කව්රුත් තේරුම් ගත්තොත් ලොකු දෙයක් .
රට නොබෙදා ඉන්න පුළුවන් වුණොත් එ්කම ඇති...
සිංහල අකුරුලියන කාලකන්නි සුනඛයින් මේක මිනිස්සුන්ගේ කැමැත්ත මිස වෙස්ට්මිනිස්ටර්ලාගේ කැමැත්ත නොවේ !, රට අරාජික "එර්දි" තමුන් ඉන්නේ මහපොළවේද?
ඔක්කොම හොරු බොරුකාරයෝ
මේ අය හිනා වුනාට, ඔය දිනුම තනිකර මහින්ද රාජපක්ෂ නිසා ලබා ගත් ජයක්. මේ අයට මහින්ද රාජපක්ෂගෙන් තොර පැවැත්මක් නැහැ.
වාසියට ඔය දේශපල්කොයෝ හැමෝම එකවගේ. අපේ ජාතියේ අවාසනාව. තවමත් දේශපාලන වහල්කමෙන් නිදහස් නැති ජාතියක්..
දිනුවේ රටවත්, ජනතාවවත් නොවේ.. බොරුව, කපටිකම හා හොරකම් කල සල්ලි වල බලය. ජනතාව ජවිපෙ එකට චාන්ස් එකක් දෙන්නේ නැත්තේ ඔවුන් කපටි දේශපලයනය නොදත් නිසාද? හොරකම් කල එස්එල්පීපී හා එජාපය 75%ක් ගන්න තරම් මේ රටේ ජනතාව බංකොලොත්ද? අන්ධද? මෝඩද? මේක නම් හැදෙන්නේ නැති රටක්...
දැන් ඉතින් සිරිසේනට මරක්කලයින් එක්කම තමයි ඉන්න වෙන්නේ... නැත්තන් මහින්ද මහත්තයා ලඟට ගිහින් සමාව ගන්න.
පසුගිය පළාත්පාලන චන්දෙ ප්‍රතිපල එක්ක මෙවර ප්‍රතිපල සංසන්දනය කරද්දී මහින්ද මහත්තයට ඇත්තටම ප්‍රතිපල වැඩි වෙලාද ? අනේ මන්ද ?
මේ කට්ටිය හිනාවෙන කොට හරි කපටියිනේ...
කඩුව අතට ගත්තේ පරක්කු වෙලා. එ්ත් ගත්තු හැටිය වනවනා හිටියා. තමාටම කෙලවන තුරු !!!
අප කිසිකෙනෙකුට මහින්ද මහතාගේ ජයග්‍රහණය ගැන කිසිම ගැටලුවක් නැත , නමුත් එතුමාගේ සාටකයේ එල්ලී ගොඩයන්න හදන අනිත් අපතයන් ගැන තමයි ගැටලුව . මොකද එතුමාව නැති කරන්නේ ඒ අයයි.
ජයම වේවා. මොනවා උනත් මහින්ද මහත්තය දාල ගියපු උන් ටිකනම් අයෙත් ලං කර ගන්න නම් එපා.
මේක තමයී ශ්‍රී ලංකාවේ දේශපාලනය. ගමේ උදවියට ප්‍රබුද්ද මනසක් කවදාවත් ලබන්න බැරි බව ප්‍රතිපල වලින් පැහැදලි වේ . විකල්පයක් කියන්නේ මහින්ද නෙවේ.
මේ ඡන්ද ප්‍රතිපලය යහපාලන ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා ජනතාව දුන් දඬුවමක් ලෙස පෙනුනත්, සැබෑවටම දඬුවම් විදින්න සිද්ධ වෙන්නේ ජනතාවටම බව සිතන්න තරම් දේශපාලන බුද්ධියක් අපේ රටේ ජනතාවට නෑ. තව කාලයකට ඒ බුද්ධිය පහල වෙන්නෙත් නෑ. බලය හුවමාරු කරගනිමින් දේශපාලකයින් ඉදිරියට යනවා. ජනතාව එක තැන පල් වෙනවා.
පොදු ජන පෙරමුණේ ජයට මූලිකම සාධකය මහින්ද ජනාධිපතිතුමා. කෙසේ වුණත් පක්ෂයක් විදියට සාර්ථක වන්නට නම් පුද්ගල ප්‍රතිරූපය වටා ගොඩ නොනැගී සාමුහික ප්‍රතිපත්ති සහ දුර දක්නා දර්ශනයක් තිබුණොත් හොඳයි. නැතිනම් කාලයක් ගියාම නායකත්වයට පොරකාවි. පක්ෂය දියවෙලා යාවි. අලුත් ඉපදුණු පොදු පෙරමුණ වසර 60 - 70 ක් පරණ පක්ෂ අභිබවා ආවා. එය පවත්වා ගෙන යාම අනිත් අයගේ සාමූහික වගකීම වෙනවා. නැතිනම් ඉතින් හෙළ උරුමයට වගේ වෙයි.
චන්ද ප්‍රතිපලය පෙන්නුම් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් අවශ්‍යම බවත්. වර්තමාන නායකත්වයට පහල මධ්‍යම පන්තික ජනතාව පිලිබඳ අවබෝදයක් නැතිකමත්ය. ඔහු මෙරට දේසපාලනයට සුදුසු නැති බවත්ය. වත්මන් රජය පාලන තන්ත්‍රයේ වෙනසක් කලද එය ජනතාවට තේරුම් ගැනීමට නොහැකි වුයේ ජනතාවට රජය මගින් ඇතිකළ ආර්ථික පීඩනය සහ දුන් පොරොන්දු ඉෂ්ට නොකිරීමත් නිසාය. වසර 3ක කාලයක් දුන් පොරොන්දු ඉටු කිරීමට ප්‍රමාණවත්ය. පොරොන්දු ඉටු කිරිමට උනන්දුවක්වත් රජයට නොමැති බව පෙනී ගිය බැවින් ජනතාව එයට දුන් පිළිතුර මෙයයි. කොටින්ම කියතොත් රජය ඉල්ලන් කෑවේය. දැන්වත් රජය නිසි මාවතට පැමිණිය යුතුය.
මෙතන ඉන්න පක්ෂවල නායකයින්ට කියන්නේ ඔයාලා මැතිවරණයකට තනියෙන් තමතමන්ගේ පක්ෂයෙන් තරග කරලා පුළුවන්නම් ඡන්ද 100 අරන් පෙන්වන්න ඔයාලට බැහැ. මේ වගේ කට්ටිය මහින්ද මහත්මයා අයින් කරගෙන ඉදිරියට යන්න. එතකොට ඔයාගේ පැවැත්මට හොඳයි..
මහින්ද රාජපක්ෂ ඇතුළු ගෝල බාලයින්ගේ මුහුණු දකින කොට අපට කුඩා කාලයේදී අසන්නට ලැබුන ගැමි කතාවක් මතක් වෙනවා. දිව්‍යය ලෝකේ යෑම සඳහා පියාඹන ඇතාගේ වලිගෙ...