IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් තෝරති

රන්න චන්ද්‍රසේන ගමගේ සහ බෙලිඅත්ත පද්මසිරි කාරියවසම්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ප්‍රාදේශීය සභා මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (25)  තංගල්ල ගෞතම විද්‍යාල පිරිවෙන් විහාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය සභා 10 ක්  සඳහාත් තංගල්ල හා හම්බන්තොට නගර සභාව සදහාත් අපේක්ෂකයන් තෝරා ගැනීම සදහා සම්මුඛ පරීක්ෂණ පැවැත්විණ.

පසු ගිය ප්‍රාදේශීය සභා සහ නගරසභා  පාලන කාලය තුළ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ බහුතරයක් අද දින පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය අපේක්ෂාවෙන්  ගෞතම විද්‍යාල පිරිවෙන් විහාරයට පැමිණ සිටියහ.

 

 



අදහස් (16)

පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් තෝරති

amith -gampaha Saturday, 25 November 2017 10:50 AM

අපිට නම් අාරංචියේ හැටියට මහින්ද මහතා නිදහස් පක්ෂය එක්ක එකතුවෙලා ඉල්ලන්න යනවා කියලා පුතාලව සහ මල්ලිව බේරගන්න. එහම සිදුවෙනවා නම් මහින්ද මහතාගේ අන්තිම ඡන්දෙ මේක වේවි. ගාලුමුවදොර පිටියට 100 වත් ගෙන්න ගන්න ඉලඟපාර බැරිවේවි. අපි ගෙදර නිදාගන්නවා මිසක් අපේ ඡන්දේ කොල්ලකාපු අයට කතිරේ ගසන්නේ නැත.

:       1222       1341

ajit Saturday, 25 November 2017 12:10 PM

ලොකුම සුදුසුකම බොරු කීම, හොරා කෑම... අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැත.

:       409       674

UpulSaturday, 25 November 2017 01:26 PM

හරියට හරි. වෙන කිසිම දෙයක් අවශ්‍ය නැත.

:       103       224

Sathyayaa Saturday, 25 November 2017 02:26 PM

ඇයි "සිරි යහනේ තනි රකින්න" එන්න කැමැත්ත?

:       10       149

naradhaSaturday, 25 November 2017 06:15 PM

ඇයි උසාවියකට ගිය විට කිසි දෙයක් මතක නැති වීම.

:       0       72

shan saudi Saturday, 25 November 2017 02:11 PM

ලොකුම සුදුසුකම බොරු කීම, හොරා කෑම, මත්පැන් හා මත කුඩු වෙළදාමේ නිපුනතාවය... අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැත. පාදඩ දේශපාලනයට ඇති හැකියාව පමණක් මනිනු ඇත.

:       315       524

sahan saudi Saturday, 25 November 2017 02:23 PM

මහින්ද රාජපක්‍ෂ මහතාට ජනාධිපතිකමට නැවත කිසිදාක එන්න බෑ. සමහර අය මහින්ද මහත්තයාව නැති කරන්න එතුමාගේ පොටෝ එකට මුවාවී හොර අරක්‌කු පෙරුවා. ගඟේ වැලි හෑරුවා. පස්‌ කඳු කැපුවා. ඒවා නිසා මහින්ද මහතාව ජනතාව පැරැද්දුවා. ඒක තමයි තිත්ත ඇත්ත කියලා නගර සැලසුම් සහ ජලසම්පාදන රාජ්‍ය ඇමැති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. සමහරුන් මගෙන් අහනවා ලැබී ඇති රාජ්‍ය ඇමැතිකමින් මොනවා කරන්නද කියා. මටත් එලෙස හිතුණත් දැන් තමයි එහි වටිනාකම වැටහෙන්නේ. අද වන විට ලෝකයේ සෑම රටක්‌ම පානීය ජල ප්‍රශ්නයෙන් බැටකන යුගයක්‌. මෙම අමාත්‍යාංශයට ඉතා භාරදූර වැඩපිළිවෙළක්‌ තියෙනවා. ඉදිරියේදී කටානේ සියලුම ජනතාවට කරාමෙන් ගේ ළඟටම ජලය ලබාදෙන්න කටයුතු කරනවා. අපි එජාපයට මුක්‌කු ගහලා ඇමැතිකම් අරගෙන කියලා පාක්‍ෂිකයන් නොමඟ යවනවා. ඒක නොවේ ඇත්ත අපි නොගියා නම් ඒ අය ද්‍රවිඩ සංවිධානය සමඟ සන්ධානගතවෙලා ආණ්‌ඩුවක්‌ තනනවා. එයද හොඳ මෙය ද හොඳ කියලා බලන්න. මම හෙට ගෙදර ගියත් මගේ අනුගාමිකයන් කිසිවකුට වැරදි වැඩ කරන්න ඉඩ දෙන්නේ නැහැ. මෙවර පුංචි ඡන්දෙන් වැඩිපුර කාන්තා පක්‍ෂය ඉදිරියට ගේන්න කියා ද ඉල්ලීමක්‌ කරනවා.

:       109       143

`Sathyayaa Saturday, 25 November 2017 02:32 PM

වරෙක බුලත් කොලෙන් එනවා, තවත් වරෙක අතේ එල්ලිලා එනවා. ඊළඟට පොහොට්ටුවෙන් එන්න සුදානම. අන්තිමට ඉතින් ඉල්ලන්න වෙන්නේ මිනීපෙට්ටියෙන් තමයි. නිකම්ම පාර අයිනේ වළ දානවාට වඩා පෙට්ටියක් ඇතුලේ යන්න ලැබෙන එකත් වාසනාවක්.

:       423       498

sahan Saturday, 25 November 2017 03:04 PM

පොහොට්ටුවේ ඉන්ටර්විව් තියෙනකොට පොලිසිය ගියොත් වරන්ට්කාරයෝ ටික අල්ලා ගන්න පුළුවන්...

:       119       767

Jehaan Saturday, 25 November 2017 09:28 PM

ඔය බවලතුන්ගේ අත්‍යාවශ්‍ය ලියකියවිලි වල වයස හරියට සඳහන් කරලාද බලන්න. අන්තිමේදී අර එක මැඩම් කෙනෙක් පාස් පෝට් එක තිරිහන් කළා වගේ බාලවයස්කාර අන්ගනාවන් චන්දෙ ඉල්ලන්න බැරි නැහැ .

:       38       131

Chandima Sunday, 26 November 2017 01:08 AM

ඔන්න මම කියන්නද ඕකෙන් දියුණුවෙලා ගොඩ යන විදිය මෙහෙමයි. මුලින්ම ඔය ටෙන්ඩර් වගේ දේවල් පාස් කරලා ගානක් හොයා ගන්නවා. වේදිකාවල පච කියන මඩ ගහන කතා නිකම්ම වගේ හුරු වෙනවා. ඊට පස්සේ කලෙකදී පාර්ලිමේන්තු චන්දෙට ඔන්න සෙට් වෙනවා. . පාර්ලිමේන්තුවට ගියොත් ඩියුටි ෆ්‍රී කාර් පර්මිට් එක ලැබෙනවා. පොලි නැතුව ණය ලැබෙනවා එ්ක ගෙන්නන. එක පස්සේ විකුනනවා. විශාල දියුණුවක් ලබනවා. අවුරුදු පහෙන් ෆුල් පැන්ෂන්. ඒ ටිකම මදැයි.

:       60       108

Kuma Sunday, 26 November 2017 08:49 AM

එකතුවෙමු... තවත් බැංකු කඩන්නට ඉඩ නොතියමු.

:       2       19

sahan Sunday, 26 November 2017 08:56 AM

සාමාන්‍යයෙන් පොහොට්ටුවේ ඉන්ටර්වීව් තියෙන්නේ ගෙස්ට් හවුස්වලලු...

:       32       103

banda Sunday, 26 November 2017 10:10 AM

ඉන්ටර්වීව් එකේ පළමු ප්‍රශ්නය... ඡන්දෙට කීයක් වියදම් කරන්න පුළුවන්ද?

:       0       25

Chandra Monday, 27 November 2017 01:20 AM

ජනවාරි 8 න් පස්සේ දිගටම කලේ, කරපු හොරකන් වලින් බේරෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වෙලා , 3/2 පාර්ලිමේන්තු බලය කඩනවා කියලා තර්ජනය කිරීම. ඒකට අහුවුණොත් අතරමං වෙන්නේ රටේ ජනතාව. බලයට, මුදලට රට පාවලා දෙන්නේ නැහැ.., නියම ලාංකිකයන්.

:       2       1

මල්ලී Monday, 27 November 2017 05:14 AM

ඇයි පන්සලේ සම්මුඛ පරීක්ෂණ තියන්නේ

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1258 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1215 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 443 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site