රොමේෂ් මධුෂංඛ
තලෙයි මන්නාරම, මන්නාරම හා පුනරීන් මුහුදු වෙරළට මේ දිනවල ඉන්දියානු සමාගම් හී ලිපිනයන් සඳහන් විවිධ අපද්‍රව්‍ය හා විවිධ විෂකාරකයන් ගොඩගැසීම හේතුවෙන් මසුන් විශාල ලෙසින් මිය යාම හා පාරසරික ගැටලු රැසක් මතු වී ඇති බවට මන්නාරම් ධීවරයෝ කියා සිටිති.
මීට පෙර පුත්තලම් වෙරළට ගොඩ ගැසූ මෙම අපද්‍රව්‍යය මේ වන විට මන්නාරම් වෙරළට ගොඩගැසීම හේතුවෙන් උතුරු මුහුදු වෙරළ සාමාන්‍ය ජනතාවට මෙන්ම ධීවරයින්ට අහිමිවීමේ අවධානමක් ද පවතින බවට මන්නාරම් ධීවර සමිති පෙන්වා දෙයි.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් අද (20) දිනයේ දී අදාළ ඉන්දියානු අපද්‍රව්‍ය විශේෂ පරික්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර එම අපද්‍රව්‍ය අයිතිකරුවන් පිළිබඳව ද පරික්ෂාවකට ලක් කිරීමට නියමිතය.
කෙසේ වෙතත් අදාළ අපද්‍රව්‍ය මන්නාරම් මුහුදු වෙරළට ගසාගෙන ඒම හේතුවෙන් මේ වන විටත් මන්නාරම් මුහුදු වෙරළට දුර්ලභ ගණයේ මසුන් හා විවිධ වර්ගයන්ට අයත් මසුන් වර්ග විශාල ප්‍රමාණයක් මිය ගොස් ගොඩ ගසා ඇති අතරම ඒ අතර කැස්බෑවන් ද සිටින බවට මන්නාරම් ධීවර සමිති විසින් පෙන්වා දෙයි.
එමෙන්ම මන්නාරම් ධීවරයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉන්දියාවේ සිට ගසාගෙන එන ලද අපද්‍රව්‍යන්හි විෂකාරකයන් හේතුවෙන් මන්නාරම් මුහුදේ මසුන් ඇල්ලීමද අවදානම් ව පවතින අතරම අපද්‍රව්‍යයන් හේතුවෙන් ඇති වී තිබෙන පාරසරික ගැටලු හේතුවෙන් ධීවර වාඩිවල ජීවත්වීම ද අවධානම් තත්වයක පවතින බවයි.




COMMENTS
එට්කා අත්සන් කරන්න කලින් කුණු ටික ඇවිල්ලා.
අවුලක් නැහැ, අපි ජාත්‍යන්තරය දිනලා ඉන්නේ. ඕවට කතා කරන්න ගිහිල්ලා, ජාත්‍යන්තරය පරදින්න පුළුවන්.
ඔය රටෙන් ඕකට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
ඉන්දියාව එක්කත් ගිවිසුමක් ගහලද දන්නේ නැහැ කුණු මුහුදට දාන්ට.
වැඩේ කියන්නේ අපේ මිනිස්සු හරිම නිද්‍රාශීලියි. එ්කයි ගැටලුව. ඔවා කතා කරනකොට ඒ මනුස්සයාට අපහාස විතරයි. අනේමන්දා හැමදාම ඔහොම තමයි.
සිංගප්පූර් කසල අනුමත නම් ඕවා මොනවද?
කසල එන්නේ ocean current එකට අසුවුනාම. රටවල් මුහුදට කුණු දාන්න ගිවිසුම් ගහන්නේ නැහැ. බටහිර රටවල් ප්ලාස්ටික් තහනම් කරලා. බීම බොන බට පවා තහනම් කරලා තියෙන්නේ. ඉන්දියාව සමග මේ ගැන කතා කරන්න ආණ්ඩුව බය නම් මේ ගැන මාධ්‍ය වලට තියෙන්නේ ලෝකයේ අවධානය යොමු කිරීමයි. ඉන්දියාව G8 සමුළුවට එක්වීමට කතා කරන මේ කාලේදී මෙවැනි පරිසර දුෂණ ඔවුන්ට පාරා වළල්ලක් වියහැකියි.
පහුගිය දිනවල කේරලය පුරා දරුණු ගංවතුරක් ගැලුවා.ඒවායේ විපාක තමයි මේ.