
(ඩයනා උදයංගනී)
කොළඹ නෙළුම් කුළුණ අද සවස 6.00 සිට තැඹිලි පැහැයෙන් ආලෝකමත් කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකම සැප්තැම්බර් 17 වැනිදා දිනය රෝගී සුරක්ෂිතතා දිනය ලෙස නම් කර ඇති අතර එය සංකේතවත් කිරීම සඳහා මෙම කටයුත්ත සිදුකරන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රය ඇතුළු දිවයිනේ සියලුම රෝහල් ද අද රාත්‍රියේ තැඹිලි පැහැයෙන් ආලෝකමත් කිරීමටද කටයුතු යොදා ඇති අතර ඒ වෙනුවෙන් ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය අනුග්‍රහය ලබා දී ඇත.
දැනට ගෝලීයව බලපා ඇති කොවිඩ් -19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන මෙවර රෝගීන් සුරක්ෂිතතා දින තේමාව ලෙස සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සුරක්ෂිතතාව ප්‍රමුඛ කාර්යයක් යන්න යොදාගෙන තිබේ.
(ඡායාරූප - ගයාන් අමරසේකර)


COMMENTS
අයියෝ සල්ලි... !!!
පටන්ගත්ත කාලෙ රැස්වීම් වලට වතුර බෝතල් වෙනුවට වතුර වීදුරු දීලා නාස්තිය අඩුකරපු ජනාධිපතිතුමා මේක දකින්න නැතුව ඇති. නෙලුම් කුළුණ අවුලක් නෑ කියමුකෝ, ඒත් සියලුම රෝහල් තැඹිලිපාට කරන්න. හිතුණේ නැද්ද ඕකෙන් තව සේලයින් බෝතලයක්, වෙන්ටිලේටරයක් වගේ ගත්තා නම් වටිනා බව... අයියෝ සල්ලිදත් කියනවා සිරි..., හරි සිරි.
හොඳ වෙලාවට මේක හැදුවේ.. නැතිනම් කොහේ ලයිට් පත්තු කරන්නද?
මාරයි, තොරන් බලන්න ගියාවගේ. දැන් අපට හැමදාමත් වෙසක්. බලාපල්ලා ඕක දිහා බලන් ඉන්න වෙලාවේ... සීනි, පිටි ගණන් නැගලද කියලාද?