නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට පත්වීම් ලිපිය බාරදීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (28) සිදු කෙරිණි.
ජාසිංහ මහතා හෙට (29) පෙරවරු 8.00 ට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩබාරගැනීමට නියමිතය.
‘‘හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ලෝක බැංකුවේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙක් ලෙස හෙට සිට කටයුතු කරනවා. එය වසර 5 ක ධූර කාලයක්. ඔහු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ කටයුතු කරන කාලයේ මට ගැටලු තිබුනේ නැහැ. සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසදා ගත්තා. සෞඛ්‍ය සේවාව තුල කඩිනමින් තීන්දු තීරණ ගත යුතුයි. මම වසර 5 ක ඉලක්කයක් මත වැඩ කරන්නේ. නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට අනිල් ජාසිංහ මහතා පත් කිරීමේ දී දේශපාලන බලපෑම් මම විසින් කළේ නැහැ. සෞඛ්‍ය සේවාව තුළ මා ආරම්භ කළ විවිධ ව්‍යාපෘති ඉදිරියට ගෙනයාමේ වගකීම වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට ද පැවැරී තිබෙනවා. ජාතික රෝහලේ තනතුර දරන කාලයට වඩා කාර්යක්ෂමව නව තනතුරේ වැඩ කරන්න ජාසිංහ මහතාට සිදු වෙනවා‘‘ යැයි එහිදී සෞඛ්‍ය ඇමැතිවරයා කීය.



COMMENTS
ආනන්දේ කොල්ලෙක්. සුබ පතමි
ඔබට ලොකු වගකීමක් ඇත. සාධාරණය ඉටුකරන්න ! එකමුතුව තීරණ ගන්න! විද්‍යා පරිපාලකයන්ව එකතු කරන්න. ඔබට මෙය කළහැකි !
ආනන්දේ නෙවෙයි මහඋල්පතගම ඉස්කෝලේ වුනත් වැඩේ හරියට කරනවානම් විතරක් මගෙනුත් සුබ පැතුම්....
ආනන්දේ, යුඑන්පි මම නිල්, මෙන්න මේ මානසිකත්වය තමයි රටට නරක් වෙලා තියෙන්නේ. අපි ශ්‍රි ලාංකික විය යුතුයි.
අර යට ෆොටෝ එකේ ඉන්න නෝනාට අධ්‍යක්ෂක කමක් දීලා ඔතනට පාත් උනේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?
මෙතන ජැන්ඩියට ඇදන් ඉන්න නෝව ඔයා කලු කෝට් මහත්තයට විරුද්ධව ජාතික රෝහලේ අධ්‍යක්ෂක පට්ටමට නඩු කියලා පැරදුනහම, ඒ නෝනට අමාත්‍යංශයෙන් වෙන අධ්‍යක්ෂක පට්ටමක් අලුතෙන් හදලා දුන්නා කියන්නේ බොරුද මන්දා....
රුසියානු වෙද උපාධිදාරී පලමු සෞඛය අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට සුබපෑතුම්....