(රොමේෂ් මධුෂංඛ)
යාපනය දිස්ත්‍රීක්කයේ නාවට්කුලි සිංහල ගම්මානයේ පිහිටි සමිති සුමන විහාරස්ථානයේ අඩුපාඩුවක්ව පැවති චෛත්‍යයක් ඉදිකිරීමට සමස්ත ලංකා කලණ මිතුරු දහම් සභාවෙන් පියවර ගෙන තිබේ. ඒ සඳහා සමස්ත ලංකා කලණ මිතුරු දහම් සභාවේ සාමාජික හිමිවරුන් පිරිසක් නාවක්කුලි ගම්මානයට ගොස් මුල් ගල් තැබූහ.
‘‘මේ ගම්මානයේ සිංහල පවුල් 57 ක් ජීවත් වෙනවා මේ වැසියන් මෙම විහාරය ඉදිකළත් අඩුපාඩුවක්ව පැවති චෛත්‍යයට සැදීමට අප මුල් ගල තැබුවා.මෙම ඉදිකෙරෙන චෛත්‍යය ථූපාරාම ආකෘතිය අනුව ඉදිවෙනවා. එය උසින් අඩි 60 කින් යුක්තයි. ලබන වසරේ වෙසක් පෝයට පෙර මෙම චෛත්‍යයේ ඉදිකිරීම් අවසන් කිරීමට පියවර ගන්නවා“යැයි කලණ මිතුරු දහම් සභාවේ සාමාජික දුටුවැවේ ලංකානන්ද හිමියෝ පැවසූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd