
(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)
මිනිස් ජීවිත හා දේපළවලට අනතුරු කරමින් නවගත්තේගම මහමැද්දෑව සහ කිරිමැටියාව ඇතුළු ප්‍රදේශවල සැරිසැරූ මිනීමරු වන අලියා නවගත්තේගම කිරිමැටියාව අලුත්වැව ප්‍රදේශයේදී අල්ලා ගැනීමට හැකි වූ බව පුත්තලම වනජීවී කාර්යාලය කියයි.
පසුගිය කාලයේ නවගත්තේගම ප්‍රදේශයේ වන අලි පහරදිමකින් සිදු වූ පුද්ගල මරණ 02ක් හා එම ප්‍රදේශවල නිවාස ඇතුළු දේපල රැසකට හානි කළේ මෙම අලියා බව හඳුනා ගෙන තිබුණි.
මෙම අලියා ඇල්ලීමේ මෙහෙයුම ඉකුත් 01 දින නවගත්තේගම රඹකැන්යාගම ප්‍රදේශයෙන් ආරම්භ කදවුරු බැඳ ආරම්භ කෙරිණි.
වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ප්‍රධාන අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකය, නවගත්තේගම සහ කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාල, පුත්තලම අලි පාලන ඒකකය, අනුරාධපුර සහ පොළොන්නරුව වනජීවී කාර්යාල මෙම අලියා ඇල්ලීමේ මෙහෙයුම සදහා එක් වී සිටි බව පුත්තලම වනජීවී කලාප කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.කේ.එස්. චන්ද්‍රරත්න මහතා කීය.
අලියා අල්ලා ගැනීමෙන් අනතුරුව එම සතාව හොරොව්පතාන අලි රැදවුම් මධ්‍යස්ථානයට රැගෙන ගියේය.





COMMENTS
මෙම මහජන සේවාවට කැප වූ සියලු දෙනාටම හොඳ හදවත් ඇති සියලු රටවැසියන් වෙනුවෙන් මගේ ප්‍රශංසාව මේ සමඟින්.
මේ සත්තු එදත්-අදත් අහිංසකයි. වැරදි මනුසතා පමණයි. දුෂකයාද, මිනීමරුවාද, කැළෑපාළුවාද මේ සතුන් නොව මනුසතාම පමණයි. මේ රටේ පරිසර දුෂණය, අහිංසක සත්ව ඝාතනය, මහා වනාන්තර කාන්තාර කිරීම මේ හැමදේම කලේ පාපතර මිනිසාම පමණයි.! මේ සත්තුන්ගේ මහගෙදර තමයි ඔය වනාන්තරය ඒක කපලා මනුසතා හදපු ගේ තමයි එතකොට ගේ වෙන්න ඕනේ.
පරිස්සමෙන් ලොරියේ අරන් යන්න. මතකනේ සියබලගමුවේ ඇතාට වෙච්ච දේ. දල පුට්ටුවට වඩා ලස්සන දල දිග සියබලගමුවේ එක්කෙනා. අන්තිමට එයා මැරුනේ එයාගෙම වරදින් වුණා
මිනිස්සු කැලේ කපල අලි ඇතුන්ගෙ වාසස්ථාන මංකොල්ල කාල ඉඩම් අල්ලගත්තට පස්සෙ උන් යන එනමං නැතුව ඉබාගාතේ යන්න ගන්නවා තමයි. නැතුව උන්ට මිනිස්සු මරල ගෙවල් දොරවල් කඩල මොනවා ලැබෙනවටද
අලි ගම් වැදී නැත.. මිනිස්සු වනවැදී ඇත.