( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
වදවියාමේ තර්ජනයට ලක්වී ඇති විශාල බෝදිලිමෙක් නවගත්තේගම මැද්දාව ප්‍රදේශයෙන් හමුවි වනජීවි නිළධාරින්ට භාර දි ඇති බව කියයි.
දිගින් අඩි දෙකකට ආසන්න මෙම බෝදිලිමා ග්‍රෑම් 400 කට ආසන්න බරකින් යුක්ත බව වනජිවි නිළධාරින් පවසයි .
වදවියාමේ තර් ජනයට මුහුන දි ඇති බෝදිලිමා උරග ගණයට අයත් වියලි කලාපයේ වැඩි වශයෙන් දැක ගත හැකි බව කියයි.
පරිසරයේ විවිධ අවස්ථාවන් අනුව තම ශරිරයේ වර්ණය වෙනස් කිරිමේ සුවිශේෂ හැකියාවන් බෝදිලිමාවන්ට හැකියාව පවතින බව වනජීවි නිළධාරින් පවසයි.
කලබලවුණ ගමන් ඒ වර්ණය වෙනස් කිරීමක් පෙන්නුම් කිරිමටත් එසේම දිගු ඇලෙනසුලු දිවක් බෝදිලිමන්ට පිහිටනවා.
මෙම දිව උපයෝගි කර ගනිමින් ඈත ගොදුරු පහසුවෙන් අල්ලා ගැනිමට විශාල හැකියාවක් බොදිලිමා සතුව පවතිනවා.
එසේම බෝදිලිමගෙ පාද වල ඇඟිලි 5න් දෙකක් ඉදිරි දිශාවටත් අනික් තුන පසුපස දිශාවටත් පිහිටනව ( Zygodactylous ) ඒ වගේම එක දිශාවෙ තියෙන ඇඟිලි එකකට එකක් ඇලිල පිහිටා තිබිම දැක ගත හැකියි.
බෝදිලිමට ඇස් දෙක වෙන වෙනම එකකින් එකක් නිදහස්ව චලනය කිරිමේ සුවිශේෂ හැකියාවක් පැවතිමත් සමඟ ගොදුරු ඩැහැ ගැනිමට මෙම එක් වාසියක් බව සදහන් කරන්න පුළුවන් .
එසේම ගොදුරක් ඉලක්ක කරද්දි ඇස් දෙකම ඒ ඉලක්කයට ස්ථානගත කිරිමටත් හැකියාව විශේෂයි.
නවගත්තේම වන ජිවි කාර් යාලයේ නිළධාරින් මෙම බොදිලිමාව ආරක්ෂීතව රැගෙන විත් ආරක්ෂිත ස්ථානයකට මුදා හැරිමට කටයුතු කර තිබෙනවා .







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝදිලිමා යනු කටුසු විශේෂයකි. බෝදිලිමා, බෝදිලි මුවා, යක්කටුස්සා ආදී වශයෙන් බෝදිලිමා හඳුන්වනු ලබයි මේ සතා නපුරු දරුණු පෙනුමක් තිබුණාට බොහෝවිට මොවුන් අහිංසකයින් වෙති. කොළකටුසු පවුලට අයත් කටුස්සන් ලිසාඩ් යනුවෙන්ද, දුඹුරු කටුස්සන් කෑමලියොන් යනුවෙන්ද හැඳින්වේ. මා වසර 8ක කාලයක් තිස්සේ කටුස්සන්ගේ ඡායාරූප ගෙන තිබුණත් මෙවන් විශාල බෝදිලිමෙකුගේ ඡායාරූපයක් ගෙන නැත. බහුලව දක්නට ලැබෙන කොළ කටුස්සා මෙන් නොව බෝදිලිමාගේ ඇලෙනසුලු දිව වඩා දුරක් දික්කොට සතුන් අල්ලා ගනී. සාමාන්‍ය කොළ කටුස්සා එසේ නොව වේගයෙන් දිව ගොස් සතා අල්ලාගනී. කටුසු වර්ග පරිසරයට අනුව තම වර්ණය වෙනස් කර ගනී එය ඔවුන්ගේ සන්නිවේදනය සඳහාද බියවූ විටද ආදී වශයෙන් යෙදෙන දෙයකි. කොළපාට කටුස්සා මිනිසා සපා නොකන අතර දුඹුරු කටුස්සා හෙවත් කෑමලියොන් සපා කන අවස්ථා ඇත.. දෙවතාවක් කටුස්සන් මා පසුපස එළවු අවස්ථා ඇත. එහෙත්, බෝදිලිමා ඇතුළු කොළ කටුස්සන් අහිංසකයෝ වෙති. දුඹුරු කටුස්සන් මෙසේ අල්ලාගෙන සිටිය නොහැකිය. කූරන්, බත්කූරන් සමනළයින්, තණකොළ පෙත්තන් ආදී සතුන් මොවුන්ගේ ආහාර වෙයි. නයා, පොළඟා මොවුන් ආහාරයට ගැනීමට දැඩි ආශාවක් දක්වයි. මොවුන් ඡායාරූප ගැනීමේදී පරිස්සම්වීම වැදගත්...
මේ ඉන්නේ කැමිලියන් කියන දුර්ලභ වර්ගයට අයිති සතෙක්. ශ්‍රී ලන්කන් කැමීලියන් අපට ආවේණික සතෙක්. ලෝකයේ දිගම කැමීලියන් අඩි දෙකහමාරක් වගේ. ඒ හින්දා මේ සතා අඩි දෙකක් දිගයි කියන්නේ හරිම දුර්ලභයි. මොවුන්ට විවිධාකාර විදහට පාට වෙනස් කරන්න පුළුවන් වගේම, අංශක 360කට ඇස කරකවන්නත්, එක පාර ඇස් දෙකෙන් දෙපැත්තක් බලන්න වගේම එකම තැනට ඇස් දෙක යොමු කරන්නත් පුළුවන්. තමන්ගේ ශරීර ප්‍රමාණය වගේ දෙගුණයක් විතර දුරට දිව දිගු කරන්නත් පුළුවන්. මෙයා බෝදිලිමෙක් කියලා කිව්වේ කොහොමද? මෙතන මූණත් වෙනස්. මෙයා කෑගැහැව්වද? බෝදිලිමාට හරිම අමිහිරි, භයානක, කන් පසාරු කරගෙන යන කට හඬක් තියෙන්නේ. හැතැප්ම භාගයක් විතර දුරට ඇහෙනවා රෑට කෑගහන කොට. බෝදිලිමා හෝ බෝදිලියා කියලා හරියටම කියන්න පුළුවන් ඒ හඬින් විතරයි.
මේ සතා හිටපු තැන ආරක්ෂිත නැහැ කියන්නේ කොහොමද? අලුතින් ගෙනියන තැන ආරක්ෂිතයි කියන්නේ කොහොමද? අලුතින් ගෙනියන තැන මේ සතාට බෝවීමට සහකරුවන් ඉන්න තැනක් නොවුණොත් මොකද වෙන්නේ? ඒ නිසා ඌට සුදුසුම තැන තමයි එතැන...
ඇයි මේ කලබලය? අර හම්බන්තොටින් මැද කොළඹට පැනපු බෝදිලිමා පාට වෙනස් කරමින් දාන සෙල්ලම් පෙනෙන්නේ නැද්ද? මේ බෝදිලිමා නම් දැනටමත් වඳවී යනවා වගෙයි පෙනෙන්නේ...
චීන්නුන්ට එහෙම ඔය විස්තර දැන ගන්න තියන්න එපා.
අපොයි මේ සතාට දෙවියන්ගේම පිහිටයි. දැනටමත් මස් වැද්දෝ සැළැසුම් සකස් කරලා ඉවර ඇති.
සමිත, ඔබ ලීව මන බඳින විස්තරකිරීම් වලට ස්තුතියි.
සමිත, ඒ දීර්ඝ කරුනු දැක්වීම් ඇත්තෙන්ම මන බඳින සුලුයි. ඔබගේ සටහන කියවගෙන යන විට ප්‍රශ්නාර්තයක් සිතට නැගුනා. ඔබ කියනවා , කිසිවෙක් ඔබේ දක්‍ෂතා දන්නේ නැහැ කියලා..නිකම්ම වාචිකව කීවාම, දන්නේ කොහොමද සමිත,?