(උපුල් තම්මිට)
මල් අතරින් නිල් මානෙල්වලට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. ඒ හුදෙක්ම ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වීම හේතුවෙනි.
නිල් මානෙල් පැළයකින් කහ වර්ණැති මල් දෙකක් පිපී ඇති තොරතුරක් රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැළෑව ශ්‍රී බෝධිදක්ෂිනා විහාරස්ථානයෙන් වාර්තා වේ.
විහාරස්ථානයේ අලංකාරය සඳහා විසිතුරු මත්ස්‍යන් ඇතිකරන ටැංකියකට නිල්මානෙල් මල් අලයක් මීට වසර දෙකහමාරකට පෙර එහි විහාරාධිපති පූජ්‍ය මෑඩෑමුල්ලේ සුජාත හිමි සිටුවා තිබිණි.ඉන් මාස කිහිපයකට පසුව එහි නිල් මානෙල් මල් හටගෙන ඇති අතර කහපැහැති මානෙල් මලක් පිපී ඇති තිබේ.
ඉන් අනතුරුව තවත් කහපැහැති මානෙල් මල් පොහොට්ටු දෙකක් පිපෙන්නට සුදානම්ව පවතින අයුරු නිරීක්ෂණය වී තිබේ.
මෙහි ඇති විශේෂත්වය නම් එක ම පැළයේ නිල් පැහැති මානෙල් මලක් පිපී පවතින අවස්ථාවේදීම කහ මානෙල් මල් දෙකක් ද පිපී තිබීමය. මල් වෙත ආලේකය ලැබීම අවහිර කර තිබියදී සුළු වේලාවකින් කහ මානෙල් මල් දෙක පමණක් පෙති හැකිලෙන බවද, ආලෝකය ලබා දුන්විට මල්වල පෙති දිගහැරෙන බවද උන්වහන්සේ සඳඑහන් කරති.
සාමාන්‍ය ව්යාහාරයේදි නිල් මානෙල් වඩාත් ප්‍රචලිතව ඇතත් කහ මානෙල් පිළිබදව මෙතෙක් උතුරුමැද පළාතෙන් හෝ කිසිදු ස්ථානයකින් වාර්තා නොවුණු බව විහාරාධිපති හිමියෝ පවසති.
මේ කහ පැහැති මානෙල් මල් දැක බලා ගැනීමට ජනතාව පැමිණෙමින් සිටිති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සංසිද්ධිය දෙයාකාරයකට විස්තර කරන්න පුළුවනි. ජාන තාක්ෂණයෙන් මේ ආකාරයේ වෙනස් පැහැති මල් හට ගැන්වීමේදී " ජාන සංස්කරණය " කියන ක්‍රමය යොදාගන්නවා. නමුත් මේ ක්‍රමය මිනිසුන් සඳහා උපයෝගී කරගැනීම සපුරා තහනම්... මේ ලඟදී චීන විද්‍යාඥයෙක් පළමු වතාවට මානව කලලයක් වෙනස් කිරීමේ වරදට සිරගෙට නියමවුණා. සද්භාවයෙන් කළත් (මේ දරුවාට HIV නොවැළඳෙන විදිහට ඒ වයිරසය ක්‍රියාත්මක වීමට අවශ්‍ය එන්සයිමය ශ්‍රාවය නොවන විදිහට DNA ජාලයේ වෙනසක් කළා කළල අවධියේදීම) වැරැද්දට දඬුවම ලැබුණා. ස්වාභාවිකව ශාකවල මෙසේ වෙනස් පාට ඇතිවීමට බොහෝ විට බලපාන්නේ විකෘතීන් ඇතිවීමයි. මල්වල පැහැයට බලපාන ජානයක (DNA ජාලයේ කොටසක්) වෙනස්කමක් ඇතිවුනොත්, ඒ ගස පරම්පරාවෙන් ගෙනා මල්වල පැහැයට අමතරව තවත් පැහැයන් ඇතිවේ. මල්වල පාට ඇතිකරන වර්ණක කිහිපයක් තමයි ඇන්තොසයනින් (දම්පාට, නිල්පාට..) කැරොටින් (කහ, තැඹිලි ..පාට) ක්ලොරෝෆිල් (කොළ පාට).. ඉතින් පරම්පරාවෙන් ගෙනා මතකය ඇතිනිසා ඒක නටුවක ඇන්තොසයනින් නිසා පාරම්පරික දම්පාට මානෙල් මලක් පිපෙන අතරම විකෘතිය නිසා කැරෝටීන් වර්ණකය අඩංගු කහ පැහැති මලක් වෙනත් නටුවක පිපෙනවා. පුදුමයි නේද...?
මම ආසම කරන පුෂ්පයක් තමයි මානෙල් මල් කියන්නේ.. නැවත භවයක ඉපදීමක් තියෙනවා නම්, සම්මා සම්බුදු පියාණන්ට සදැහැවතෙකුගේ අතින් පුදන මලක් වී, එය පරවුණාට පසුව නැවත, නැවත එහි දිය පොකුණක මලක් වෙලා පිපෙන්නට තියෙනවා නම්... නිල් සහ කහ මානෙල් මල්වල අපූර්වතම සුන්දරත්වය විඳින්නට දෑසේ ඉඩ මදි.. සොබා දහමේ අපූර්වතම මැවීම පුදුම එළවන සුළුයි.
සොබාදම් මවගේ අපූරු සුන්දර අවස්ථාවක් ලෙස මේ දෙස බැලූවිට පෙනේ...! මාත් බොහෝ අවස්ථාවන්වලදී නිල් මානෙල් වල ඡායාරූප ගත්තත්, කහ මානෙල් මල් දැක නැහැ. දිවා කාලයේ පිපෙන නිසා මේවා කුමුදු වෙන්නත් බැහැ... මං හිතන්නේ මෙය නිල් මානෙල් වල කිසියම් ජානමය විපර්යාසයක් නිසා මේ ප්‍රභේදය හටගන්න ඇති කියා සිතෙනවා... කෙසේවුවත් මේ සුන්දර දර්ශනය ඉතා මනරම් ... මේ ස්වාමීන් වහන්සේලා සෙනෙහසින් කරුණාවෙන් මේ මල් ගස්වලට සාත්තු සප්පායම් කරන නිසා සොබාදහමේ මේ ප්රාතිහාර්යය සිදුවෙන්න ඇති..
මේ මල් කඩලා මහින්දට දෙන්න පූජා කරන්න...
විජිත් මහතාට ගොඩාක් ස්තූතියි නිවැරදිව උද්භිද විද්‍යාත්මකව කරුණු දැක්වූවාට...
හරිම ආසයි මේ දුර්ලභ කහපාට මානෙල් මල් දකින්න. ලෝකයේ පැරණිම ඉතිහාසයක් තියෙන මල් වර්ග වලින් එකක් වගේම ලෝකයේ වැඩිම වාරයක් පින්තූර අරන් තියෙන මල් වර්ග වලිනුත් එකක් විදිහට මානෙල් සලකනවා. එකම මානෙල් පැලෙන් පාට දෙකක මල් ආවේ කොහොමද කියන එකට හේතුව හාමුදුරුවන්ගේ නිරීක්ෂණය මත පිහිටලා පමණක් නිගමනය කරන්නත් පුළුවන්. ඒ කියන්නේ, "කහ මල් වෙත ආලෝකය ලැබීම අවහිර කර තිබියදී හැකිලෙන බවත්, නැවත ආලෝකය දුන් විට පෙති දිග හැරෙන බවත්" "නිල් මානෙල් එහෙම නොවෙන බවත්" හාමුදුරුවෝ නිරීක්ෂණය කරලා තියෙනවා. උද්භිද විද්‍යාඥයන් කියන විදිහට මානෙල් වර්ග දෙකක් තියෙනවා. එකක්, මුළු අවුරුද්ද පුරාම හිරු රශ්මිය ඇතුව හෝ නැතුව පවතින (මුල් වල රයිසොම් තියෙන හාඩි කියන) සුලභ වර්ගය සහ හිරු රශ්මිය නැතුව පරිසරය සිහිල් වුණු ගමන් පොහොට්ටුවක ආකාරයට පෙති හැකිලෙන (බල්බ වලින් හැදෙන ට්‍රොපිකල් කියන) විරල වර්ගය. නමුත් මේ දෙවර්ගය නිල් සහ කහ විදිහට එකම පැලෙන් එන්න නම් බැහැ. හාමුදුරුවෝ මේ නිල් මානෙල් අලය ගත්ත මව් ශාකය තිබ්බ පොකුණේ ට්‍රොපිකල් බල්බ වර්ගයේ කහ මානෙලුත් තිබිල තියෙනවා එකටම... සමහරවිට පසත් එක්ක ඇවිල්ලා ඇති. නමුත් කහ මානෙල් හරිම විරලයි.
ඉස්සෙල්ල ඉඩ මදිවුණා ලියන්න. කහ මානෙල් නිකනුත් විරලයි. හුඟක් තියෙන්නේ මුල් වලින් පැල හටගන්නා හාඩි කියන වර්ගය. හාමුදුරුවෝ කියන, හිරු රශ්මිය ආවරණය කළාම හැකිලෙන, බල්බ වලින් හට ගන්න ට්‍රොපිකල් වර්ගයේ කහ මානෙල් හුඟක් දුර්ලභයි මම දන්නා විදිහට. නිකම් කෝප්පයක් වගේ පෙති තියෙන කහමානෙල් නම් සාමන්‍ය වර්ගයක්. නමුත් මේ කහ මානෙල් නම් දෙමුහුම්කරණයට ලක්නොවුණු ස්වභාවික මානෙල් වර්ගයක්. මේ හාමුදුරුවන්ගේ පන්සලේ මාළු ටැංකියේ (පන්සලට අලංකාරයක් දෙන්න මාළු ඇති කරනවා කියන එක නම් මගේ ප්‍රතිපත්ති වලට විරුද්ධයි), නමුත් මේ පන්සලේ තියෙන කහ මානෙල් වර්ගය සංරක්ෂණය කලයුතු වටිනා මානෙල් වර්ගයක්.
මේකත් අර කැළණියේ නාග ලෝකෙන් ආපු නයා වගේද දන්නේ නැහැ.. තායිලන්තයේ තියෙනවා කහ මානෙල් වගේම මලක්... දැන් ගාඩ්න් සෙන්ටර්වල මේවායේ පැල තියෙනවා. දෙක එකට හිටවලා තිබුණාම එකම පැලේ වගේ පේන්නේ...
මෙවැනි මන බඳින දසුනකින් වසඟ නොවන්නේ කවුද? විශේෂයෙන් කාන්තාවන් මල්වලට කොහොමත් කැමතියිනේ... ඒත් ඇයි මට මේවා වලින් දෑස් ඉවතට ගන්න සිත නොදෙන්නේ? ආලෝකය අඩුවන විට හැකිලෙන කහ මල් මැද, ගාම්භීරව, නොසැලී ඉන්නා, නිල් මහනෙල් මලේ රහස කුමක්ද? ඇයි දෙදෙනෙක් ලංවෙලා... ඒ දෙන්නා අනිත් මල දිහා බලලා හිතනවා ඇත්තේ, ඔයා ලඟත් නිල් මානෙල් මලක් පිපුනොත්, අපේ සිරි නරඹන දනන් කෙතරම් ප්‍රීති ප්රමෝදයට පත් වෙනවා ඇද්ද කියලා වෙන්නැති. මට හිතෙන්නේ තව ගොඩාක් නිල් මානෙල් මල් පිපුනොත් හොඳයි කියලා. නිල් මානෙල් අඩුවෙලා, කහ මානෙල් වැඩි වුනොත් නිල් මානෙල් ගණන් උස්සයි. හරියට කාන්තාවෝ වැඩි වෙලා, පිරිමි උදවිය අඩුවුණා වගේ... මෙයාලා දිහා බලාගෙන ඉන්න කොට මගේ හිතට නැඟුණ චූටි අදහසකි මේ. ඩිස්ලයික් දමන මිතුරනේ, ඔබලා කෙතරම් ඩිස්ලයික් දැම්මත්, මේ පුංචි විලේ මානෙල් මල් පිපෙන එක කාටවත්ම නවත්වන්න බැරි වෙයි.
මානෙල් මල් බලපු සතුට සැනෙකින් බොඳවී ගියා, මෙහි කොමන්ට් වලට දාලා තියෙන නෙගටිව් කොමන්ට් දැක්කහම.. දේශපාලන කොමන්ට්වලට තමයි මෙහෙම දැකලා තියෙන්නේ... පුදුම පිස්සන් වගයක් ඉන්නේ... ඉස්සර මේ පිටුව කොච්චර ලස්සනද? විජිත් මහත්තයෝ, මීට පෙර මෙහෙම දැකලා තියෙනවද? මොනවා බෙදාගන්න බැරිවද අප්පා?
මගෙ පන්සලේ පිපි මල් දෙකකි. මම කිසිඳු බෙහෙතක් දමා නැත. වසර දෙක හමාරකට කලින් තිබුනේ මෙම පැලේ වෙනත් පන්සලක සිටවූ දා සිට පිපුනේ නිල් මානෙල් පමණයි. මා උපසම්පදා වෙලා හරියටම වසර 1ක් වනදිනට තමයි ප්‍රථම කහපාට මල පිපුනේ.. මට හරි පුදුමයි. මම අහලා තියෙනවා නුවරඑළිය ප්‍රදේශයේ ග්‍රෙගරි වැවේ ලා කහපාට මල් තියෙනවා කියලා.. ඒත් මේ මල තද කහපාට අපි අහලා තියෙනවා.. බෙහෙතේ ගැහුවම මලේ පාට වෙනස් වෙනවා කියලා ඒත් කිසිඳු බෙහෙතක් නොදා කොහොමද මේක වුනේ මම දමා තියෙන්නේ වැව් මඩ... වැලි. මැටල් මෙම එකතුවක් බෙහෙත් නොදා පිපුණොත් මෙහෙම මලක් මටත් කියන්න. සම්බුදු සරණයි...
හරිම ලස්සනයි.
මේ සුන්දර දසුනට මුල්වුණු ලස්සන මානෙල් මල් දැක්කම මට අමරදේව මහත්මයාගේ ගීතයක් ..මගේ හිත මුමුණනවා. මඩවල එස්. රත්නායක මහත්මයාගේ සුන්දර සංකල්පනාවක්. ජීවිතයේ අනියත බව කියන්න මේ ගීතයටත් වඩා තවත් දෙයක් අවශ්‍යද..? නිල්මානෙල් මල් පිපුණා.. නෙත් සැදුණා... ඒ නළල ඇගේ අඬසඳ වාගේ මිහිර නොවේද? හදවත කාගේ මුතු ඇටවන් දත් පෙළ සුදිළේ සිනහ නැඟේ... දත්වල කැල්මේ ඇයගේ දෙපා ළඟ මහද තැවේ. එපමණි මා ලද එකම සුවේ...,
මානෙල් තාම කහපාට එන්න පටන්ගත්තේ නැහැ.. හරියට.. ඡන්දෙන් පස්සේ බලන්නකෝ... දැක්කාද මහබැංකුවේ මානෙල් ටික ගෙන්වලා කහපාට කරපු හැටි...
අනුන්ගේ ඉඩම්වල වැවෙන ගහකොළ නේ...
කහ මානෙල් විශේෂයක් ගෙවතු පොකුණුවල දැන් තියෙනවා.
අනුරාධපුර තියෙන මගේ ගෙදර තියෙන පොකුණේ තුන්පාරක් කහමානෙල් මල් පිපුණා. මටත් පුදුම හිතුණා. ඒවා පිපෙන්නේ ගොඩ කාලයකට සැරයක්... මම ඒ මල් ශ්‍රී මහා බෝධියට පූජාකළා. මල්වල පින්තූර මගෙ ළඟ තියෙනවා... හරිම ලස්සනයි..
බෙහෙත් වලින් මල්වල පාටයි අද අරගන්නේ.. තම සිත සත්‍ය කිසිවිටෙක නැත නොපෙනෙන්නේ... සැමවිට සැම දෙය උඩුයටිකුරු වන්නේ කිසි දවසක මම මල්වලට බෙහෙත් දමන්නේ නැත... අධර්මය දැන් දැන් කල එළි වන්නේ කල්ප විනාශයටයි. දැන් දැන් එක් වන්නේ යහපත් සිරිත් ගුණ දම් මිනිසුන් තුළ නැති වන්නේ ස්වභාවික කහ මානෙල් මලෙන් අද පෙන්වන්නේ..
හගේ පොකුණේ පිපුණු කහ මානෙල් වලටත් කිසිම බෙහෙතක් භාවිතා කර නොමැත. මට පුළුවන් වුණු වෙලාවක පන්සටම එන්නම් හාමුදුරුවෝ හමුවෙන්න.
සැබවින්ම මෙය අපූරු වාසනාවන්ත දර්ශනයක්. මෙයින් කියැවෙන්නේ නුදුරේදීම පොහොට්ටුව දෙකට කැඩෙන බවයි. රටේත්, ජනතාවගේත් සියළු මහජන දේපළ වලත් වාසනාව...!
අසිරිමත් දෙයක්...
අසිරිමත් දෙයක් .......