(ජයරත්න වික්‍රමාරච්චි)
දැඩි නියඟය හේතුවෙන් කරුවලගස්වැව ප්‍රදේශයේ පීඩාවට පත් වී සිටින වන සතුන් අතරින් තබ්බෝව රක්ෂිතයට යන එන මඟක අසරණ වී සිටි පිඹුරෙකු අල්ලා නිවසට රැගෙන විත් දින 8ක් කවා පොවා රැක බලාගෙන රක්ෂිතයටම මුදා හැරීම සඳහා වනජීවී නිලධාරින්ට බාරදීමට කරුවලගස්වැව ඉහළපුලියන්කුලම, මහගම පදිංචි තරුණයකු කටයුතු කළේය.


COMMENTS
ඔබ ජාති ජාතිත් පින් ලබන අති උතුම් පින්කමක් කර ගත්තේ, ඒ අහිංසක සතා කළගුණ දත් නිසයි ඔබට කරදරයක් නොකළේ, සමහර මිනින්සුන් කළගුණ අමතක කරනවා, එත් සතුන් එය හැමදාමත් මතක තියා ගන්නවා. ඔබට මගේ ප්‍රණාමය
අති ශ්‍රේෂ්ට ක්‍රියාවක්.
මහඟු සේවයක් ඔය තරුණයා කරේ.
ඔබ විසින් කරන ලද්දේ විශාල පිනකි. හැම ජිවියකුටම ජීවත්වීමේදී බලපාන නියගය නිසා පිඩාවට පත්වන අතර මෙම සත්වයාද එලෙසම පීඩාවිදි සතෙකි.
මෙයාගේ නම මොකක්ද ?
මේ දරුවගෙ නම සුපුන් මධුසංක... පදිංචිය කරුවලගස්වැව, ඉහළපුලියන්කුලම
නියම කොල්ලෙක්... තමයි.
ඉස්සෙල්ලම පින් දෙන්න ඕනෑ... මේ දරුවාව මේ ලෝකයට බිහිකළ සත් ගුණවත් දෙමාපියන්ට. තමන්ගේ පපුව තුල කොතරම් දයාවක්, කරුණාවක් බියකරු වන සතුන්ට පවා තිබෙන බව මේ තරුණයා පසක් කළා. හැම තරුණයෙක්ම මෙය ආදර්ශයට ගන්න.
ඔබට පිං. පිඹුරා රැකබලා ගැනීම වෙනුවෙන් ආහාරයට දුන්න අනෙක් සතුන්ට නම් පව්....
මොන බොරුවක්ද කොගේ තිබෙන පින්ද? ඉස්සර කියන්නේ "විෂඝෝර සර්පයා දුටු නෑර මෝඩයා" කියලයි. ගමේ අහිංසක මිනිස්සුන්ගේ කුකුල්ලු කන්නේ මෙයානේ.
මිහිමතේ තුඹසය... තුඹස තුල නාගයා විෂඝෝර සර්පයා දැක නර මෝඩයා.... මේ කවියේ තේරුම හරිහැටි නොදන්නා ඔබ මෝඩයි. කුමාර මේකේ කියන්නේ මිනිස් හිත ගැන හිත දමනය කරගෙන නිවනට යන්න කියලා.
තිරිසන්නු වගේ අහිංසක සත්තු මරාගෙන කන මෙි කාලෙ මෙි තරැණයා රටෙි තරැණයින්ට ආදර්ශයක්.හැදූ දෙමාපියන්ට ආඩමිබරයක්, ලොකු දානමාන දෙන්ඩ ඔින නෑ, තවතවත් මෙිවගේ පින්කමි කරන්ට ධෛර්යය ශක්ති ඔබට ලැබෙිවා!!!!
ඔබ කර ඇත්තේ ඉතා වටිනා ක්‍රියාවක්. අපි ගොඩාක් අගය කරනවා. මේ වගේ හොඳ වැඩ තේරුම් ගන්න බැරි ඇතැම් මෝඩයෝත් මේකට අදහස් දානවා. අපි ඒ අය ගැන අනුකම්පා කරනවා.
හොඳයි නියමයිනේ...
මහගු සේවයක් ඔබට පිං