(රොමේෂ් මධුෂංඛ)
යාපනය නාගවිහාරයේ විහාරාධිපති උතුරු පළාත් ප්‍රධාන සංඝනායක මීගහජඳුරේ ඥානරතන නාහිමිපානනන්ගේ ආදාහන පූජෝත්සවය යාපනය මුත්තවේලී ක්‍රීඩාංගනයේදී රාජ්‍ය ගෞරව සහිතව අද (22) සිදු වෙයි.
යාපනය වීරසිංහම් ශාලාව ඉදිරිපිට ඇති මුත්තවේලී ක්‍රීඩාංගනයේදී ඉදිකොට ඇති ආදාහනාගාරයේදී යාපනය නාගවිහාරාධිපති නාහිමියන්ගේ අවසන් කටයුතු සිදු කිරීමට අවශ්‍ය සියල්ලක්ම යුද හමුදාව හා උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය මගින් සිදු කොට ඇත.
පසුගිය 19 වනදා නාගවිහාරාධිපති හිමියන් රෝගාතුරව සිටියදී අපවත් විය.
නාගාවිහාරාධීපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ්කුරේ, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජනරාල් මහේෂ් සේනානායක යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි,උතුරු පලාත් නියෝජ්‍ය පොලිස්පති රෝෂාන් ප්‍රනාන්දු ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙන්ම ආරක්ෂක අංශ මෙන්ම සාමාන්‍ය වැසියන් විශාල පිරිසක්ද සහභාගී වී සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේට නිවන් සුව අපේ හාමුදුරුවනේ...
කෝ එතකොට ද්‍රවිඩ දේශපාලකයෝ... සහජීවනය කියන්නේ මේකටද? නාහිමිපාණන්ට අමා මහ නිවන් සුව.... !!!