IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


දළදා මාලිගය ලොව ප්‍රථම හරිත පුණ්‍ය භූමිය වෙයි

(චමිල් රුපසිංහ)

ලොව ප්‍රථම හරිත පුණ්‍ය භුමිය ලෙස මහනුවර ශ්‍රී දළදා මාළිගාව නම් කිරීම අද (14) පෙරවරුවේදී දළදා මාළිගා පරිශ්‍රයේදි සිදු කෙරිණි.

අද සිට මාළිගාවට ගෙන එන ප්ලාස්ටික් මල් වට්ටි වෙනුවට මාළිගා පරිශ්‍රයට ඇතුළු  වීමේදි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි මල්වට්ටියක් ලබා දිම සිදු කෙරෙන අතර දළදා මාළිගාවේ ඇති කසල දමන බඳුන් සියල්ලම දේශිය අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කර තිබිම විශේෂත්වයකි.

දිනකට අපද්‍රව්‍ය ටොන් 3 ක් පමණ දළදා මාළිගා වේ එකතුවෙන බවත් දළාදා මාලිගා පරිශ්‍රයට අද   සිට පොලිතින් ප්ලාස්ටික් ගෙන ඒම තහනම් වන බවත් දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දැල මහතා පැවැසිය.

පරිසරයට හිතකර ප්‍රතිචක්‍රීකරණය කළ හැකි මල් වට්ටි හා බෝතල් සඳහා පමණක් රැගෙන එන ලෙසද දියවඩන නිලමේවරයා කියා සිටියේය.

මෙම වැඩසටහනේ නිර්මාතෘ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ද අද එහි පැමිණ සිටියේය.

 



අදහස් (6)

දළදා මාලිගය ලොව ප්‍රථම හරිත පුණ්‍ය භූමිය වෙයි

lalith Friday, 14 July 2017 02:12 PM

එකම පාසලක්වත්, එකම අපනයන කම්හලක්වත්, එකම රෝහලක්වත්, එකම නිවාස යෝජනා ක්‍රමයක්වත්, එකම විශ්ව විද්‍යාලයක්වත් අලුතින් නොහදපු මේ අය සිංහල රජකාලේ හදපුවට අලුතින් නම් දමමින්, එ්වට උත්සව පවත්වමින් ජනතා මුදල් කාබාසිනියා කරනවා.

:       2356       1577

DhanushkaSunday, 16 July 2017 08:08 AM

ලංකාවේ නෙවේද ඉන්නේ?

:       0       0

shyamali Saturday, 15 July 2017 05:31 AM

කවුරු කළා වුණත් හොඳ දේවල් අගය කළ යුතුයි. මොකද දළදා මාලිගාව කියන්නේ අපේ උරුමයක්... එය අපි රැක ගත යුතුයි. මෙවෙනි හොද දේවල් තව තවත් කරන්න, අපේ දේවල් රැක දෙන්න ආණ්ඩුවක් විදියට, අපි එවැනි දේවල් බලාපොරොත්තුවෙන් තමයි, නියෝජිතයෝ පත් කලේ.

:       4       178

menna Saturday, 15 July 2017 10:32 AM

හතර වටේ තියෙන කුණු වලට පිළියමක් හොයාගන්න බැරිව, බොරුවට දළදා මාලිගය ලොව ප්‍රථම හරිත පුණ්‍ය භූමිය කියලා දාගෙන. පරිසරයට හිතකාමී පුණ්‍ය භුමි මම මීට කලින් දැකල තියෙනවා. ඒ රටවල මුළු පරිසරයම දැකුම්කලුයි.

:       50       4

mennaSunday, 16 July 2017 10:42 AM

මිනිසුන්ගේ අකල්ප වල වෙනසක් ඇතිකිරීමට කටයුතු කරන්න.

:       0       1

බණ්ඩාර-කැකිරාව Saturday, 15 July 2017 10:36 AM

මෙන්න හොඳ ආදර්ශමත් ව්‍යාපෘතියක්... මෙම සංකල්පය හැම ආගමික ස්තානයකටම යොදාගත හැක. මේවගේ දේවල් පටන් අරගෙන විතරක් මදි. අඛණ්ඩව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් යටිතල පහසුකම් සපයන්න. වේවැල්, වට්ටි වගේම, තල්කොළ සහ පොල්කොළ වලින් සාදාගන්න මල්වට්ටි ජනතව අතර ප්‍රචලිත කිරීම සඳහා කුඩා කර්මන්තකරුවන් (දෙශීය කර්මාන්තය) දිරිගන්වන්න .

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 587 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 809 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 341 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site